නෙස්කැෆෙ සහ මැගී සන්නාම කෙරෙහි ඇති ජනතා ආදරය 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී නැවත වරක් තහවුරු වෙයි…

නෙස්ලේ ලංකා සමාගමට අයත් මෙරට ජනප්‍රිය සන්නාම දෙකක් පසුගියදා පැවැති 2023 ස්ලිම්-කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයක් දිනාගැනීමට සමත් විය.

අඛණ්ඩව දෙවැනි වසරටත් නෙස්කැෆෙ සහ මැගී, පිළිවෙළින් වසරේ උණුසුම් පාන සන්නාමය සඳහාවන සම්මානය ද, වසරේ ස්නැක් සන්නාමය සඳහාවන සම ජයග්‍රහණය ද දිනාගත්හ. එමෙන්ම වසරේ කුළුබඩු සන්නාමය ලෙස ද සම ජයග්‍රහණයකින් පිදුම් ලැබීමට මැගී සමත් විය. අඛණ්ඩව 17 වැනි වරටත් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (ස්ලිම්) විසින් සංවිධානය කරන ලද මෙම ජනතා සම්මාන උළෙල, ශ්‍රී ලාංකික ජන හදවත්වලට සමීප සන්නාම සහ පුද්ගලයන්ට බුහුමන් දක්වන මෙරට වඩාත්ම සම්භාවනීය සම්මාන උළෙලක් ලෙස පිළිගැනේ.

100% පිරිසුදු කෝපි ඇටවල යහගුණය අඩංගු වූ නෙස්කැෆෙ, ඊටම ආවේණික සුවිශේෂ සුවඳ සහ උසස් රසය නිසාවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ ජනාදරයට පාත්‍ර වූ පානයක් වන අතර, පාරිභෝගිකයන් දවස පුරා ප්‍රබෝධමත්ව තබයි. උසස්ම අමුද්‍රව්‍ය යොදාගනිමින් ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කරනු ලබන මැගී යනු වසර 30කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම සන්නාමයකි. මැගී සන්නාමය යටතේ නූඩ්ල්ස් මෙන්ම පිටිකළ පොල්කිරි සහ කුළුබඩු නිෂ්පාදන පෙළක් ඇති අතර, පාරිභෝගිකයින්ට විවිධත්වයකින් යුතුව ඉවුම් පිහුම් සිදුකිරීමට ඉන් මනා සහායක් හිමිවේ.

Exit mobile version