2013 අංක 1 දරන මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශයන්ට අනුව 2021 වර්ෂයේ දෙසැම්බර් 8 වන දින HNB FINANCE සහ Prime Finance යන සමාගම් ඒකාබද්ධ වීම සහ එලෙස ඒකාබද්ධ වූ මූල්‍ය සමාගම HNB FINANCE PLC බවට පත්වීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය මහබැංකුවේ මුදල් මණ්ඩලය අනුමත කරන ලදී.
මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් දෙකක් වන HNB FINANCE හා Prime Finance බැංකු නොවන මූල්‍ය අංශය නියෝජනය කරමින් එකිනෙකට වෙනස් වු මූල්‍ය සේවා රැසක් පාරිභෝගිකයින් වෙත හඳුන්වාදී ඇති අතර මෙම ඒකාබද්ධ වීම තුළින් සමාගම් දෙකෙහි පාරිභෝගිකයින් වෙත වඩාත් විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසක් පිරිනැමීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇත.
මෙම සාර්ථක ඒකාබද්ධවීමේ ක්‍රියාවලිය තුළින් ප්‍රයිම් සමූහය සමග පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට HNB FINANCE සමාගමට හැකි වන අතර දේපළ වෙළෙඳාම ආශ්‍රිතව මූල්‍ය පහසුකම් ලබා දීමේදී මෙම ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රයිම් සමූහයේ දැනුම සහ විශේෂඥභාවය හිමිකර ගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත.











