HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වෙයි…

මෙරට තුළ පවතින සුවිසල් අවස්ථාව පිළිබඳ සිය විශ්වාසය තහවුරු කරයි

HEINEKEN හි ආසියානු පැසිෆික් කලාපයේ කළමනාකාර අධ්‍යක්ෂ උදය සිංහ මහතා පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක් වූයේ HEINEKEN Lanka ඉතිහාසයේ තවත් සුවිශේෂ අවස්ථාවක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාව හා ආසියානු පැසිෆික් කලාපය තුළ HEINEKEN සන්නාමය තව දුරටත් නඟාසිටුවීම වෙනුවෙන් මෙරට කාර්යමණ්ඩලය හා අනෙකුත් හවුල්කරුවන් සමග සම්බන්ධ වීම උදය සිංහ මහතාගේ මෙම සංචාරයේ අරමුණ විය. Heineken®, උසස් තත්වයේ මෝල්ට්, ජලය, බීර මල් සහ A – ඊස්ට් යොදා ගනිමින් ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන එකම බියර් සන්නාමයයි. 2021 වසරේදී මෙරට Heineken® නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමෙන් පසු සිංහ මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය ලෙසද මෙය සඳහන් කළ හැකිය.

ඉන්දියාවේ ඉහළින්ම පිළිගනු ලබන බර්ලා තාක්ෂණික ආයතනය පිරිනමන ලද වෘත්තීය ඉංජිනේරු උපාධියකට හිමිකම් කියන සිංහ මහතා මේ වන විට සිංගප්පූරුවේ පදිංචිව සිටී. ඒ මහතා Xavier School of Managementහි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමිකරගෙන ඇත. 2021 වසරේ සිට HEINEKEN Asia Pacificහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සිංහ මහතා ඉන්දුනීසියාව, පිලිපීනය, නවසීලන්තය, කාම්බෝජය, නව කැලිඩෝනියාව, ඕස්ටේ්‍රලියාව, ශ්‍රී ලංකාව හා දකුණු පැසිෆික් කලාපයේ බීර නිෂ්පාදනාගාර ඇතුළු HEINEKENහි මෙහෙයුම් සමාගම්වල වර්ධනය සහ සංවර්ධන පිළිබඳ අධීක්ෂණ කටයුතු භාරව කටයුතු කරනු ලබයි.

Exit mobile version