DFCC බැංකුව සහ CDB, විදේශ මුදල් ප්‍රේෂණ සේවාවන් පුළුල් කිරීම සඳහා හවුල්කාරීත්වයකට එළඹෙයි…

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ බැංකුවක් මෙන්ම විදේශ මුදල් සේවාවන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකරන බැංකුවක් වන DFCC බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතන හතරෙන් එකක් වන සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC – CDB) සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය.

ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අභ්‍යන්තර ප්‍රේෂණ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. ඒ අනුව CDB සමාගම, DFCC බැංකුව මගින් හඳුන්වා දෙන ලද පරිපූර්ණ, සුරක්ෂිත, කාර්යක්ෂම හා විශ්වසනීය මුදල් හුවමාරු සේවාවක් වන Lanka Money Transfer (LMT) සමග අත්වැල් බැඳගත් 10 වැනි මූල්‍ය ආයතනය බවට පත් වී තිබේ. මෙම හවුල්කාරීත්වය යටතේ, වසර 65කට වැඩි පළපුරුද්දක් සහිත DFCC බැංකුව සහ, සම්මාන රැසකින් පිදුම් ලැබූ ශක්තිමත් මූල්‍ය ආයතනයක් වන CDB සමාගම, ශ්‍රී ලංකාවට වඩාත් පහසුවෙන් මුදල් එවීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව ලබාදීම සඳහා එක්ව කටයුතු කරනු ඇත.

Exit mobile version