ශ්‍රී ලංකාවේ දැව ආලේපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වනJAT Holdings PLC, CIDA SP 01 සහතිකකරණය හිමිකර ගැනීමට සමත් විය. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (Construction Industry Development Authority – CIDA) මගින් මෙම සහතිකරණය පිරිනමනු ලබයි. මෙම ක්‍රියාවලිය ඔස්සේ එම අධිකාරිය ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ප්රමිතීන්, ප්‍රතිපත්ති හා නියාමනයන් රැසක් හඳුන්වාදී ඇත. ගෙබිම, බිත්ති සහ සිවිලිම නිමකිරීම (SP1), ගෘහ භාණ්ඩ, උපාංග හා උපකරණ (SP1) සහ වඩු කාර්මික හා කාර්මික (SP2) අංශයන් ආවරණය වන පරිදි විශේෂඥ ඉදිකිරීම් කාණ්ඩය (Specialized construction category – SP) යටතේ JAT Holdings වෙත මෙම සහතිකකරණය හිමිවී තිබේ.
CIDA සහතිකකරණයට අදාළ සුදුසුකම් සපුරාලීම සඳහා, ජාතික වෘත්තීය සුදුසුකම්වල 3 වැනි තලයේ හෝ ඊට ඉහළ සුදුසුකම් සපිරූ අභ්‍යන්තර අධීක්ෂණ කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යාමට JAT Holdings කටයුතු කර ඇත.











