නිවාස වාස්තු විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අවශ්‍ය නැත. ඉපැරැණි ඍෂිවරුන් එය පර්යේෂණයට ලක්කොට මානවයාට හඳුන්වා දී තිබේ. නමුත් අප දැන් කළ යුත්තේ අදට ගැළපෙන සේ නිවාස වාස්තුව හැසිරවීමයි.
ඉඩම්වල ප්‍රමාණය අඩුවී මේ වන විට පර්චස් 2, 3ට සීමා ඇත්තේ නාගරික වපසරිය තුළය. ඉඩමේ පරිමාව අනුව ගැළපෙන සැලැසුමක් වාස්තු විද්‍යාවට අනුව ඇඳ වර්ගීකරණය ප්‍රමිතිගතව කර නිවාස ඉදිකර ගත යුතුයි. සැලැසුම වැරැදී ගියහොත් ඉදිකරන ලද නිවසද වැරැදි වේ. සැලැසුම වාස්තුව හරහාම විය යුතුයි. වසර 50කට අධික කාලයක් තුළ කරන ලද පරික්ෂාව අනුව සමහර නිවාස බාහිරව කලාත්මකව සාදා ඇතත් නිවස ඇතුළ විශාල වාස්තු දෝෂ ඇති බැව් පෙනේ.
ඒවා නැවත වෙනස් කිරීමට යෑමසමහර විට අසීරු කටයුත්තක් බවටද පත්වේ. ගිනිකොණට කුස්සියට යොදා නොමැති නම් ඊසාන පැත්තේ නම් කළ යුත්තේ අපහසුවෙන් හෝ බස්නාහිර සහ වයඹ අතර දිසාවට කුස්සිය මාරුකිරීමට හෝ වෙන විකල්පයක් සොයා ගැනීමයි. කැඩීම් බිඳීම් ආදියෙන් තොරව නිවාස ඇතුළත වෙනස් කළ යුතුවේ. නිවස හරි මැද බ්‍රහ්ම පාදය තුළ වැසිකිළි කැසිකිළි ආදිය ඇත්නම් එය දෝෂයක් නිසා වෙනත් පැත්තකට ගිනිකොන දකුණ පැත්තට ගැනීමට සැලැසුම් කළ යුතුයි.
වැසිකිළි අපද්‍රව්‍ය ගලායන බට ගේ ඇතුළත නොයොදා ගේ පිටතින් දැමීම කළ යුතු වේ. උළුවහු දෙකක් එක එල්ලේ තිබීම වරදක් නැත. තුනක් එක එල්ලේ තිබීම අසුබ වෙ. පඩිපෙළට ඇති පඩිවලට ගණනක් නොව දිසාවද අවශ්‍ය නොවේ. නමුත් පඩිපෙළ නිවස හරි මැද ප්‍රධාන දොරටුවට කෙළින් තිබීම අසුබයි. විද්‍යාත්මක හේතුවක් නිසා ප්‍රධාන දොරටුවට හරි මැදින් කණුවක් ගෙයින් පිටත දැමීම අයහපත් වන්නේ කණුව යම් අන්දමින් කඩාවැටීමේදී දොරටුවට එල්ල වුවහොත් වන හානිය නිසාය. දොරටුවට උඩින් බාල්ක දැමීමෙන් උළුවහු උඩ කඳේ ඵලයක් හෝ ගුල්ලන් ගසා ඇත්නම් එය කඩාවැටෙන නිසාය. අද සිමෙන්ති උළුවහු නිසා හානිය වැළකී ඇත. එදා වාස්තුව අද කාලීන වශයෙන් ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. එය කිසිවකුට වෙනස් කළ නොහැක. වෙනස් නොවන කිසිවක් මෙලොව නැති නිසා අපට අත්දැකීම් හා පලපුරුද්දත් තිබිය යුතුයි. කටකතා නිසා මේ වන විට කෙනකුට නිවසක් ගොඩනඟා ගැනීමට අපහසු වී තිබේ. එදා දැව හා මැටි, ගොම උපයෝගි කරගත් අතර අද වෙනත් ආදේශ භාවිතයට එක්වී තිබෙ. කලින් කල වෙනස් වුවත් මූලාශ්‍රීය වාස්තු පදනම මුල්කොට ගැනීම අනිවාර්ය වේ. එය කිසිවකුටත් කවර අන්දමකින්වත් වෙනස් කළ නොහැක.
පෙට්ටි ගෙවල් බොක්ස් හවුස් ගොඩනැඟීමේ කලාව බිහිවී ඇත්තේ ඉඩම් ප්‍රමාණය අඩුවීම නිසාමය. කෘත්‍රිම දැව, තීන්ත වර්ග, බිත්ති විවිධ ආලේපන වර්ග, විදුලි උපකරණ ආදී තාක්ෂණයේ නව සොයාගැනීම්වලින් සමහරක් සිරුරට හානිකර වන අතර අප දිනපතාම ආහාරයට ගන්නේද රසායනික විෂ සහිත ආහාර පාන නොවේද? සමහර විට කල්යෑමේදී ඒවා අපේ ගතට හා සිතට හුරුපුරුදු වේවි. ආහාර පානවලින් සිරුර රෝගී වන අතර නිවසේ දෝෂ හටගන්නේ වැරැදි වාස්තු දෝෂ නිසාය. මේ දෙකම අද වැරැදි අතට පත්වී තිබේ. යන්නේද වැරැදි මගකදැයි ප්රශ්නයකි.
පාරම්පරික සාම්ප්‍රදායික රටාවෙන් කාලීනව වෙනස් වෙමින් වාස්තු මූලාශ්‍රීය පදනමට එකඟව අදට ගැළපෙන නව නිවාස ඉදිකර ගැනීමේ කාලය එළැඹී ඇත.
ප්‍රවීණ ජ්‍යොතිෂ සහ වාස්තු විශාරද දේශබන්දු ටී. හෙන්රි බෙම්මුල්ල
0771892842