නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්රතිලාභ ලබාදෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100%ක් ස්වභාවික හෙළ ඔසු සාරය, ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ. සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය (ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු භාවිත කර නිපදවා ඇත. ආයුර්වේද විශේෂඥයන්ගේ අනුමැතිය සහිත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරන සම්පූර්ණ හෙළ ඔසු පෞද්ගලික සත්කාරක නිපැයුම් පෙළක් ලෙස හඳුන්වා දිය හැකිය.
වර්තමාන පාරිභෝගික ජනතාව පවුලේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන බව සහ ඔවුන් තමා මිලදී ගැනීමට තෝරාගන්නා නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මක බව පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන බව විවිධ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. එමෙන්ම වර්තමාන පාරිභෝගිකයින් හෙළ ඔසු අඩංගු ආයුර්වේද නිෂ්පාදන කෙරෙහි ඉහළ විශ්වාසයක් තබා ඇති බවද එම සමීක්ෂණවලින් අනාවරණ වී ඇති කරුණකි. කාර්යබහුල ජීවන රටාව නිසා වත්මන් පවුල් සංස්ථාව තුළ අසමතුලිත සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, හෙළ ඔසු අවශ්‍යතාව කෙතරම් තදින් දැනුණ ද, වර්තමාන ජනතාව තුළ හෙළ ඔසු පිළිබඳ පවතින අවම දැනුම සහ ඒවා සොයාගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් වී ඇත. එය හොඳින් අවබෝධ කරගත් හේමාස් ආයතනය ප්‍රාසාර නිපැයුම් පෙළ හඳුන්වා දීමට කටයුතු කළේ ඊට විසඳුමක් ලෙසිණි.