සම්පත් කාඩ්පත් හිමියන්ට ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් වෙනුවෙන් 60%ක් දක්වා අසමසම වට්ටම්!
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් මගින් සිදු කරන ගනුදෙනු සඳහා අසමසම වට්ටම් හා ප්‍රතිලාභ ලබාදීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත්තේ මේ උත්සව සමයේ තම වටිනා ගනුදෙනුකරුවන් අගය කරනු වස් මාර්තු හා අප්‍රේල් මාසයන්හිදී අලෙවිසල් හා අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මිලදීගැනීම් සඳහා 60%ක් දක්වා වට්ටම් හිමිකර දෙමිනි.
ඇඳුම් පැලඳුම්, තෑගි භාණ්ඩ, සෞඛ්‍යාරක්ෂණ හා අධ්‍යාපන, විදුලි හා ගෘහ භාණ්ඩ, ස්වරණාභරණ, ආහාර පාන හා අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම කාඩ්පත් හිමියන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සඳහා වන විවිධ භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේදී මෙම ප්‍රතිලාභ ලබාදීමට සම්පත් කාඩ්ස් ඉදිරිපත්ව ඇත.
එහිදී ඇඳුම් පැලඳුම් සඳහා 35%ක් දක්වාද, පාවහන් සඳහා 20% දක්වාද වට්ටම් හිමිකරගත හැකි අතර ඇස්කණ්ණාඩි හා අව්කණ්ණාඩි සඳහා 30%ක් දක්වා වට්ටම් ලබාගත හැකි වේ. තවද ළමා ඇඳුම් සහ උපකරණ වෙනුවෙන් 20%ක වට්ටමක්ද, ස්වරණාභරණ වෙනුවෙන් 60%ක් දක්වා ද වට්ටම් හිමිකර ගැනීමේ අවකාශ සම්පත්ු කාඩ්පත් හිමියන් වෙත උදා වේ.
තෑගි භාණ්ඩ මිලදී ගැනීමේදී සම්පත් කාඩ්පත් හිමියන් හට 40%ක් දක්වා වට්ටම් හිමි කරගත හැකි අතරම විදුලි හා ගෘහ උපකරණ මාස 40 දක්වා පහසු ගෙවීමේ සැලසුම් යටතේ පොලී රහිතව මිලදී ගැනීමේ සුවිශේෂ අවස්ථාවද උදාවේ.











