අතිනවීන තාක්ෂණයෙන් සමන්විත, ශ්‍රී ලාංකිකයන් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් වෙළෙඳපොළට හඳුන්වාදී ඇත.
මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැස්වීම්/සම්මන්ත්රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මූලික අරමුණයි.
සිංගර්, දැනට ලොව නවීනතම LED තිර නිෂ්පාදනය කරන Skyworth සමාගමේ ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් හඳුන්වාදී ඇත. පරිගණකය, රූපවාහිනිය, ප්‍රොජෙක්ටරය සහ වයිට්බෝඩ් සතු සියලු විශේෂාංගවලින් සමන්විත වන ලෙස මෙම ස්මාර්ට්බෝඩ් නිර්මාණය කර ඇත.
කාර්යයන් කිහිපයක් එකවර කරගත හැකි මෙම ස්මාර්ට්බෝඩ් වර්තමාන ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා පවතින හොඳම විකල්පයයි.
නවීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑම ඉගෙනුම් පරිසරයකට සරිලන ලෙස නිර්මාණය කර ඇති ස්මාර්ට්බෝඩ් මගින් දෙපාර්ශ්වය කිසිදු බාධාවකින් තොරව ඉතාමත් පහසුවෙන් සම්බන්ධ කරවන අතර ඉගෙනුම් අත්දැකීම් වඩාත් අර්ථවත්ව හා ඵලදායී ලෙස සිදුකරයි. පරිගණකයක් සහ ප්‍රොජෙක්ටරයක් ලෙස භාවිත කිරීමේ හැකියාව සහ අවශ්‍ය ස්ථානයට රැගෙන යාමේ පහසුවද ස්මාර්ට්බෝඩ් සතුය.











