රග්බි ලෝලීන් පුන පුනා බලා සිටි එක් පිලකට ක්‍රීඩකයන් 7 දෙනා බැගින් ක්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරගාවලිය සැප්තැම්බර් 16 වැනි සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ CR&FC පිටියේදී පැවැත්වෙයි. මෙම රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවණේ මෙම ක්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත් වරක් එකට මුණගැසෙන සුන්දර මොහොත උදාවීමක් ලෙස සැලකේ.
මෙය සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් එකම ක්‍රීඩා පිටියක් කරා ගෙනෙන, ඔවුන් තුළ පවතින මිත්‍රත්වය යළි පුබුදු කරන, පසුගිය වසරවල චමත්කාරය සිහිගන්වන, මුළු පවුලටම සතුටින් විනෝදයෙන් පිරීගිය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙමින් රග්බි තරග නැරඹීමට අවස්ථාව උදාකරන එකම තරගාවලියයි.
සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කණ්ඩායම් දහසයක් ඒකාබද්ධ වෙමින් පෙර වසරවල රග්බි තරගවල මහිමය සිහියට නගමින්, ආහාරපාන කුටි, ළමයින්ට ක්‍රීඩා කිරීමට ප්‍රදේශයක් සහ නොනවතින සංගීතයෙන් හදවත් මුසපත් කිරීමට සමත් වන ආකාරයට සැණකෙළියක ස්වරූපයෙන් මෙම දිනය සැලසුම් කර ඇත. මෙම දිනය වර්ණවත් කරන Slipping Chairs, Magic Box Mixup and Jam lab hk යන ජනප්‍රිය දේශීය සංගීත කණ්ඩායම්වලට මෙරට ජන හද දිනා සිටින Lunatics ඇතුළු DJs කණ්ඩායම්ද එක්වෙති.
පස්වරු 1.00ට ආරම්භ වී මධ්‍යම රාත්‍රිය තෙක් පැවැත්වෙන මෙම තරගාවලියට රාත්‍රී 7.30ට කුසලාන සඳහා අවසන් තරග ඇරඹීමට පෙර පවත්වන ප්‍රදර්ශන තරගද සමගින් තරග 44ක් ඇතුළත්ය. ප්‍රදර්ශන තරගවලින් පසුව Plate Finals and Cup Finals තරග පැවැත්වේ.
එක් එක් කණ්ඩායමට අවුරුදු 25 ට වැඩි වයස් කාණ්ඩවලින් ක්‍රීඩකයන් දෙදෙනකුටත්, වයස අවුරුදු 35ට වැඩි කාණ්ඩයෙන් ක්‍රීඩකයන් තිදෙනකුටත්, පිරිමි කණ්ඩායමේ සොයුරි පාසලෙන් ක්‍රීඩිකාවන් දෙදෙනකුටත් අවසර දෙනු ඇත. එම සංයෝගයෙන් එකිනෙකට වෙනස් කාලවල ක්‍රීඩකයන්ට එකට ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සැලසීම සහතික කෙරෙයි. මෙම තරගාවලියට සහභාගි වීමට දැනටමත් කණ්ඩායම් 16ක් ලියාපදිංචි වී සිටීමෙන් ඒ කෙරෙහි දක්වන උනන්දුව මනාව පැහැදිලි වෙයි.
ආදි සිසුන්ගෙන් සමන්විත එම කණ්ඩායම් නම් – රාජකීය / විශාඛා, ඉසිපතන/ශාන්ත පාවුළු, ශාන්ත ජෝශප්/ශාන්ත බි්රජට්, කිංස්වුඩ්/මහනුවර උසස් බාලිකා විද්‍යාලය, වෙස්ලි/මෙතෝදිස්ත, ඩී.එස්. සේනානායක/සිරිමාවෝ බණ්ඩාරනායක, ආනන්ද/මියුසියස්, ටි්රනිටි/හිලිවුඩ් සහ බාලිකා, ශාන්ත තෝමස්/බිෂොප්, ශාන්ත අන්තෝනි/මහනුවර යහපත් එfඩ්රාගේ කන්‍යාරාමය, ශාන්ත සිල්වෙස්ටර්/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, ධර්මරාජ/මහාමායා, ශාන්ත බෙනඩික්/යහපත් එf
ඩ්රාගේ කන්‍යාරාමය, විද්‍යාර්ථ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය, ශාන්ත පීතර/බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සහ තර්ස්ටන්/රත්නායක බාලිකා විද්‍යාලය.
ප්‍රියන්ත හෙට්ටිගේ