ඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලය (SLTC) මෙරට ප්‍රථම පරිපූර්ණ පර්යේෂණ විද්‍යාගාර සංකීර්ණය පසුගියදා සිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විවෘත කළේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහභාගී වූ අතර, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූහ.
මෙම උත්සවයට අනෙකුත් සම්භාවනීය අමුත්තන් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති සහ SLTC ආයතනයේ කමිටු සාමාජික මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්ලිව්. පෙරේරා මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ග්‍රාමීය මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි සභාපති රොහාන් ප්‍රනාන්දු හා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති සහ SLTC ආයතනයේ කමිටු සාමාජික මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා යන මහත්වරු සහභාගී වූහ.











