පලාපල කිමේදී වැදගත් වන ග්‍රහ මණ්ඩල හඳුනාගනිමු
හස්ත රේඛා ශාස්ත්රයේදී පලාපල කීමේදී ඉතා වැදගත් වන අංග කීපයකි. ඒ අතර ප්‍රධාන රේඛා ග්‍රහ මණ්ඩල හා අවශේෂ සියුම් රේඛා පිළිබඳවද අවධානය යොමු කළ යුතුවේ. ඒ අතර අද අප කතා කරන්නේ ග්‍රහ මණ්ඩල පිළිබඳවයි. පලාපල කීමේදී ග්‍රහ මණ්ඩල මඟින් පුදුමාකාර අනාවැකි කිව හැකි බව හස්ත රේඛා පරීක්ෂණයන් තුළින් ඔප්පු වී ඇත. හස්ත රේඛා විද්‍යාවට අනුව රාහු, කේතු සමඟ ග්‍රහ මණ්ඩල (9ක්) තිබෙව බව පෙන්වා දී ඇත. එයින් රාහු හා කේතුට අයත් වන මණ්ඩල පිළිබඳ සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. ඒ හැරුණු විට ග්‍රහ මණ්ඩල 7කි. එනම් බුධ, රවි, ශනි, ගුරු, සිකුරු, සඳු හා කුජ යන මණ්ඩලයන්ය. කුජ පමණක් ග්‍රහ මණ්ඩල දෙකක් හිමි වන බවත් කුජ තුලාව වශයෙනුත් තවත් ප්‍රදේශයක් වෙන් කර තිබෙන බවත් පෙන්වා දී ඇත.
එම ග්‍රහ මණ්ඩල මෙසේය. රූප සටහනේ අංක පිළිවෙළින් පෙන්වා දී ඇත්තේ එම ග්‍රහ මණ්ඩලයන්ය. 1. බුධ මණ්ඩලය, 2. රවි මණ්ඩලය, 3. ශනි මණ්ඩලය, 4. ගුරු මණ්ඩලය, 5. සිකුරු මණ්ඩලය, 6. සඳු මණ්ඩලය, 7. කුජ මණ්ඩලය යනාදී වශයෙනි. 7 ෂ මණ්ඩලය පළමු කුජ මණ්ඩලයත් 7 ෂෂ දෙවැනි කුජ මණ්ඩලයත් 7 ෂෂෂ කුජ තුලාව වශයෙන්ද වෙන්කර ඇත. අංක පිළිවෙළට එම මණ්ඩලයන් හඳුනා ගන්න. දැන් එම මණ්ඩලවලින් කියවෙන සුබ හෝ අසුබ පලාපල මොනවාද කියා විමසා බලමු.
- බුධ මණ්ඩලය
මෙය පිහිටන්නේ දකුණු අතක නම් සුළැඟිල්ලට පහළින් හා හෘදය රේඛාවට ඉහළින් ඇති ප්‍රදේශය තුළිනි. මෙම බුධ මණ්ඩලය මඟින් කියැවෙන්නේ එම අත්ල හිමියාගේ මානසික ස්වභාවයයි. එනම් උගත්කම, කථිකත්වය, සිහිබුද්ධිය ප්‍රඥාව වැනි කරුණුය. මෙම බුධ මණ්ඩලය කෙනකුගේ උස්ව, මධ්‍යම ප්‍රමාණයට වැටී ඇත්නම් එය සුබයි. එනම් ඉගෙනීමට කතාවට දක්ෂ වේ. බුද්ධිමතකු උගතකු කරයි. මෙය යටට නෙරාගොස් ඇත්නම් අසුබයි. එනම් ඉගෙනීමට දක්ෂ නොවේ. අධ්‍යාපනය කඩාගනී. අසුබ සලකුණු වැටුණහොත් බිහිරි බව හා ගොළු වීමට පවා ඉඩ තිබේ. - රවි මණ්ඩලය
වෙදැඟිල්ලට පහළින් හෘදය රේඛාවට ඉහළින් හා ශනි හා බුධ මණ්ඩලය අතර ප්‍රදේශය රවි මණ්ඩලය ලෙස හඳුන්වනු ලබයි. කෙනකුගේ රවි මණ්ඩලය ඉතා උස්ව පිහිටා තිබීමෙන් තීක්ෂණ බුද්ධියත් කාරුණික බවත් පෙන්නුම් කරයි. ඒ හැරුණු විට විවිධ භාෂා ශාස්ත්‍ර ශිල්ප හා විවිධ කලාවන්ට දක්ෂයකු වන බවක් උගන්වයි. මෙහි බලය වැඩි වීමට හේතු වන්නේ සූර්ය රේඛාවක් හොඳින් සලකුණු වීමෙන්ය. රවි මණ්ඩලය යටට නෙරා ගොස් තිබීමෙන් කීර්ති ප්‍රශංසා නොලැබෙන බවත් අනුන් අතර ප්‍රකට නොවන බවත් උගන්වයි. - ශනි මණ්ඩලය
මැදැඟිල්ලට පහළ ප්‍රදේශයන් හෘදය රේඛාවට ඉහළින් හා ගුරු හා රවි මණ්ඩලය අතර මෙම ප්‍රදේශය ලෙස දක්වා ඇත. මෙම ශනි මණ්ඩලය පිරුණු බවින් යුක්ත වීමෙන් ජන්මියා ඉතා දැහැමි වන අතර බොහෝ නිහතමානී අයකු කරයි. තවද සිල්වතකු වන අතර ආගමානුකූලව කටයුතු කරන අයකු කරයි. දුබලව පිහිටා අසුබ සලකුණු පිහිටියොත් අනේකවිධ දුක්වලට ලක්වන යෝගයකි. - ගුරු මණ්ඩලය
මෙය පිහිටන්නේ දබරැඟිල්ලට පහළින් හා ශනි මණ්ඩලයට දකුණින්ය. ජීවන රේඛාවට ඉහළින්ය. දෙවියන්ගෙත් ගුරු වන ගුරු මණ්ඩලය හොඳින් සලකුණු වූ අයද සමාජයේ කැපීපෙනේ. විවධ උගත්තු, නායකයන්, සමාජ විද්‍යාඥයන්, දාර්ශනිකයන් මෙම ගුරු මණ්ඩල බලවත්ව උපන් ඇත්තෝය. මෙය යටට නෙරා ගොස් ඇති අය සමාජයේ සුරාවට සූදුවට යොමුවේ. පහත් තත්ත්වයකට ඇදදැමීමට සමත්ය. - සිකුරු මණ්ඩලය
ග්‍රහ මණ්ඩලය අතර විශාල ග්‍රහ මණ්ඩලය සිකුරු මණ්ඩලය වේ. මෙයද හොඳින් බලවත්ව පිහිටීමෙන් ඔවුන් බොහෝ කාරුණික පරිත්‍යාගශීලීන් වේ. කාගේත් හොඳහිත දිනා ගැනීමට සමත් මොවුන් විවිධ කලා හා ක්‍රීඩාවන්ට ළැදිය. විනෝදකාමී වන අතර සැප සම්පත් ලබන්නෝය. දුබල විකෘතිව පිහිටීමෙන් විවිධ අපහාස නින්දාවලට ලක්වීමටත් සුරාවට දුරාචාරයන්ටත් යොමුකරවන පිහිටීමකි. - සඳු මණ්ඩලය
මෙයද හොඳින් වැඩී ඇති අය විවිධ සාහිත්‍ය හා කලා කටයුතුවලට දක්ෂයන් වේ. හොඳින් පිහිටි අය රූමත් වන අතර අන් අයගේ ප්‍රසාදයට ලක්වේ. ආගමට දහමට ළැදිය. අසුබව පිහිටීමෙන් ජලයෙන් විපත් වන බවත් උදරාබාධ ඇතුළු ආමාශගත රෝග වැළඳීමටත් හේතු වන බව උගන්වයි.
7 ෂ කුජ පළමු මණ්ඩලය
මෙය පිහිටන්නේ සිකුරු මණ්ඩලයට ඉහළින් හා ගුරු මණ්ඩලයට පහළින් අත්ලේ දකුණු පැත්තේ ඇති ප්‍රදේශය තුළයි. මෙයින් කියැවෙන්නේ එඩිතරකම, සටන්කාමීත්වය, නොපසුබස්නා උත්සාහය හා මෙලොව දියුණුව පිළිබඳවයි. මෙය හොඳින් පිහිටි අයට ඉඩම්, ධන ලාභ, යානවාහන හා පොළොවෙන් ලබන සම්පත් ලැබීමට හේතු වේ. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් කරන ක්‍රීඩකයන්ගේ අත්වල මෙම කුජ පළමු මණ්ඩලය හොඳින් පිහිටනු ඇත. දුබල පිහිටීමෙන් ජන්මියා කහළකාරී පුද්ගලයකු කරයි. හිරේ විලංගුවේ වැටීමට හේතු වන්නේ අසුබ සලකුණුවලින් යුක්ත වීමෙනි.
7 ෂෂ කුජ දෙවැනි මණ්ඩලයයි
මෙය සඳු හා බුධ මණ්ඩලය තුළ අයාලේ වම් පැත්තට බරව පිහිටයි. මෙයද හොඳින් පිහිටන අය ධනවත් වන අතර එඩිතර සටන්කාමීන් වේ. දුබලව පිහිටීමෙන් නින්දාවලට ලක්වීමටත් ධනය හානි කරගන්නකු වීමටත් හේතුවේ.
7 ෂෂෂ ප්‍රදේශයෙන් කියැවෙන්නේ කුජ තුලාව
මෙම කුජ තුලාව හොඳින් පිහිටි අය දියුණු වන අතර සාමකාමී පුද්ගලයන් කරයි. විවිධ ලප, උපන් කැලැල්, බාධක රේඛාවන්ගෙන් යුක්ත වීමෙන් දේපොළ ප්‍රශ්න, රැකී රක්ෂා හා සතුරු කරදර ඇතිවන බවත් කියැවේ.
ප්‍රවීණ හස්ත රේඛා විශේෂඥ ජ්‍යොතිෂවේදී නන්දසේන වීරසිංහ
‘නෙත්සර’ ජ්‍යොතිෂ – අලව්ව