මහජන බැංකුවේ CRM යන්ත්‍රයක් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී විවෘත කෙරේ I Sri Lanka Latest News

Sri Lanka Latest News

මහජන බැංකුවේ ක්‍ඍඵ CRM (Cash Recycle Machine) යන්ත්‍රයක් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, අකුරේගොඩ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඩිජිටල් බැංකු කලාපයේදී (Digital Banking Zone) පසුගියදා විවෘත කෙරිණි. මේ තුළින් මෙම සංකීර්ණයේ සේවය කරන විශාල පිරිසකට මුදල් තැන්පත් කිරීමට, මුදල් ආපසු ගැනීමට මෙන්ම බිල්පත් ගෙවීමට හැකියාව සැලසේ.(Sri Lanka Latest News)

මේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටි.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) අයි.කේ ඉන්දික, කොළඹ පිටත ප්‍රාදේශිය කළමනාකාර බුද්ධික රණතුංගගේ, බත්තරමුල්ල ශාඛා කළමනාකාර වී.ටි.ආර්. වසන්ත යන මහත්වරුන් ඇතු`ඵ ආරක්ෂක අමාත්‍යංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු හා බැංකු නිලධාරිහු සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 743කින් සමන්විත, රුපියල් ටි්‍රලියන තුනක වත්කම් හිමි මහජන බැංකුව මිලියන 14.5කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

Exit mobile version