මේ දිනවල විටින් විට ඇදහැළෙන නිරිතදිග වැසි සහිත කාලගුණ තත්ත්වය 20-25 අතර කාලය තුළදී අඩුවීමක් දක්නට ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම කාලසීමාව තුළ සුළු වශයෙන් වැසි ඇතිවිය හැකි බවයි ඔහු පවසන්නේ.
අනෙකුත් ප්රදේශවලටද වර්ෂාවේ අඩුවක් ඇතිවන බවද කාලගුණ අනාවැකිවල සඳහන්ය.
මේ අතර, කාලගුණික තත්ත්වයන් වෙනස් වී වර්ෂාව පිළිබඳ පැය එකහමාරකට පෙර වැසි ප්‍රමාණයන් නිර්ණය කළ හැකි නවතම ඩොප්ලර් රේඩාර් කාලගුණ අනාවැකි යන්ත්‍රය ලබන මාසයේ ජපානයේ සිට මෙරටට ගෙන ඒමට නියමිතය.
ඊට අදාළ ගිවිසුම් අස්සන් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ලබන මාසයේ ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.
ප්‍රේමලාල් විජේරත්න