ශ්රී ලංකාව තුළ COVID-19 තුන්වැනි රැුල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක‍්‍රියාන්විතයට දායක වීමක් ලෙස ‘හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත‍්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය (Port City Colombo) කටයුතු කළේය.
මෙම යන්ත‍්‍ර පසුගිය අ`ගහරුවාදා සී.එච්.ඊ.සී පෝර්ට් සිටි කොළඹ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත භාරදෙන ලදී. පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවාවට මෙවැනි උපකරණ සඳහා ඇති ඉහළ අවශ්‍යතාව සඳහන් කරමින් මෙම පරිත්‍යාගය ඉතා අගය කරන බව සෞඛ්‍ය අමාත්‍යතුමිය ප‍්‍රකාශ කළාය. රට තුළ COVID-19 ව්‍යාප්තිය ආරම්භ වීමේ සිටම එය පාලනය කිරීම සඳහා කොළඹ වරාය නගරය සෞඛ්‍ය බලධාරීන් වෙත අඛණ්ඩව සහයෝගය ලබාදුන් අතර, පසුගිය මාස කිහිපය තුළද මෙවැනි අවශ්‍යතාවන් සඳහා විවිධ පරිත්‍යාගයන් කිහිපයක්ම සිදුකර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොළඹ වරාය නගර ව්‍යපෘති සමාගමේ අලෙවි කළමනාකරු Cui Yang, ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.











