මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 වැනි සඳුදා දින ආරම්භ වී 31 වැනි සෙනසුරාදා දින අවසන් වන බව සඳහන් වන අතර, එසේම මෙවර 5වසර ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු 4 වැනි ඉරිදා දිනයේදී යෙදී ඇත. අගෝස්තු 05 සඳුදා හා 04 වැනි ඉරු දින, දින බලය හා නැකැත් බලය සුබදායක වන අතර, එම දිනයේ පක්ෂි කාල වේලා අදාළ කරගෙන කටයුතු කිරීම තුළින් වඩාත් සුබඵල උදාකර ගත හැකිය.
2019 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේ 4 වැනි ඉරු දින පැවත්වෙන බව සඳහන්ය. දැයේ දුවා දරුවන්ගේ ජීවිතයේ පළමු ජාතික විභාග කඩඉම ශිෂ්‍යත්ව විභාගය සඳහා දරු දැරියන් මේ වන විටත් ලහිලහියේ සූදානම් වෙයි. ඒ අනුව මෙම විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට එම විභාගයට සාර්ථකව මුහුණ දීමටත්, සිය මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිදියුණු වීමටත්, නීරෝගී සම්පන්නව යහපත් මනසකින් යුතුව යන එන ගමන බිමනේ ආරක්ෂාවත්, රැකවරණයත් අරබයා අති සාර්ථකව මෙම තරග විභාගය ජය ගැනීමටත් මෙහි පහත සඳහන් සුබ වේලාවන් හා දිශාවන් අනුව විභාගයට පිටත් වීම සුදුසුය. ඊට අමතරව පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම හා මහා බලගතු සෙත්කවිය ගායනා කිරීම තුළින් දරුවාට සාර්ථක ලෙස මෙම විභාග කඩඉම ජයගත හැකිය.
උසස් පෙළ විභාගයේ ආරම්භක දිනය වන සඳුදා දිනය සුබ බලයක පවතී. සූර්ය උදාව ප.ව. 6.05ට යෙදෙන අතර, මෛත්‍රී හා චක්රවාන යෝග බලයද ඇති වෙයි. මසකට ආසන්නව පවතින මෙම විභාගයේ ආරම්භය ඉතා සුබදායී වෙයි.
මෙම විභාග ද්විත්වයටම පෙනී සිටින සියලු දුවා දරුවන් වෙනුවෙන් ඉතාමත් නිවැරැදිව ගණ පිහිටුවා බල සම්පන්නව හා සරලව විෂ්ණු, කතරගම හා ගණ දෙවියන් යන දෙවියන් වහන්සේ උදෙසා රචනා කර ඇති මෙම විශේෂ සෙත්කවිය එළඹෙන ජූලි 31 වැනි බදාදා සිට අගෝස්තු 3 වැනි ශනිදා දින දක්වා පහත සඳහන් ආකාරයට ගායනා කිරීම තුළින් ඉතාමත්ම යහපත් සුබ ප්‍රතිඵල උදාකර ගතහැකිය.
විභාගයට පෙර ඉහත සඳහන් දිනවල ස්නානය කර පිරිසුදු වී සුදු ඇඳුමින් සැරසී ළඟම ඇති විහාරස්ථානයට ගොස් බෝ මළුව ඇමද, මල් අසුන පිරිසුදු කරගන්න. ඉන් පසු සුවඳින්, රුවින් යුත් මල් පුදා, සුවඳ කූරු දල්වා තෙරුවන් නැමද ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව තමන් කළ පින් ගණ දෙවියන්, විෂ්ණු කතරගම හා සරස්වතී මෑණියන් හා තම ඉෂ්ට දේවතාවන්ට අනුමෝදන් කර විභාග ජය ප්‍රාර්ථනා කරන්න. ඉන් අනතුරුව පහත සඳහන් මහා බලසම්පන්න සෙත්කවි රත්නය බෝධින් වහන්සේ ඉදිරිපිට සිට උදෑසන හෝ සවස 6.00ත්, රාත්‍රී 10.48ත් කාලය තුළ නිවැරැදිව 7 වරක් ගායනා කොට (දිනකට දෙවරක් උදේ හා සවස) විභාග නිමාවන තුරු මතක ශක්තිය වර්ධනය, නීරෝගී භාවය හා යන එන ගමනේ බිමනේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්න. සෙත්කවිය ගායනා කිරීම අදාළ දරුවාගේ මව හෝ පියා සිදුකිරීම ඉතා හොඳයි.
මහා බලසම්පන්න සෙත්කවි රත්නය
හිමිව ඇති බල තෙදිනි මනුසත වෙතට යහපත නිතර සදමින
පිනැති සිරිවස් – දෙව් සෙනෙවි – ගණදෙවිද නිති ගැති වඳිමි බැතියෙන
නිකිණි මස තුළ සියළු දිනවල මුහුණ දෙන තරගයට කුළුණින
දුරැර දොස නැණ බලය දෙනු මැන විභහගයෙ ජය සතිරවන මෙන
විභාගයට පිටත් වීමට සුබ නැකැත්
අදාළ විභාග දිනයේ විභාගයට පිටත්වීමට පෙර සුදු මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කර පහන් දල්වා තෙරුවන් නැමද, මවුපියන් නැමද දකුණු පය පෙරට තබා පහත සඳහන් ගාථා රත්නය තෙවරක් සිහිපත් කර අදාළ දිනයේ සුබ නැකැත හා දිශාව අනුව පිටත්ව යන්න.
“ජයෝ මුණින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝ හි
උද්ඝෝසයුං දේව ගනා පසන්නා
ඒතේන සච්චේන ජයස්තු මය්හං”
සුදු මලක් දමන ලද පිරිසුදු වතුර වීදුරුවක් රැගෙන එන මව පෙරමඟට හමුවන ලෙස පිටත්ව යන්න.
උසස් පෙළ විභාගයට පිටත් වීමට සුබ වේලාවන්
- අගෝස්තු 05 වැනි සඳුදා උදේ 06.56 හෝ 07.05, 11.44, 12.10 ඊශාන දිශාව බලා සුබයි
- අගෝස්තු 06 වැනි අඟහරුවාදා උදේ 06.20 හෝ 07.23, 11.47, 12.07 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 07 වැනි බදාදා උදේ 06.21 හේ 07.32, 11.22, 11.54 දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 08 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.20 හෝ 07.20, 11.32, 11.53 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 09 වැනි සිකුරාදා උදේ 06.44, 07.20 හෝ 12.20ට ඊශාන දිශාව බලා සුබයි
- අගෝස්තු 10 වැනි සෙනසුරාදා උදේ 06.59, 07.23 හෝ 11.10, 11.22 ඊශාන දිශාව බලා සුබයි
- අගෝස්තු 13 වැනි අඟහරුවාදා උදේ 06.23, 07.20 හෝ 11.56, 11.59 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 15 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.23, 07.20 හෝ 11.34, 11.56 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 16 වැනි සිකුරාදා උදේ 06.46, 07.23 හෝ 12.20 දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 17 වැනි සෙනසුරාදා උදේ 06.56, 07.20 හෝ 11.09, 11.22 දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 19 වැනි සඳුදා උදේ 06.56 හෝ 07.05, 11.44, 12.10 ඊසාන දිශාව බලා සුබයි
- අගෝස්තු 20 වැනි අඟහරුවාදා උදේ 06.20 හෝ 07.23, 11.47, 12.07 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 21 වැනි බදාදා උදේ 06.21 හෝ 07.32, 11.22, 11.54 දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 22 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.23, 07.20 හෝ 11.34, 11.56 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 23 වැනි සිකුරාදා උදේ 06.46, 07.23 හෝ 12.20ට දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 24 වැනි සෙනසුරාදා උදේ 06.55 හෝ 07.21, 11.09 දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 26 වැනි සඳුදා උදේ 06.56 හෝ 07.05, 11.44, 12.10 ඊසාන දිශාව බලා සුබයි
- අගෝස්තු 27 වැනි අඟහරුවාදා උදේ 06.20 හෝ 07.23, 11.47, 12.07 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 28 වැනි බදාදා උදේ 06.21 හෝ 07.32, 11.22, 11.54 දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 29 වැනි බ්‍රහස්පතින්දා උදේ 06.23, 07.20 හෝ 11.34, 11.56 නැඟෙනහිර දිශාව බලා සුබයි
- අගෝස්තු 30 වැනි සිකුරාදා උදේ 06.46, 07.23 හෝ 12.20 දකුණු දිශාව බලා සුබයි
- අගෝස්තු 31 වැනි සෙනසුරාදා උදේ 06.56, 07.20 හෝ 11.08 දකුණු දිශාව බලා සුබයි
ශිෂ්‍යත්ව විභාගයට පිටත් වීමට සුබ වේලාව
අගෝස්තු 04 වැනි ඉරිදා උදේ 06.20 – 06.23 අතර හෝ 07.08 හෝ 07.11 අතර ඊසාන දිශාව බලා සුබයි.
විභාග ජය ගෙනෙන මහා බලසම්පන්න ගණදෙවි පූජාව
විභාගයන් වෙනුවෙන් ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මතක ශක්තිය හා ධාරණ ශක්තිය වැඩිකර ගැනීමටත් සිය අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් මනා ශාරීරික ශක්තියකින් හා නිරවුල් මනසකින් යුතුව විභාගයන්ට මුහුණ දීම සඳහා ප්‍රයෝජනවත් වන ගණ දෙවියන් උදෙසා පවත්වන ග්‍රහ ශාන්තිකර්මයක් අප මෙවර ඔබ වෙත ගෙන එනු ලබනවා. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම තුළින් ඔබටත් අති සාර්ථක ප්‍රතිඵල උදාකර ගතහැකිය. ඒ අනුව මෙහි පහත සඳහන් ගණ දෙව් පූජාව නිවැරැදිව පවත්වා ඔබත් යහපත් ප්‍රතිඵල උදාකර ගන්න.
ගණ දෙවි පූජාව නිවැරැදිව පැවැත්වීම
ගණ දෙවි පූජාව පැවැත්වීම සඳහා සාලය හෝ කාමරයක් තෝරා ගන්න. එය නිසි පරිදි පිරිසුදු කර කුඩා මේසයක් තබා ගණ දෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් තබන්න.
පහත සඳහන් දෑ සකස්කර ගන්න
- මල් වට්ටියක්, නෙලුම් මල් සමග
- පලතුරු වට්ටියක් (පලතුරු 5ක් පමණ)
- කැවිලි වට්ටියක් (කැවිලි 5ක් පමණ)
- හඳුන්කූරු
- පහනක්
- සාම්බ්‍රානි සුවඳ දුම් සූදානම්කර ගන්න
නෙලුම් මල් හා වෙනත් මල්වලින් වට්ටියක් සාදාගන්න. අඹ, කෙසෙල්, කොමඩු, දෙලුම් වැනි පලතුරු වර්ග සහිතව පලතුරු වට්ටියක් සාදාගන්න.
ගිතෙල් දැමූ කුඩා මැටි පහන් දෙකක්, පැණි රස කෑම වර්ග පහක් සහිත වට්ටියක්, හබල පෙති, උක් හකුරු, මී පැණි, කිරි ආදිය ගණ දෙවියන්ට පූජා කරනු පිණිස මේසය මත තබන්න. හඳුන්කූරු දල්වා කපුරු පෙති හා ගිතෙල් පහනක් දල්වා සුවඳ දුම් අල්ලා ඒ සියල්ල ගණ දෙවියන්ට පූජා කරන්න. ගණ දෙවි ගුණ ස්තෝත්‍රය හා ගණ දෙවි පූජා ස්තෝත්‍රය 7 වරක් ගායනා කරන්න.
බදාදා හ සෙනසුරාදා දිනයන් හි දින 3ක් සවස 6ත්, 8ත් අතර කාලය තුළදී ගණ දෙවි පූජාව තබන්න. ඔබේ දරුවාගේ සියලු දුක් දොම්නස් දුරු වී දරුවන්ගේ විභාග ජය ලැබී රෝගී තත්ත්ව දුරුවී ධන වාසනාව කැන්දනු ඇත. ඔබට සෞභාග්‍යමත් කාලයක් උදාවෙයි.
ගණ දෙවි සේතෝත්රය
ගණපතිපරිවාරං – චාරුකේයුරභාරං
ගිරිධරවරසාරං – යෝගිනිචක්‍ර වාරං
භවයපරිහාරං – දුකකදාරිදාදුරං
ගණපතිමහිවන්දෝ – චක්‍ර තුණ්ඩවතාරම්
සියලුම දූ පුතුන්ට උපරිම ජය සාමාර්ථය ලැබේවා.
ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක,
බණ්ඩාරගම සම්පත් එස්. කල්පගේ