සූත්තරේ මෙන්න
කාන්තාවන් ගැන වැඩි වශයෙන්ම ඇත්තේ සිංහල සාහිත්‍යය තුළය. පැරැණි මෙන්ම නූතන සාහිත්‍යය තුළද එම කියමනට පමණටත් වඩා සාක්ෂි ඇත.
එසේම කාන්තාවන් සතුව මායම් හැට හතරක් ඇති බවද පැවසෙයි. එය කවදා කෙසේ කොහොම පැමිණි කතාවක්ද යන්න පැහැදලි නැත. එහෙත් එය සාහිත්‍යය විසින් නිර්මාණය කළ කතාවක් බව අපට සිතෙයි. එමෙන්ම සාහිත්‍යකරුවා පවසන්නේ එම හැට හතර මායම් සෑම කාන්තාවකටම පොදු කරුණක් බවයි. තරුණියක වැඩිවියට පත්වූ දින සිට මෙම හැට හතර මායම් ඔවුන් සතු වන බව පැවසෙයි.
වර්තමානයේ අපේ සමාජයේ බොහෝ අය මෙම මායම් හැට හතර ගැන පැවසුවද එම මායම් හැට හතර සම්පූර්ණයෙන්ම දන්නවාදැයි යන්න නම් සැක සහිතය. එහෙත් මායම් හැට හතරට අයත් වන්නේ ඉතා පහසුවෙන් තේරුම්ගත හැකි කාන්තාවන්ගේ අංගචලනයන් බව දැකිය හැකිය. පහත ඇත්තේ සමාජය තුළ ප්‍රසිද්ධ එම මායම් හැටහතරයි.
- ඇස් කැරකැවීම
- ඇස් පියවීම
- ඇස් කොණින් බැලීම
- ඇස් ලොකුකර බැලීම
- ඇස් අඩක් වසා බැලීම
- ඇස් මුළුමනින්ම වසා බැලීම
- වරින්වර බැලීම
- ඉවත බලාගෙන සිටීම
- නාසය හැකිලීම
- සුසුම්ලෑම
- කට කොණින් සිනාසීම
- යමක් සිප ගැනීම
- කොක්හඬලා සිනාසීම
- දෙතොල පිට පෙරළා සිනාසීම
- තොලින් තොල පැටලවීම
- දිව නැටවීම
- දිව විකා පෙන්වීම
- බොරු කැස්ස
- දිව දික් කිරීම
- වරින්වර තම ආභරණ අතගෑම
- අත වැනීම
- ඇඳිවත දෙස නැවත බැලීම
- කෑරීම
- අත කැසීම
- පා කැසීම
- බඩ අතගෑම
- දෑත් බැඳ සිටීම
- ළයෙහි අත තැබීම
- පයෙන් පය ගැටීම
- පයෙන් බිම ඉරි ඇඳීම
- දෙපා ගස්සමින් යෑම
- අඟපසඟ පෙන්වීම
- අවේලාවේ නිදාගැනීම
- අවයව පෙනෙන සේ හිටගැනීම
- කතා නොකර සිටීම
- දොරකඩ ළඟ සිටීම
- මදක් හැරී බැලීම
- කරබාගෙන සිටීම
- පා විහිදාගෙන සිටීම
- උඩ බලාගෙන සිටීම
- බොරුවට ඈනුම් ඇරීම
- උරහිස නැටවීම
- නාභිය පෙනෙන සේ ඇඳුම් ඇඳීම
- දිවගොස් ගෙට වැදීම
- දොර කවුළු තුළින් බැලීම
- බොළඳ ලෙස කතා කිරීම
- පියයුරු නෙරන සේ ඇඳුම් ඇඳීම
- අගපසඟ පෙන්වමින් ගමන් කිරීම
- වරලස කඩාගෙන යෑම
- ඉඟටිය පැද්දීම සහ නැටවීම
- පියයුරු නැටවීම
- ඇඳිවත කොනක් අල්ලාගෙන සිටීම
- පිටුපස හැරෙමින් ආපසු බැලීම
- කුඩා දරුවන් සුරතල් කිරීම
- කෝප වූ අයකු සේ කතාකිරීම
- හඬනගා කතාකිරීම
- පිරිමින්ගේ ගුණ කීම
- පිරිමින්ගේ අගුණ කීම
- කවට බස් කීම
- බොරු බියක් පෙන්වීම
- බොරු නෑකම් කීම
- විසිතුරු දේ ගැන කුහුල දැක්වීම
- යමක් කෑමේ ගිජු බව
- ක්ලාන්ත ගතියක් පෙන්වීම
කාන්තාවන්ගේ හැට හතර මායම්වලට අමතරව පිරිමින්ටද මායම් එකසිය ගණනක් ඇති බව සමහරු ප්‍රකාශ කරයි. එහෙත් ඒ සියල්ල අතරින් අදටත් අප සමාජයේ කතාබහට ලක්වන්නේ කාන්තා මායම් හැට හතර පමණි.
රුවන් එස්. සෙනවිරත්න