“මම අවුරුදු දහයකට විතර කලින් මෙතැන පුංචිවට තේ කඩයක් පටන් ගත්තා. ඒත් අවුරුදු කීපයක් කරගෙන යද්දි මට හිතුණා මේක තව ටිකක් ලොකු කර ගත්තොත් හොඳයි කියලා. ඒ ගැන හිතමින් ඉද්දි මට HNB FINANCE සමාගම ගැන යාළුවෙකු මාර්ගයෙන් දැනගන්න ලැබුණා. ව්‍යාපාරිකයකුට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ණය මුදලක් ගන්න ඊට වැඩිය තැනක් නෑ කියන එක තමයි යාළුවගේ අදහස වුණේ. ඒ ගැන විපරම් කරලා මීට අවුරුදු හය හතකට කලින් HNB FINANCE සමාගමේ නිලධාරී මහත්තුරු හමුවුණා. ඒ අනුව මම මගේ කඩේ වැඩිදියුණු කරගන්නට අවශ්‍ය ණය මුදල HNB FINANCE සමාගමෙන් ලබාගත්තා. එදා ඇරඹුණු ඒ ගනුදෙනුව ඉන්පස්සෙ මගෙ එකම මූල්‍ය සහකරුවා බවට HNB FINANCE සමාගම පත්වෙන තරමටම වැඩිදියුණු වුණා. එදා ඒ ඇරඹුණු සම්බන්ධයේ ප්‍රතිඵලය තමයි මේ කඩයයි හෝටලයයි. ඉන් පස්සෙ කීප වතාවක් මගේ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා HNB FINANCE සමාගමෙන් ණය ලබාගත්තා. මගේ නිවෙස ඒ වෙනකොට තිබුණේ ඉතා කුඩාවට. මට ඕන වුණා අලුතින් දෙමහල් නිවෙසක් ඉදිකරන්න. ඒ කටයුත්තේදීත් මම සහාය පැතුවේ HNB FINANCE සමාගමෙන්. ණය මුදල්වල වාරික ගෙවීමේදී පවා අපිට එම ආයතනයට ගිහිල්ලා රස්තියාදු වෙන්න අවශ්‍යතාවක් නැහැ. එහි නිලධාරි මහත්තුරු අපි ළඟටම ඇවිල්ලා අදාළ වාරික කලට වේලාවට ලබාගන්නවා. මේ නිසා මගේ හිතවතුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා HNB FINANCE සමාගම හඳුන්වා දෙන්න මම පැකිලෙන්නේ නෑ…”











