2021 වසර මෑත අතීතයේ ජාත්‍යන්තර සහ දේශීය වෙළඳපළවල් අත් නුදුටු අභියෝග රැසක් කැඳවීය. තමන්ගේ සුපුරුදු ක්‍රියාකලාප හා ක්‍රමවේද තවත් එලෙසම පවත්වා ගැනීමට නොහැකිවූ එවන් පරිසරයක තම ව්‍යාපාර කටයුතු හා සේවාලාභී ගනුදෙනු පවත්වා ගැනීමටත්, නව මානයකින් සිතීමටත්, නව ක්‍රියාවලින් හා විසඳුම් හඳුන්වා දීමටත් සෑම ක්ෂේත්‍රයකම ආයතන හට සිදු වූ අතර, මෙය මූල්‍ය ක්ෂේත්‍රයට බලපෑවේ දැඩි ලෙසයි. එබැවින් මෙවන් පසුබිමක තම ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාව පුරා තම ආයතනික මෙහෙවර ඉටු කරන, ශීඝ්‍රයෙන් වර්ධනය වන්නා වූ, නව්‍යකරණයේ පුරෝගාමියකු වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) මෑතක දී සිය අදහස් ඉදිරිපත් කරන ලදී.
HNBGI සමාගමේ සහ එහි මව් සමාගම වන HNB ඇෂුවරන්ස් PLC (HNBA) හි ප්‍රධාන විධායක නිලධාරි වූ ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා තම අදහස් මෙසේ ප්‍රකාශ කළේය. “2020 වසරේ සියලු දෙනාගේ අවධානය යොමු වූයේ නව යථාර්ථයක් තුළ අදහා ගත නොහැකි ලෙස වෙනස් වූ ඉල්ලුරෑම් හා සැපයුම් සාධක මෙන්ම පාරිභෝගික අවශ්‍යතාවයන් පිළිබඳවත් ඒවා සඳහා සාර්ථක විසඳුම් සලසා දීම පිළිබඳවත්ය. ශ්‍රී ලංකාවේ පුරෝගාමී ආයතනික පුරවැසියෙකු ලෙස ්‍යභඊඨෂ තම මෙහෙයුම් සාර්ථක ලෙස නව්‍යකරණය කිරීමෙන් සේවාලාභී අපේක්ෂාවන් අභිබවන විශිෂ්ට සේවාවක් සැලසීමට අපට හැකිවිය.











