AIA, සිය සන්නාම තානාපති ලෙස එංගලන්ත පාපන්දු ක්‍රීඩක හැරී කෙන් පත්කරයි…

AIA සමූහය විසින්, ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයකු මෙන්ම එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ නායක හැරී කෙන් පත්කළ බව නිවේදනය කර සිටියි.

ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජය සමගින් AIA හි හවුල්කාරීත්වය හරහා හැරී සමග පසුගිය වසර 10ක සබඳතාවක් මත මෙම තානාපතිකම ගොඩනැගෙයි.

AIA සමූහයට මෙන්ම නොබෝදා දියත් කරන ලද හැරී කෙන් පදනම ඔස්සේ හැරී කෙන් මහතාටද, පුද්ගලයන්හට එදිනෙදා ජීවිතයේ පැනනගින ගැටලු සහ විවිධ තත්ත්වයන් හමුවේ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය සහ දරාගැනීමේ ශක්තිය නැතහොත් ඔරොත්තු දීමේ හැකියාව ආමන්ත්‍රණය කිරීමට සමාන අපේක්ෂාවක් පවතින අතර, මෙම හවුල්කාරීත්වය ඔස්සේ AIA, හැරී කෙන් පදනම (HKF) සමගින් සෞඛ්‍ය සහ මානසික යහපැවැත්මේ වැදගත්කම වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරනු ඇත. මෙම ව්‍යාපෘතිය, ධනාත්මක චින්තනයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම විශ්වාසය සහ අන්‍යයන්ගේ සහයෝගය ලබාගැනීම පිළිබඳ හැරී කෙන් ලෙස නම් තබා ඇති, ඔහුගේම ස්වයං-නිෂ්පාදිත වීඩියෝ පටයෙන් ආරම්භ වනු ඇත.

AIA සමූහය, 2013 වසරේ සිට ටොටන්හම් හොට්ස්ප්ර්ස් ක්‍රීඩා සමාජයේ, ප්‍රධාන ජාත්‍යන්තර සහයෝගිතා සහකරු ලෙස කටයුතු කරමින් සිටියි. මෙම සහයෝගිතාව කලාපය පුරා සිටින ප්‍රජාව හා ගැඹුරු සබඳතා ගොඩනගා ගැනීමට උපකාරීවී තිබෙන අතර ඔවුන්ගේ අනුග්‍රාහකත්වයෙන් පවත්වා ඇති පාපන්දු වැඩසටහන් ඔස්සේ දරුවන් 80,000කට අධික පිරිසක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

Exit mobile version