ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොළඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගියදා සිදුකෙරිණි.
එහිදී Noradrenaline Vials, CRRT කට්ටල, සංවේදක කාඩ්පත් (Sensor Cards), නාසෝගාසටි්‍රක් ටියුබ (Nasogastric Tubes), මුත්‍රා කැතීටර (Urinary Catheters), නිර්ජීවාණු ශල්‍ය අත්වැසුම් (Sterile Surgical Gloves) සහ චූෂණ උපකරණ (Suction Jars) ඇතුළු උපකරණ හා ඖෂධ රැසක් සැපයීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කෙරුණු අතර, ඒ වෙනුවෙන් පසුගියදා පැවැත්වුණු චාම් උත්සවයේදී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් විසින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ඩිල්ෂාන් ප්‍රියංකර, වෛද්‍ය සජීවක හා හෙද ප්‍රධානී ශිරෝමිනී යන මහත්ම මහත්මීන් වෙත අදාළ වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගය නිල වශයෙන් භාරදීම සිදුකෙරිණි. මෙම වැඩසටහන මගින් කොළඹ ජාතික රෝහලේ, වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම INSEE සිමෙන්ති සමාගමේ අරමුණයි.











