HNB ජම්බෝ සිඟිති වෙතින් ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි රැසක්…

ඉතිරිකිරීමේ පුරුද්ද ඇති කරගත යුත්තේ ළමා වියේදීමය. එහි පූර්ණ වගකීම පැවරෙන්නේ දෙමවුපියන්ට වන අතර, වයසින් වැඩෙත්ම දරුවන් ඒ වෙත ක්‍රමානුකූලව හැඩගැසෙන බව පැවසුවහෝත එය නිවැරැදිය. සිය පාරිභෝගිකයන් වෙත සුවිශේෂ සේවාවන් රැසක් ලබාදෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට දරු දැරියන් තුළ ඉතිරි කිරීමේ පුරුද්ද ඇතිකිරීම උදෙසා සෑම වසරකදීම දරුවන් සඳහාම වෙන් වූ විවිධ වැඩසටහන් දියත් කරයි. ඊට සමගාමීව එළඹෙන අලුත් අවුරුදු සමයේදී සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් ‘සිඟිති ජම්බෝ’ අවුරුදු වැඩසටහන නැවතත් දියත් කිරීමට හැටන් නැෂනල් බැංකුව විසින් පියවර ගනු ලැබුවේ ඔවුන් වෙත ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනාගැනීමේ අවස්ථාවද හිමිකර දෙමිනි. ඒ අනුව 2023 මාර්තු 16 වැනි දින සිට අප්‍රේල් 28 වැනි දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් වයස අවුරුදු 16ට අඩු සියලු HNB සිඟිති ළමා ගිණුම් හිමියන වෙත වටිනා ත්‍යාග සහ සුවිශේෂ ප්‍රතිලාභ රැසක් ලබාදීමට කටයුතු කරයි.

මීට අමතරව HNB සිඟිති ගිණුම් හිමි දූදරුවන් වෙත ගිණුමේ ශේෂය මත වසර මුළුල්ලේම ත්‍යාග හිමිකර දෙන සුවිශේෂ ත්‍යාග ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර, ඊට සමගාමීව ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත සුවිශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දීමටද හැටන් නැෂනල් බැංකුව කටයුතු කර ඇත. එම රක්ෂණාවරණය HNB සිඟිති හා HNB Teen ගිණුම් හිමි දරුවන්ගේ දෙමාපියන් විසින් ලබාදෙන ස්ථාවර නියෝග මත ක්‍රියාත්මක වේ. මෙම රක්ෂණ පහසුකම බැංකුව විසින් නොමිලේ ලබාදෙන අතර, දෙමාපියන්ගේ ස්වභාවික හෝ හදිසි මරණයකදී ගිණුමට අදාළ මාසික ස්ථාවර නියෝගය (රු. 1,000 සිට 25,000 දක්වා ස්ථාවර නියෝග සඳහා ) දරුවාට අවුරුදු 18ක් වන තෙක් අඛණ්ඩව ලබාදීමටද හැටන් නැෂනල් බැංකුව කටයුතු කරයි.

Exit mobile version