• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙල්ල කොල්ලනි වරෙව්, නැගිටිව්, යමව් සටනේ සක් පිඹින්නට… ඒ කැරලි වගේද මේ අරගල සහෝ…

January 3, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
කෙල්ල කොල්ලනි වරෙව්, නැගිටිව්, යමව් සටනේ සක් පිඹින්නට… ඒ කැරලි වගේද මේ අරගල සහෝ…
Share on WhatsAppShare on Facebook

කොළඹ – මහනුවර මහා මාර්ගයේ සාමාන්‍ය වේගයකින් පැමිණි මොටෝ රථයක් (මතකයේ හැටියට ඒ 1970 මැයි 20 වැනිදා විය යුතුය) කෑගල්ල පසුකර කරඬුපනේ හන්දියෙන් ජනශුන්‍ය රඹුක්කන පාරට හරවා වේගය තවත් මඳක් අඩුකර (පාරේ වළගොඩැලි නිසා) සැතපුම් දෙක තුනක් ඉදිරියට ධාවනය කෙරෙමින් තිබුණේය. ඒ වන විට රථය පැදවුණේ හිරිවඩුන්න හන්දියට ආසන්න (වර්තමානයේ අලි අනාථාගාරය ඇති) “රංදෙණිය” ඉසව්වේය. මිනිහෙකු සතෙකු පේන්න නැති (ඒ කාලයේ) මුළු පළාතම මළපාළුවට ගොස් තිබුණේය. හිරිවඩුන්නේ දී “මාඔයට” (මහඔය) හාවෙන (එක්වෙන) කුඩාඔය පාරේ එක් පැත්තකින් හඬනගා ගලන ආසිරාවේ “මහකොට්ටංගහ” වංගුවේ හරියටම පාර මැද්දෑවට වෙන්නට “මගකැඩිලැක් වර්ගයේ” (කෑලි හැලෙන) ජිප් එකක් ඒ අතරතුරේ නවතා තිබුණෙන් ඊට අඩි පහක් හයක් තරම් මෑතින් වෙන්නට රියැදුරා මොටෝ රථය හෙමින් සීරුවේ නැවැත්තුවේය. ඔහුගේ වයස අවුරුදු හැටපහක් තරම්ය. ඇඳ සිටියේ එවක රියැදුරන් ගෞරවනීය ලෙස සැරසෙන සුදු සරමකින් සහ කළු කබාය (කෝට්)කිනි.

එම රථයේ පසුපස අසුනේ සිටියේද වයස අවුරුදු පනහක් ඇති නැති තරමේ “මහත්තයෙකි” ඔහුගේ ඇඳුම සුදු අත්කොට කමිසයක් සහ සුදු “ටසෝ” (එකල සාමාන්‍ය මිනිසුන් අඳින) කලිසමකි. රථාචාර්යයා විනාඩි දෙක තුනක් නිහඬව රැඳී සිට මඟ හරස්කර තිබූ රථයෙන් ඉඩ ඉල්ලුවේය. (නළාව වරක් නාද කෙළේය.)

“උම්..හ්..හු” ජිප්කාරයාට වගේ වගක් නැත.

තවත් විනාඩියක් දෙකක් පමණ ගත වෙනතුරු සිටි රියැදුරා තමන්ට යායුතු බව යළිත් ඇඟෙව්වේය. ඒ සමගම ජිප් එකේ දෙපැත්තෙන් තිදෙනෙක් බැස්සෝය. එක් අයකු බුලත් විටක් හපහපා සිටියේය. නිරන්තරයෙන් බුලත් විට කන්නකුගේ ස්වභාවයක් මුවින් පෙනිණි. ඔහු ඇඳ සිටියේ සරමක් සහ බොක්සිං බැනියමකි. අලුත් වුවත් පරණ ගතියක් පෙනුණු සරම දණහිස් මත්තේදී කැසපොට ගසාගෙන උන්නේ “අයියා” කෙනකුගේ සෙයියාවෙනි. ඔහුගේ වයසත් අවුරුදු හතළිහක් තරමේය. මිනිහා නූස්ය. එහෙත් තරය. හොඳට මහන්සි වී වැඩපළ කරන කෙනකුගේ පරිදි ඇඟපත රළුය. ජිප් එකේ රියැදුරු අසුනෙන් “යකා නැග්ග විලාසෙන්” බිමට පැන්නේද ඔහුය.

අනිත් දෙන්නා අවුරුදු විසිපහට අඩු මට්ටමේය. ඔවුන් දෙදෙනාම කලිසම්කාරයෝය. ඇඳ සිටියේ සුදු අත්දිග කමිසය. උදේ සිට දුවපැන විශාල රාජකාරියක් කර ඇති බවක් හෙම්බත් ඇඳුම් පැළැඳුම්වලින් සහ මුහුණුවලින් පෙනුණේය. දෙදෙනාගෙන් එක් අයකු අතේ ලිපිගොනුවත් අනෙකා අතේ ක්‍ෂේත්‍ර සටහන් (Field notes) පොතත් ලියන මහත්තුරු (Cleark) බවට ඉඟි පළ කෙළේය.

සරම්කාරයා විටක් හප හපාම ඉදිරියට අවුත් රකුසකු සේ කාරයේ පිටුපස අසුනේ ර හැර එහි සිටි එකම තැනැත්තා වූ අර මහත්තයාගේ අතින් ඇද එළියට ගත්තේය. ඒ මහත්තයා බලු කුණක් සේ එළියට විසිවුණේය. සිද්ධ වෙන්නේ කුමක්දැයි තේරුම්ගත නුහුණු රියැදුරා “තබ්බීරි” වී සිටියේය.

හිරිහැරයට පත් මහත්තයා මිටිය. මඳක් මහතය. ්‍Humpty dumpty පෙනුමක් ඇතත් එච්චර මහත නැත. නළල පළල්ය. ඔහුට තිබුණේ ගිරා හොටක් බඳු අගින් වක්වූ නාසයකි.

“කොහෙද…. කෝ යන්නෙ, අරකිගෙ රැස්වීමටද?” අර මහත්තයාගේ අත, අත නොහැරම “බුලත් හපයා” කඩාපැන්නේය. (අරකි යනුවෙන් බුලත් හපයා අදහස් කෙළේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියයි. එදින පස්වරුවේ ඇයගේ ප්‍රධානත්වයෙන් රඹුක්කන නගරයේ දැවැන්ත රැලියකි.)

කලිසම්කාරයන් දෙදෙනාට එය අරුමයක් නොවුණා සේ බලා සිටියේ හපයාගේ හැටි දන්නා ආකාරයෙනි. ඒ අතරේ හපයා අමුම අමු “සංස්කෘත” වචන ගොඩකින් විනාඩි දෙක තුනක් පමණ වෙලාවක් “යකා නටා “දැනගං…..කයා.., මේක රඹුක්කනය” යැයි පවසා මහත්තයා වාහනේටම තල්ලුකර අවුත් ජිප් එකට නැංගේය.

ඒ හපයා වනාහි එවක (1965-1970) සමාජ සේවා ඇමැතිවරයා වූ රඹුක්කන මහජන මන්ත්‍රී අශෝක කැණාරත්නට සිටි සෑම අතින්ම ප්‍රබලම ආධාරකාරයාය. ඔහු රඹුක්කන සිනමාහලක කොටස් හිමිකාරයෙකි. අශෝක කරුණාරත්න යන නමට පමණක් නොව “යූ.ඇන්.පී.” කීවොත් ඒ මත්තේ නහින්නෙකි. රඹුක්කනට කඩාපාත්වී (බින්න බැස) තිබුණේ බලපිටිය පැත්තෙනි. ඉංගිරිසි, සිංහල, දෙමළ කතාකරන මැසිමකි.

කලිසම්කාරයන් දෙදෙනාගෙන් එක් අයකු ඇමැතිගේ පෞද්ගලික ලේකම්ය. අනෙකා ඇමැතිගේ මාධ්‍ය භාර නිලධාරියාය. මාධ්‍යකාරයා එවකටත් පෑනෙන් මිස අතින්පයින් වැඩ පෙන්නූ දාමරිකයෙක් නොවූයේය.

“අරුං දෙදෙනාට (මිතුරන් දෙදෙනාට) ඔය කරන වැඩේ නාකයි” යන්න තේරුම්කර දෙනවාට වඩා “රීරි යකාටත්, මහසෝනාටත්” චතුරාර්ය සත්‍ය” තේරුම් කර දෙන එක ඉතා පහසු බව දැන සිටි ඒ මාධ්‍යකාරයා මේ ලියුම්කරුය.

එතැන කාර් එකේ සිටි “ගිරාහොට මොඩල්” මහත්තයා ඒ සිද්ධියෙන් දින කීපයකට පසුව බලයට පැමිණි (සිරිමා මැතිනිගෙ) ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරයට පත් ජාත්‍යන්තර කීර්තිධර ආර්ථික විශේෂඥයකු වූ නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා නොහොත් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය.

මේ “විච්චූරං” කතාව සඳහන් කළේ එවකටත් පැවති දේශපාලන බල අරගලය ගැන කීමට නොවේ. මේ ලංකාවේ අපදන්නා කාලයේ සිට නවසිය විසි ගණන්වල සිටි තරුණ අපත් අපේක්‍ෂා කළ පෙරැළියකට, විප්ලවයකට, අරගලයකට යන මොන කෙහෙල්මලකට හෝ මොරදුන් එක් නායකයකු මේ ලියුම්කරු පළමුවෙන්ම සමීපව දුටු සංසිද්ධිය පැවැසීමටය.

ඇන්.ඇම්. පමණක් නොවේ, ඇස්.ඒ. (ඇස්.ඒ. වික්‍රමසිංහ) පිලිප් (පිලිප් ගුණවර්ධන – වර්තමාන අගමැති දිනේෂ්ගේ පියා) කොල්වින් (කොල්වින් ආර්. ද සිල්වා) කේනමන් (පීටර් කේනමන්) ප්‍රමුඛ කොටගත් විප්ලව වන්දනාවෙ, හෙවත් රිලේ රේස් එකේ ඊළඟට යෂ්ටිය Batton අතට ගත් වාසු (වාසුදේව නානායක්කාර) මහාචාර්ය තිස්ස විතාරණ, රෝහණ විජේවීර, පාඨලී චම්පික රණවක, ගම්මන්පිල, විමල් වීරවංශ වැන්නන්ගෙන් ඇතැමෙක් එදා මෙදාතුර ගැසූ කරණම්, ඇල්ලූ පන්දම්, වැනූ සට්ටං සහ නැටූ නෛයාඩගම් ඇසූ දුටු විට මගෙ බුදුඅම්මෝ මේ ගොයියලා හෙවත් අයියලා ටික නම් විප්ලවයේ ‘විප්’ කෑල්ල කෙසේ වෙතත් “ලව” නොව “ලෙව” (කන) ජාතියට අයත් උදවිය බවත් නැටෝ N.A.T.O. සංවිධානයේ යාවජීව “මුට්ටුලා” (සාමාජිකයන්) බවත් මේ වනවිට හොඳාකාරවම පසක් කරගෙන සිටින්නෙමු. (ඔබ නැටෝ N.A.T.O. යන්නෙහි අර්ථකථනය නොදන්නේ නම් දැන ගනිත්වා. “කතාව විතරයි වැඩ නෑ” No Action Talk Only මේ අපේ රටේ මුල්කාලයේ පටන් සිටි අරගල, විප්ලවකරුවන්ගෙන් ඇතැමකුට මරණමංචකය දක්වාම අරගලය, විප්ලවය යනු කුමක්දැයි යන්න පවා තේරුම් ගැනීමට හැකි වූවාදැයි දෙවරක් සිතිය යුතුව ඇත. ඒ බව අනවබෝධයෙන් ද ඔවුහු පරලොව ගොස් ඇත්තාහ.

තවත් කීපදෙනෙක් “ඉහිගෙඩියන්” මෙන් හසරක් නොදැන ඒ පැත්තටත් මේ පැත්තටත් මේ දක්වාම පීනමින් සිටින්නෝය. බකබක ගාන්නෝය. පැරණි නඩෙන් මේ රටට හිතැතිව යමක් කළ අයකු ඇත්නම් ඒ ඇන්.ඇම්.ය.

ඔහුට කළ හැකි බොහෝ දේ තිබිණි. ඉන් සියයට එකක් හෝ ඔහුට කළ නොහැකිවිය. ඒ, ඔහුට ස්වෛරී බලයක් නොතිබූ බැවිණි. සිදුවූයේ කාගෙ හෝ මොකේක හෝ එල්ලෙන්නටය. එසේ එල්ලුණේ සිරිමාගේ සාරි පොටේය. මෙසේ වීමට එක හේතුවක් රටට වාසනාවක් නොවීමය.

හෙතෙම එංගලන්තයේ Oxford විශ්වවිද්‍යාලයේ අභිමානනීය “නිෂ්පාදනයක්” වූවේය. එහෙත් එංගලන්තයේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන බොන කිසිදා පස්ස පැත්ත නොසෝදන එඩින්බරෝලා, ඇන්ඩෲලා, මාග්‍රට්ලා සහ මේ රටේ බත්බුලත් කන රංකිරාලා, බණ්ඩියලා සහ මල්ලන්දුලා අතර වෙනසක් ඇති බව (සංස්කෘතිය) අවබෝධ කරගෙන නොතිබුණා සේය.

එහෙයින් ඔහු “රුවන්මැලි මහසෑය වැනි චෛත්‍ය ඉදිකළ ගඩොල්වලින් කම්කරුවන්ට වැසිකිළි ඉදිකර දියයුතු යැයි කීවේය.” ඇන්.ඇම්. කෙළවා ගත්තේ එතැනදීය. ඔහු අපේක්‍ෂා කළ මහජනයාට කී විප්ලවයට වැඩි ආවුසක් නොවූයේ එහෙයිනි.

ඕං ඒකට බඩු. මයිනලා, කාක්කලා. කොල්ලං කියන හැටියට “හක්කේ බුදුරැස්ය. බොක්කේ දඩමස්” නෙමෙයි යකුනේ, “ඔළුව උඩ සර්වඥ ධාතු කරඬුවය. කටේ ‘තොපට කෙලිඤ්ඤං, සූරාකඤ්ඤං’ යන මෛත්‍රී භාවනාවය.

අපේ රට ගැන, අපේ උන් ගැන, පපු කැනැත්තේ අබ පියැල්ලක තරමේ කැක්කුමක් ඇති එකකුට මැරෙනතුරු අමතක කරදමන්නට බැරි මහපොළොව නුහුලන සිද්ධි කීපයක් මේ රටේ තිබේ.

පළමු වැන්න වෙල්ලස්සේ කැරැල්ලය. හිරු නොබසින අධිරාජ්‍යයයි කියන රටේ ගණංපදං නැති තුවක්කු, කාලතුවක්කු, බතරොයි, බයිනේත්තු අත දැරූ තිරිසන්නු එක්ක හැපෙන්න හිතේ ගතේ හයිය තිබුණාට කැත්තක්, පොල්ලක්, කඩුවක්, කෙටේරියක් දුන්නක් ඊතලයක් අරන් කුමක් කරන්න දැයි යන ප්‍රශ්නයෙන් ඇතිවූ අසරණකම නිසාය. එහි අවසානය. දහස් ගණනක් මියයාමය. කුඹුරු වැව් අමුණු විනාශ වීමය. (මොනරාගල වෙල්ලස්ස පළාතේ අද උපදින දරුවන් තුළ පවා එදා මියගියවුන් වින්ද බියකරු වධ හිංසාවල ස්වභාවය (ලක්‍ෂණ )ජාන අනුව අඳුනාගත හැකි බව මේ ලියුම්කරු මොනරාගලදී ලද හදපාරන අත්දැකීම්වලින් මෙනෙහි කරගත හැකිය)

අනෙක් සිද්ධි දෙක 1971 දී සහ 1988 සහ 1989 අතර සමයේ පාරක් පාරක් ගානේ අපේම ලේ මස් සහිත සිරුරු පණපිටින් පිලිස්සෙන අන්දම බලා සිටින්නට සිදුවීමය.

විමුක්ති, අරගල යැයි හඳුන්වා දෙමින් අනන්ත අප්‍රමාණ ජීවිත සහ ජීවන ප්‍රශ්නවලින් මිරිකී සිටි කොල්ලන් කෙල්ලන්ගේ රත්ව තිබුණු රුධිරය අවුස්සා කලතා අතට, කැත්තක්, මන්නයක්, සැමන් ටින් එකක ඇසුරූ අත්බෝමබයක් දී රට අල්ලන්නට ඉදිරියට යවන ලද්දේ මේ රටේ ඇති විවිධ අවි ආයුධ ප්‍රමාණවත් නොවන බැවින් පිටරටින් ලබාගත් ප්‍රහාරක යානා ආදියෙන් පවා බලසම්පන්න යුද හමුදාව ඉදිරියටය.

කිසිදු සැලැසුමක් නැතිව, රුසියාවේ පාඩම මෙරට ක්‍රියාත්මක කරන්නට ගොස් විප්ලවය යන මළදානයෙන් සිදුවූයේ හිතහොඳ තරුණ පරම්පරාවම නැතිභංගකර දැමීමය. තවත් අවුරුදු පනහක් සියයක් යනතුරු ඒ කළ අපරාධය අත්දුටු, ඇසූදුටු වැඩිහිටි මාපිය සිත්වලින් ඔවුනගේ දුවාදරුවන්ගේ සිත්වලින්, ඒ දුවාදරුවන්ගේද, දුවාදරුවන්ගේ සිත්වලින්ද අකාමකා දමනවා කියන එකනම් බොරුය.

ඒ විප්ලවකාරයන් යැයි කියන මානසික රෝගීන් ටික කළේ විප්ලවය, අරගලය, විනාශකිරීමය. කරන එකෙකුට හෝ කරන්නට බැරිවෙන අන්දමට විප්ලවය, අරගලය කුරුවල් කිරීමය.

එදා ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වූයේ රටේ මහජනතාවට අවශ්‍ය අරගලයක් නොව ඔවුනට පමණක් අවශ්‍ය අරගලයක් මහජනතාව මත පැටවීමය. අප තොප රට යන සියල්ලන්ටම කෙළවුණේය.

“ජීවිතය වනාහි සදාකාලික (නිරන්තර) අරගලයක්” Life is a Constant struggle යැයි කවුරුන් හෝ බහුශ්‍රැතයකු පවසා තිබේ. මේ අරගලය විවිධාකාරය. කවරාකාර වුවද සිදුවන්නේ බලවන්තයකුට එරෙහිව හැපෙන්නට බව නම් සත්‍යයකි.

මිහිතලය ආරම්භයේ පහළවූ මානව වංශිකයාට පවා රයිනෝසෝරස් වැනි දාර (යෝධ) උරගුන් හා සටන් කරන්නට සිදුවූවේය. අනතුරුව ඒ මුහුණුවර වෙනස් වෙනස් රූපාකර (රූප ආකාර) ගත්තේය. සිංහ කොටි (වග) වලස් පමණක් නොවේ. වර්තමානයේ මිනිසා මිනිසා අතරමත් අරගලය.

ලෝකාරම්භයේ පටන් පැවති අරගලවල නිවුන් සොහොයුරා රුධිරය බව ඉතිහාසය සාක්‍ෂි දරයි. ලේ නොහැලුණු, ජීවිත බිලි නොවූ අරගල නොවූ තරම්ය. මිනිසුන් ක්‍රෝධයෙන් වෛරයෙන් වළකා කරුණාවෙන් මෛත්‍රියෙන් පොහොවනු උදෙසා පවත්නා එකායන මාර්ගය (ඒකං මග්ගෝ) ආගමය. එහෙත් ඒ උත්තරීතර ආගම කියාදීම උදෙසා ද ලක්‍ෂ සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් (කුරුස යුද්ධ) බිලිගෙන තිබේ. ප්‍රංශ විප්ලවය, රුසියන් විප්ලවය මේ ආදී විප්ලවවලින් සිදුවූයේ ලක්‍ෂ ගණන් මියයාමය. ඉන්දියාව, චීනය, වියට්නාමය ආදී සෑම රටකම ගැටුම්වලින් කෙරුණේ මහජනතාව මරාදැමීමය.

මේ අරගලයේ හැටිය. අරගලය, විප්ලවය, කැරැල්ල, සටන, යුද්ධය යන කවර වචනවලින් කීවද හරය එකකි. ඔය දේ ගැන 2022 වර්ෂය ගෙවීයන මොහොතේ සුළු විස්තරයක් කළේ අපේ කොල්ලන් කෙල්ලන් ටික ලෝකෙටම ආදර්ශයක් වන අන්දමට කුරා කුහුඹුවකුට හෝ කරදරයක් නොවන අන්දමට ගාලුමුවර පිටියේ ගෙනගිය අරගලයේ වැදගත්කම කීමටය. උනට (ඔවුනට) අරගලය කිරීමට නායකයන් අවශ්‍ය වූයේ නැත. ස්ථානයට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත සියල්ලෝම නායකයෝ වූහ. උන් කතාකරන්නේ සිංහලද දෙමළද ප්‍රශ්නයක් නොවිණි. මේ බුද්ධාගම්කාරයෙක්ද, හින්දු භක්තිකයෙක්ද, ඉස්ලාම් ලබ්ධිකයකුද කිතුනුවකුද යන්න විමසීමට පිට්ටනියට ඇතුළුවෙන තැනදී අසන්නට හෝ බලන්නට කිසිවෙක් නොවූයේය. අපේ ඇතැම්හු තවත් දෙයක් සොයති.

අරූ හකුරුද? පදුද? හංදුරු ද? හුණුද? ආදී වශයෙන් සොයන්නට කෙනෙක් නොවීය. මේ දරුවන්ට ඒ කිසිවක් අවශ්‍යද නොවූයේය. එක පාන්කෑල්ල, එක බත්කට, එක කහට උගුර බෙදාගෙන හදාගෙන කෑවෝය. බීවෝය. එකට නැටුවෝය. ගැයුවෝය. ඒ සිහිවන විට පවා උන්ගේ(මේ දරුවන්ගේ, වීරයන්ගේ) හපන්කම සිත්වල ධෛර්ය, එකිනෙකා අතර බැඳීම පිළිබඳ සිහිවන විට සිතේ ඇතිවන්නේ දරාගත නොහෙන අභිමානයකි. ඔවුනට ගෞරව වේවා. යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.

වෙන දා (පෙරදී) අපේ විප්ලවකාරයන් උද්ඝෝෂණය කළේ පෙළපාළි ගියේ, රුසියාවේ, කාල් මාක්ස්, ලෙනින්ලාගේත්, කියුබාවේ කැස්ත්‍රෝ, බොලීවියාවේ චේගුවේරලාගේ, වික්ටර් හාරලාගේ නැතහොත් මාඕ සේතුංලාගේ සටන් පාඨ කියමිනි. “සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්” කියමිනි.

එදා කැපකිරීමක් නැති නායකයන්ට “දැන් ඉතින් නැගිටපියව්” යැයි කියන්නට යෙදුණේ මහජනතාවට “තල්ලු ඉස්ටාට්” දමමිනි. එහෙත් දැන් කොහේ හෝ රටක, කාගෙන් හෝ ණයකට ඉල්ලා ගත් උදම් වැකියක් මොරදෙමින් ගකෑගසූ යුගයට අපේ කොල්ලන් කෙල්ලන් තිතක් නොව “නෝහෙල්ලුං ලෙසටම” මහ ගල් පර්වතයක්ම ස්ථාපනය කර තිබේ.

මෙවක් පටන් ජාත්‍යන්තරයේ විරෝධතා ව්‍යාපාරවල ඉදිරියේ ගෙනයනු ලබන්නේ අපේ වසන්ත මුදලිගේලාගේ, රැට්ටලාගේ පමණක් නොව බට්ටලාගේ පොටෝය. කියන්නේ අපේ එවුන්ගේ උදානය. (සටන් පාඨ)

වෙනත් රටවල ඉඩි අමින්ලා, මෟමර් නොව මොරිස් මයිනර් ගඩාපිලා, පොල්පෝට්ලා පලවා හරින්නට තුවක්කු කාලතුවක්කු ගන්නට සිදුවූවේය. එහෙත් අපේ “බඩුටික” රොද බැඳගෙන එන ආරංචියට ගෝඨා දිව්වා කියන්නේ පස්සෙන් ගොට්ටයක් ද එල්ලාගෙනලු. ගෝඨා නම් මදෑ, අනන්ත දළ, අචින්ත්‍ය බල තිබූ බව කියන රාජපක්‍ෂ පැදුරටත් නොකියා දීවේය. නාමල්ලා, මල්ලා කෙනෙක්ම බව සනාථ කෙළේය. ඒ පරපුරේ පරම්පරාවේ වැලගිය මුලගිය හැම එකකුටම දුවන්නට රට මදි විය.

මේ අපේ වීර පැටවුන්ගේ හයි හත්තියයි. ඔවුන්ගේ ඒ වීරකම සිහවන කල්හි වයස අවුරුදු අසූවට ආසන්න වුවත් ඒ තරුණ අවධියේ “තුන්මුල්ල” පැන්න ශක්තිය ජවය තවමත් බුර බුරා නැගෙයි.

අර මොකක් නාට්‍යයක කොල්ලන් ටිකක් කියන “කොල්ලනේ වරෙව්, හනිකට නටනටා වරෙව්” යන ගීතය කෑගසා ගයමින් පාර මැදට පැන නටන්න ඇත්නම් යැයි සිතේ. හැබැයි ඒ කණ්ඩායමට ඉදිරියෙන් තවත් කණ්ඩායමක්
“සිංහ කොඩිය ගෙන අතේ
පෙරට තබමු පය අපේ
ධීරවීර හෙළ පුතේ
නියම සිංහයින් වගේ” යන ගීතය ගයමින් යායුතුය.

පල්ලමට දැමූ මගේ රට යළි නැගිටුවා දියුණුවට ගන්නට
එල්ල වී අප සොයුරු බැම්මෙන් බැඳී අරමුණ කරා යන්නට
බෙල්ල සිඳබිඳ ගියත් කම් නැත මගේ රට මගෙ දැය නගන්නට
කෙල්ල කොල්ලනි වරෙව්, නැගිටිව් යමව් සටනේ “සක්” පිඹින්නට



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

කාලා විතරක් නෙමෙයි බීලත් හමාරයි! ඔන්න අරක්කු බියර් වයින් ඔක්කොම 20%කින් නග්ගලා!

Next Post

රජයේ නිලධාරීන් 147 දෙනකුට උපාධි ගන්න ආණ්ඩුවෙන් දුන්න එක්කෝටි විසිහය ලක්ෂයක් ආයෙත් දීලා නෑ! යකඩෝ මේවට කියන්නේ හොරකම්ද? වංචාවල්ද?

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.