AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය නව ප්රධාන විධායක නිලධාරිනිය ලෙස චතුරි මුනවීර මහත්මිය පත් කළ බව ප්රකාශකර සිටියි. ශ්රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම 2022 මැයි මස 1 වැනිදා සිට බල පවත්වනු ඇත. ඇය AIAඉන්ෂුවරන්ස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී තනතුර හොබවන ප්රථම කාන්තාව වෙනු ඇති අතර, එම ධුරයේ මෙතෙක් නිරතවූ හිටපු ප්රධාන විධායක නිලධාරී වන නිඛිල් අද්වානී මහතා AIA සමූහයේ තායිලන්ත කාර්යාලයේ, ප්රධාන විධායක නිලධාරි ලෙස පත්වීම් ලබා ඇත.