• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළිය කෙළිය පිස්සුව ඇත්තක්මද? බෙහෙත් පෙත්තටත් ගේමක් ගහලද?

January 3, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කෙහෙළිය කෙළිය පිස්සුව ඇත්තක්මද? බෙහෙත් පෙත්තටත් ගේමක් ගහලද?
Share on WhatsAppShare on Facebook

මං හිතනවා ඔබ අහලා තියෙනවා කියලා වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියන කතාව. මේ කතාව ලියුම්කරුම කිහිප වතාවක් මේ ලිපිවල ලියලා ඇති. මේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියන කතන්දරය සරලව සිද්ධ වෙන්නේ මොන විදියටද, නැත්නම් මේක පැහැදිලි කරගන්නේ කොහොමද කියලා මම ඔබට අද පළමු වතාවට කියලා දෙනවා. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියන කතන්දරෙන් කියැවෙන්නේ ගොයම රකින්නට තමයි නියර බැඳෙන්නේ. මේ ගොයම රකින්නට තමයි වැට බැඳෙන්නේ. වැටත් නියරත් තියෙද්දී ගොයම රකින්නට වැටත් නියරත් මත විශ්වාසය තියලා තමයි ගොවියා ඇතැම් විට ගෙදර ගිහිල්ලා එන්නේ. හැබැයි අවසානයේදී ගොයම රකී යැයි සිතා උන්නු වැටත් නියරත්, ගොයම කා දමා නම් එයට අපි වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව යැයි කියන එක අපි විශ්වාස කරනවා සාධාරණයි කියලා. මේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියන කතන්දරය මවිසින් මේ වෙලාවේ ලියන්නට තීරණය කරන්නේ පහුගිය දිනෙක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව සිදුකරන ලද එක්තරා පැහැදිලි කිරීමක් නිසාවෙන්. මේ පැහැදිලි කිරීම මතම පමණක් පිහිටා මේ ලිපිය අප ලියන අතර, යම් හෙයකින් එම පැහැදිලි කිරීම වැරැදි නම්, එහි යම් අඩුපාඩුවක් ඇත්නම් අදාළ අමාත්‍යවරයාට හැකියාව තිබෙනවා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නට. අපි සූදානම් මේ අමාත්‍යවරයා විසින් සිදුකරන පැහැදිලි කිරීමට ඉඩ හසර වෙන්කර දෙන්නට. එසේම අපි සූදානම් එම ප්‍රකාශය වැරැදි යැයි ඔබ ඔප්පු කරනවා නම් අපි මැදිහත් වී මේ ලිපිය සම්පූර්ණයෙන්ම වැරැදි ලිපියක් බව ප්‍රකාශ කරන්නටත්, එවැනි ලිපියක් පළකිරීම සම්බන්ධව ඔබට කනගාටුව පළකරන්නටත්.

එහෙම නම් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියන කතන්දරය අප ලියන්නේ කුමක් නිසාදැයි මෙතැන් සිට අපි ඔබට පැහැදිලි කරන්නට සූදානම්. මෙහිදී අප ‘වැටත් නියරත් ගොයම් කා නම්’ ලෙස අදහස් කරන්නේ රටක් ලෙස අපව රකින්නට, අප විසින් බැඳගත් වැටත්, නියරත් රටක් ලෙස අපව කාදමයි නම් අපව විනාශ කරයි නම් අපට වෙන කියන්නට කෙනෙක් නැති බවය. මක්නිසාද යත් අප මේ ජීවත් වන්නේ සියලු සැප පහසුකම් රහිත සියලු සුඛ විහරණයන් සහිත ප්‍රශ්න ලක්ෂ ගණනක් කරපින්නාගත් රටක වීමය.

මේ කතාව අප හට කියන්නේ ශ්‍රී ලංකාවේ වගකිව යුතු දේශපාලකයෙකි. වගකිව යුතු මිනිස්සු විසින් බොරු නොකියන බව අප සිදුකරන ලද පූර්ව නිගමනය මත මේ කතාව අප ඔබට කියන්නෙමු. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ විසින් මේ කතන්දරය හෙළිදරව් කළේය. කෙහෙළිය රඹුක්වැල්ල, නැත්නම් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හදිසියේ ඉන්දියාවට ගියේ ඇයි කියන ප්‍රශ්නාර්ථය යටතේ මේ කතන්දරය එළියට ආවේය. ඔහු විසින් කිසිම ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිල ගණන් විමසීමකින් තොරව හදිසියේම ඖෂධ මිලදී ගන්නා සමාගම මාරුකර ඇති බව දැනගන්නට ලැබේ. මෙසේ ලබාගන්නා ඖෂධ ලංකාවේ අනුමත නැති, ගුණාත්මක බවින් අඩු බෙහෙත් බවද ඔහු විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තහවුරු කරමින් ඉදිරිපත් කළේය.

එසේම මෙම ඖෂධ ලබාගැනීමේදී කැබිනට් මණ්ඩලයත්, පාර්ලිමේන්තුවත් නොමඟ යැවීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කරයි. ඔහුට අදාළ ඖෂධ ලබාගැනීමේ ක්‍රමවේදය සඳහා නැත්නම් ඖෂධ ලබාගැනීමේ ගනුදෙනුව සඳහා සහභාගි වීමේදී චෙන්නායිවල රැඳී සිටීමට තරු පහේ හෝටල් කාමරයක පහසුකම් ලබාදී ඇති බවත්, එම කාමරයට පමණක් ලක්ෂ හතරහමාරක් ගෙවා ඇති බවත් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී තවදුරටත් පැහැදිලි විය. මෙම මුදල ගෙවා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට බෙහෙත් ලබාගන්නා සමාගමෙන් බවද ඔහු පවසයි. අදාළ පැහැදිලි කිරීම නිවැරැදි නම්, සත්‍ය නම් එහි ඇති භයානකකම ගැන අමුතුවෙන් ඔබට සඳහන් කළ යුතු නැත. රටකට ඖෂධ ලබාගැනීමේදී නිශ්චිත ක්‍රමවේදයක් පවතින අතර, අදාළ බෙහෙත්, අදාළ සමාගමේ වැඩකටයුතු ඇතුළු සියල්ලම පූර්වයේදී නිගමනය කළ යුතුය. එසේ ලැබෙන නිගමනවලට අනුව බෙහෙත් සම්බන්ධව නිවැරැදි දැනහැඳිනගැනීමකින් පසුව අදාළ බෙහෙත් වර්ග මිලදී ගන්නා අතර එසේ බෙහෙත් වර්ග මිලදී ගන්නවා නම් මිලදී ගන්නා ආයතන සම්බන්ධව මුළු රටම දැන සිටිය යුතුය. එසේ නොමැතිව කිසිදු පරීක්ෂණයකින් තොරව මෙසේ බෙහෙත් වර්ග මිලදී ගැනීම කොයි තරම් අන්තරායකරදැයි ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මීට පෙර යම් කිසි සමාගමක් නිෂ්පාදනය කරන ලද කැස්ස බෙහෙතක් බී ලෝකයේ දරුවන් 30-40ක ප්‍රමාණයක් මියගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එම වර්ගයේ බෙහෙත් ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බව දැනගන්නට ලැබුණු නිසා අප සැනසුම් සුසුම් හෙලූ නමුත් යළි මේ එන්නේ එවැනි පොටකටදැයි ප්‍රශ්නයකි. බෙහෙත් මිලදී ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය සැබෑවටම මෙවැනි ආකාරයේ බවද අපට දැනගන්නට ලැබේ. ඇතැම් විට ඖෂධ සමාගම් විසින් ලබාදෙන අතිවිශාල දීමනා මත බෙහෙත් මිලදී ගැනීමටත්, බෙහෙත් වර්ග තෝරාගැනීමටත්, එසේම වෛද්‍යවරුන් පවා බෙහෙත් වර්ග ලබාදීමේදී මෙවැනි සංතෝසම් මත කටයුතු කරන බව අප අසා තිබේ. සමහර විට අදාළ අමාත්‍යවරයා මෙවැන්නක් නොකළා නම්, මෙවැන්නක් පුබුදු සහෝදරයා විසින් නොකියනු ඇතැයි අප විශ්වාස කරමු. ඒ නිසා පුබුදු සහෝදරයාගේ කතන්දරය අප 100%ක් විශ්වාස කරන අතර, ඔහු විසින් කී කතාව බොරුවක් නම් යළිත් අපට පවසන්නට ඇත්තේ එයට මෙවැන්නක් ලියුවාට සෞඛ්‍ය ඇමැතිතුමනි සමාවෙන්නැයි කියාය. නමුත් සෞඛ්‍ය ඇමැතිතුමා එවැන්නක් කළා නම් සෞඛ්‍ය ඇමැතිතුමනි අපට කියන්නට තිබෙන්නේ ඔබටත් රටටත් සොරි කියලාය. සමාවෙන්න කියන එකේ ඉංග්‍රීසි වචනය ‘සොරි’ කියන එක නමුත්, සොරි කියන එකත්, සමාවෙන්න කියන එකත් අර්ථ දෙකක් බව හුදී ජන පහන් සංවේගය උදෙසා මෙසේ ලියා තබමු. පහන් සංවේගය කෙසේ වුවද සංවේගය රටට වඩවඩාත් දැනෙන කාලයක් හෙටින් පසු උදාවනු ඇතැයි අප සිතන්නේ මේ බෙහෙත් ගනුදෙනුව යථාර්ථයක් බවට පත්වුණොත්ය.

පිළිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග විශාල ප්‍රමාණයක් නොමැති බව පිළිකා රෝහලෙන් අහන්නට ලැබෙමින් තිබේ. උදාවෙන්නේ බෙහෙත් නැතිකමෙන් රෝගීන් මියයන කාලයක් බව ඇතැම් අය ප්‍රකාශ කරති. එවැනි කාලයක් තුළ මෙවැනි ලාභ තකා වැඩ කරන අමාත්‍යවරුනි, ඔබ මරණින් පසු යන්නේ කොහේදැයි වහාම ඖෂධ සමාගමෙන්ම විමසා සිටින්නේ නම් හොඳය. නැත්නම් ඔබට සමහර විට මරණයෙන් පසු යන්නට සිද්ධ වෙන තැනදී ඖෂධ සමාගමේ මහත්වරුනුත් මුණගැසෙන්නට ඉඩ ඇතැයි අප මෙසේ ලියා තබමු. අප එසේ කියන්නේ ඔබ ඔය ලබාදෙන සංතෝසම් මත බෙහෙත් ගේන්නේ අපේ රටේ අහිංසක දරුවන්ට අහිංසක මිනිසුන්ට ලබාදෙන්නට නිසාය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හම්බන්තොට වරාය ගිවිසුමට විරුද්ධ වීම නිසා 2017දී මාව කැබිනට් එකෙන් පැන්නුවා! IMF සල්ලි පරක්කු වෙන්නෙත් හම්බන්තොට වරාය ගිවිසුම නිසා! ඇමැති විජයදාස මේ ගහන්නේ ජනාධිපති රනිල්ටද?

Next Post

කාලා විතරක් නෙමෙයි බීලත් හමාරයි! ඔන්න අරක්කු බියර් වයින් ඔක්කොම 20%කින් නග්ගලා!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

Load More
පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News
Business

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා ආයතනය 2026 ජූනි මස 5 වන දින කොළඹ ඔරියන් සිටිහි පිහිටි සිය නව ආයතනික කාර්යාලය නිල...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.