ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකක් වන Mahindra IDEAL Finance හි නවතම ශාඛාව පසුගියදා ගාල්ල නගරයේදී විවෘත විය. විශේෂයෙන්ම ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශවල වෙසෙන ජනතාවට මූල්‍ය සේවාවන් ලබාදීම සඳහා තම ශාඛා ජාලය දිවයින පුරාම ව්‍යාප්ත කිරීමට Mahindra IDEAL Finance සමාගම පියවර ගෙන ඇති අතර, එහි එක් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කරන ලදී. Mahindra IDEAL Finance සමාගමේ 19 වන ශාඛාව වන මෙම ගාල්ල ශාඛාව අංක 18, පල්ලිය පාර, මහ වීදිය, ගාල්ල යන ස්ථානයෙහි පිහිටා තිබේ. එය විවෘත කිරීම වෙනුවෙන් පැවති විශේෂ උත්සවයට Mahindra IDEAL Finance සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සම්භාවනීය අමුත්තන් සහ තෝරාගත් ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.
ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අමතරව Mahindra IDEAL Finance සමාගම සිය කාර්ය මණ්ඩලයට තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීම සඳහා අවස්ථා රාශියක්ද උදාකර දෙයි.