• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාඩගම් කෝලම් ජවුසම් අස්සෙ ටීචර්ලගෙ අලුත් නැටුම…

October 16, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
නාඩගම් කෝලම් ජවුසම් අස්සෙ ටීචර්ලගෙ අලුත් නැටුම…
Share on WhatsAppShare on Facebook

‘මද්‍ය පාන බීමෙ ජොලිය ගෑනු නොදන්නේ…’ යන ගීයට නටපු ටීටර්ලට විරුද්ධව විනය පරීක්ෂණයක් කරන්න අධ්‍යාපන බලධාරීන් තීරණය කරලා තියෙනවා. ඒකට එක එක තැන්වල එක එක කයි කතන්දරය කියවෙනවා. සමහරු ඒකට විරුද්ධයි. සමහරු කියන්නේ එහෙම දේවල් වෙන්න ඕනෙ නෑ කියලා. ඒත් අපි එහෙම කියන්නේ නෑ. අපි කියන්නේ ඔව්, පරීක්ෂණ කරන්න ඕනෙ. අනිවාර්යයෙන් පරීක්ෂණයක් කරන්න ඕනෙ. ඒ නටපු නැටිල්ල විතරක් නෙවෙයි ඒ ගුරුවරිය සම්බන්ධව සියලු දේ හොයන්න ඕනෙ. පැටිපස් පරාණෙම හොයලා, පැටිකිරිය අවබෝධ කරගෙන වැරැදිවලට දඬුවම් කරලා පුළුවන් නම් හිරේ දැම්මත් ප්‍රශ්නයක් නෑ. එහෙම තමයි වෙන්න ඕනෙ. ලංකාව වාගෙ රටක ගුරුවරියකට මීට වඩා විනයක් තියෙන්න ඕනෙ බව ඇත්ත. මොකද ලංකාව කියලා කියන්නේ ඉතා විනයගරුක රටක් නිසා. පාරෙ යනකොට අපි දකිනවා කොයි තරම් විනයගරුක රියැදුරෝද ඉන්නේ කියලා. අපි දැක්කා පහුගිය කාලෙ තෙල් නැතුව යනවා කියලා දැනගත්තට පස්සේ ඉන්ධන පිරවුම්හල් අසල මිනිස්සු පුදුම විනයගරුක විදියට පෝලිම්වල හිටපු හැටි. කිසිම තැනකදී කිසිම වෙලාවකදී කිසිම කෙනෙක් හොරකමක් වංචාවක් කළේ නෑ. තෙල් ටිකක් හොරෙන් ගත්තේ නෑ. එහෙම රටක මෙහෙම ගුරුවරු ඉන්න විදියක් නෑ. ඒක තමයි ඇත්ත. මේ ගුරුවරිය බිහිවෙන්නේ අර ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු පරම්පරාවෙන්. ඒ මිනිස්සුන්ගෙ ලෝකෙන්. එහෙම විනයගරුක මිනිස්සු තුළ මෙහෙම විනයක් නැති අය ඉන්න පුළුවන්ද? අධ්‍යාපන බලධාරීන් ගත්තත් මොන තරම් විනයගරුකයිද? ලංකාවෙ කිසිම අධ්‍යාපන බලධාරියෙක් ඉන්නවද කාට හරි ගොට්ට අල්ලලා, කාට හරි මුට්ටිය අල්ලලා, නිලධාරි එක්ක නිදාගෙන, මොනව හරි සෙප්පඩවිජ්ජාවක් කරලා ඉහළ තනතුරුවලට ආපු? එහෙම කිසිම කෙනෙක් නෑ. එහෙම කිසිම කෙනෙක් නැති රටක මෙහෙම ගුරුවරු ඉන්න පුළුවන්ද?

ගිහිල්ලා බලන්න අධ්‍යාපන කාර්යාලයකට. උදේ 8 ඉඳන් හවස 4.30 වෙනකන් අනිවාර්යයෙන්ම ඔය නිලධාරීන් තමන්ගෙ රාජකාරිය කරන හැටි. සමහර අය හවස 5ට, 6ට, 8ට විතර ගෙදර යන්නේ රාජකාරිය කරලා. වෙන වෙන දහදුරා වැඩ කරලා නෙවෙයි. තැන් තැන්වල බිබී ඇවිදලා නෙවෙයි. අනෙක් එක බලන්න අද ලංකාවෙ අධ්‍යාපනය කොච්චර ඉහළ තැනක තියෙනවද කියලා. විදුහල්පතිවරයෙක් කවදාකවත් ළමා අපචාරයක් කරලා තියෙනවද? අපට අහන්න දකින්න ලැබිලා තියෙනවද අධ්‍යාපන බලධාරියෙක් වැරැදිලා හරි අයුතු යෝජනාවක් කරලා තියෙනවා කියලා කාට හරි. ඉස්කෝලෙකට ළමයෙක් දාගන්න ගියාම තියෙන වැඩපිළිවෙළ කොච්චර විනිවිදභාවයකින් යුක්තයිද ලංකාවෙ? විදුහල්පතිවරයෙක් ලිංගික අල්ලස් ඉල්ලුවා කියලා නිකන් විහිළුවටවත් අහන්න ලැබිලා තියෙනවද? මම හිතන්නේ අපේ රටේ විදුහල්පතිවරු ලිංගික අල්ලස් කියන වචනෙ තේරුමවත් දන්නෙ නෑ. ලිංගික අල්ලස් කෙසේ වෙතත් ඔයාලා ජීවිතේට අහලා තියෙනවද අපේ විදුහල්පතිවරයෙක්, දරුවෙක්ව පාසලකට දාන්න කීයක් හරි ගත්තා කියලා? විදුහල්පතිවරයෙක්ගෙන් අහලා බලන්න, ඔයාට කීයක් හරි දෙන්නම් අපේ දරුවා පාසලට දාලා දෙන්න පුළුවන්ද කියලා. විදුහල්පතිවරයට පුදුම විදියට තරහා යනවා. ඒ තරමට මේ රට විනයගරුකයි.

අනෙක් එක අධ්‍යාපනයට මොනවද අඩු? විභාග හරි දවසට තියනවා. හරිම වෙලාවට ප්‍රතිඵල නිකුත් කරනවා. ප්‍රශ්න පත්‍ර බලන්න එන ගුරුවරුන්ට සියලු පහසුකම් දෙනවා. පෙළපොත් ටික හරි වෙලාවට හරි විදියට කිසිම අඩුපාඩුවක් නැතිව මුද්‍රණය කරනවා. නිල ඇඳුම් ටික බෙදලා දෙනවා. මේ හැම දේම වෙන රටක් මේක. මෙහෙම රටක කොහොමද ‘මද්‍ය පානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ’ සින්දුවට නටන්නේ? ඒ හින්දා අධ්‍යාපන බලධාරීන් වහාම මේකට පියවරක් ගන්න ඕනෙ. කිසි ප්‍රශ්නයක් නෑ. ඇත්තටම අධ්‍යාපන බලධාරීන්ටත් වැඩක් තියෙන්න එපායැ. කිසිම හේතුවක් නිසා රටේ අධ්‍යාපනයේ වැරැද්දක් නොවෙනකොට, පාසලක සිදුවෙන යම් වරදකට ගුරුවරයෙක්ට එරෙහිව කාටවත් චෝදනා කරන්න බැරි වෙනකොට, විදුහල්පතිවරු 100%ක් විනයගරුක වෙනකොට, ගුරුවරු කිසිම දවසක තමන්ගෙ පාසලේ දරුවෙක්ව ලිංගික ක්‍රියාවන්ට පොළඹවා නොගන්නකොට, අපි දැක්කා කොහේදෝ රටක ගුරුවරියක් තමන්ගෙ පාසලේ ශිෂ්‍යයෙක්ව හැට වතාවක් විතර කාමර ගානෙ එක්කගෙන ගිහිල්ලා තියෙනවා. අපේ රටේ එහෙම දෙයක් වෙනවද? එහෙම දෙයක් වුණත් සිදුවෙන්නේ ඒ ළමයව කාමරේට එක්ක ගිහින් පාඩමක් කියලා දෙන එකයි. සමහර විට ඒක විෂය කරුණක් වෙන්න පුළුවන්. සමහර විට ප්‍රායෝගික දෙයක් වෙන්න පුළුවන්. කොහොම නමුත් උගන්වන එක හැර වෙන කිසිම දෙයක් අපේ ඉස්කෝලවල වෙන්නේ නෑ. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ගුරුවරු සමහර වෙලාවට ඕනෙ නැති වැඩ කරනවා. බඩගින්නෙ ඉන්න ළමයින්ට කන්න දෙනවා වගේ ඕනෙ නැති වැඩ කරන ගුරුවරුන්ට දඬුවම් කරන්න ඕනෙ. ඒවා ගුරුවරු අතින් වෙන්න ඕනෙ දේවල් කියලා අපි විශ්වාස කරන්නේ නෑ.

උදේ හතහමාරෙ ඉඳන් දවල් එකහමාර වෙනකල් ගුරු රස්සාව කරලා ගෙදර යනවා මිසක්, එකහමාරෙ ඉඳන් තුන හතර විතර වෙනකල් නොමිලේ දරුවන්ට උගන්වන එක වැරැදියි. ඒ වගේ වැරැදි කරන ගුරුවරුන්ට දඬුවම් කරන්න ඕනෙ. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. තමන්ගෙ අතේ තියෙන තුට්ටු දෙකෙන් ගුරුවරු විදියට එකතු කරගත්ත පඩිය ළමයි වෙනුවෙන් වියදම් කරනකොට ඒ ගුරුවරුන්ට දඬුවම් කරන්න ඕනෙ. ගෙදරින් ගේන බත්පත දරුවන්ට කන්න දීලා බඩගින්නේ ගෙදර යන ගුරුවරියන්ට දඬුවම් කරන්න ඕනෙ. මොකද ඒවා කළයුතු දේවල් නෙවෙයි. ගුරුවරියක් විදියට පත්වීම ලබන කොට කවදාවත් පත්වීමේ එහෙම දේවල් කරන්න කියලා නෑනේ. ඒක නිසා ‘මද්‍ය පාන බීමෙ ජොලිය ගෑනු නොදන්නේ’ ගීතයට නටපු ගුරුවරියගේ වැඩ තහනම් කරලා පුළුවන් නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකුට භාරදෙන්න ඕනෙ දඬුවම් ක්‍රියාත්මක කරන්න. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්නවනේ දඬුවම් ක්‍රියාත්මක කිරීමේ සහජ හැකියාවක් තියෙන සමහර මැති ඇමැතිවරු. චාමර සම්පත් කියන මහත්තයා. සනත් නිශාන්ත කියන මහත්තයා. ඒගොල්ලො දන්නවා ගුරුවරුන්ට දඬුවම් කිරීමේ විද්‍යාත්මක ක්‍රමය. ඒ නිසා ඒගොල්ලන්ගෙ මූලිකත්වයෙන් මේ කටයුත්ත සිද්ධ කරන්න ඕනෙ. ප්‍රසන්න රණතුංග මහත්තයගෙන් වුණත් කිසි ප්‍රශ්නයක් නෑ අහලා බැලුවොත්. එයා දන්නවා ඉස්කෝලත් එක්ක ගනුදෙනු කරන විදිය හරියටම. කැමැති නම් ඔය ඉස්කෝලෙ ගාව තව ඉස්කෝලයක් හදන්න පුළුවන්. මේ ටීචර්ට පාඩමක් උගන්වන්න. ඒ වගේ දඬුවම් ක්‍රම ලංකාවෙ ක්‍රියාත්මක කරන්න විද්‍යාත්මකව දන්න කැබිනට් මණ්ඩලයක් ලංකාවෙ ඉන්නවා.

මිනිස්සුන්ට කන්න බොන්න තියෙනවා. මිනිස්සුන්ට තෙල් ටික නියම වෙලාවට නියම ගානට හම්බවෙනවා. ගෑස් ටික හැමදාම තියෙනවා. මිනිස්සුන්ගෙ අතේ ඕනෙ තරම් සල්ලි තියෙනවා. සල්ලිවලට ගන්න දේවල් කඩේ තියෙනවා. පිටරටවලින් බඩු ටික එනවා. අපේ රටේ බඩු ටික පිටරට යවනවා. සංචාරකයෝ වැහි වැහැලා. ආර්ථික ශක්තිය ඉහටත් උඩින්. අයි.එම්.එෆ්. එක බලහත්කාරයෙන් ණය දෙන්න හදනවා. අපියි මේ අමාරුවෙන් ණය ගන්නෙ නැතුව ඉන්නේ. ඒ නිසා මෙහෙම රටක මේ තරම් සව්සිරියෙන් ඉතිරුණු තැනක මේ වගේ අවලස්සන නර්තනයක් දකින්න ලැබුණු එකම මොන තරම් අවාසනාවක්ද?

ඒක නිසා මේ සදාචාරසම්පන්න රටේ මේ ගුණගරුක සමාජයේ යහපත් පුරවැසියො අතර මේ වගේ අයහපත් නොපනත් ක්‍රියාවක් කරන්න ගුරුවරියක් ඉන්නවා නම් ඈට දඬුවම් කළ යුතුයි. අපි රැල්ලට ගිහිල්ලා කතා කරන්නේ නෑ. අපි කියන්නේ මේ රට මේ තැනට ගෙනාපු බලධාරීන්ට තව ඉතිරි වෙලා තියෙන්නේ ඕක කරන්න විතරයි. ඇත්තටම ඔය ගුරුවරියට දඬුවම් කළාට පස්සේ අපේ රටේ තියෙන ප්‍රශ්න ඔක්කොම ටික ඉවර වෙනවා. ඒ ප්‍රශ්නෙත් ඉවර කරගත්තොත් අපි දෙවැනි වෙන්නේ නෑ චීනෙට ඇමෙරිකාවට. ඒක නිසා අපි දඬුවම් කරමු. මේ ටීචර්ට විතරක් නෙවෙයි, ගුරු දිනය දවසේ නටපු සියලු ටීචර්ලට දඬුවම් කරමු. ගුරු දිනය දවසේ නටපු සහ නටන්න ඉඩ දීපු සියලු විදුහල්පතිවරුන්ට දඬුවම් කරමු. මේ සින්දුව දාපු එකා හොයලා එයාටත් දඬුවම් කරමු. පුළුවන් නම් මේ සින්දුව ලියපු සහ කියපු කෙනාටත් දඬුවම් කරමු. ඒ අය නම් දැන් ජීවතුන් අතර නැතුව ඇති. හැබැයි ඒගොල්ලන්ටත් දඬුවම් කරන්න ඕනෙ. කොහේ හරි රෙකෝඩ් බාර් එකක මේ සින්දුව වාදනය කරනව නම් දඬුවම් කරමු. ගුවන් විදුලි නාලිකාවක මේ සින්දුව ප්‍රචාරය කරනවා නම් දඬුවම් කරමු. රූපවාහිනී නාලිකාවක මේ සින්දුව විකාශය කරනවා නම් දඬුවම් කරමු. දඬුවම් කරනවා කියලා කියන්නේ ඇත්තටම අපේ රටේ දේශපාලකයෝ කැමැතිම දෙයක්. ඒක නිසා මේ සම්බන්ධව විද්‍යාත්මකව දඬුවම් කිරීමේ ක්‍රමවේදය දන්න අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට මේක භාරදීලා, මේ ගුරුවරිය ඇතුළු පිරිසට දඬුවම් කරලා, අපේ රටේ තිබුණු අවසාන ප්‍රශ්නෙත් ඉවර කළාට පස්සේ ආයෙ කතා කරන්න දෙයක් නෑ. මේක ලෝකෙ තියෙන උතුම්ම රට බවට පත්වෙනවා. ඒ වෙනුවෙන් අපි එක පයින් ආණ්ඩුවත් එක්ක හිටගන්නවා. අධ්‍යාපන බලධාරීන් එක්ක හිටගන්නවා, ‘නියමයි සර්, මරු වැඩේ’ කියලා. අපි දඬුවම් කරමු ආයෙත් කිසි දවසක නටන්නෙ නැති වෙන්න. අපි ලංකාවෙ නැටුම් කියන විෂය පාසල් පද්ධතියෙන් ඉවත් කරමු. ඉස්කෝලවල බාල් නටලා හරියන්නේ නෑනේ. නැටුම් කාමරවල දොරවල් වහගෙන ගෑනු ළමයි නටවන එක වැරැදීනේ. අපට අවශ්‍ය නම් පුළුවන් සංගීතය කියන විෂයත් පාසල් පද්ධතියෙන් අයින් කරන්න. ඇයි? ඉස්කෝල ඇතුළේ සින්දු කියන එක වැරැදි වැඩක් කියලයි අපට හිතෙන්නේ. ඔය වගේ විෂයන් හය හතක් අයින් කරලා, ගුරුවරු ටිකත් අයින් කරලා, මැති ඇමැතිවරුන්ට ඡන්දෙට උදව් කරපු ගුණයහපත් මහත්වරු ඉන්නවනේ. රැවුළ කොණ්ඩෙ කපලා ගත්තා නම් මූණේ පියරු ටිකක් ගාලා ඉස්කෝලෙ යවන්න බැරිකමක් නෑ. සමහර ගෑනු උදවිය ඉන්නවා පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒත් ඒගොල්ලන්ගෙ අඩුපාඩු ටික එහෙන් මෙහෙන් වහලා ගත්තා නම් ඒගොල්ලන්වත් ඉස්කෝලෙ යවන්න පුළුවන්. එතකොට ලංකාවෙ දේශපාලන ව්‍යාපාරයත් සාර්ථකයි. මොකද ඡන්දෙට වැඩ කරලා ඉන්න ගුණයහපත් මිනිස්සු. ඒ අය විනයගරුකයි. අධ්‍යාපන බලධාරීන් කියන දේවල් අහනවා. මැති ඇමැතිවරුන්ට කීකරුයි. දේශපාලන රැස්වීමක් තිබ්බම ඒගොල්ලෝ ඉස්කෝල වහලා හරි ඒ රැස්වීම්වලට යන්න එනවා. ඒ නිසා ඒගොල්ලන්ට ගුරු පත්වීම දෙන්න ඕනෙ. ඒගොල්ලො නටන්නේ නෑ ඇමැතිවරුන්ගෙ මන්ත්‍රීවරුන්ගෙ කීමට පිටින්. ඒ අය නටන නැටුමක් නටන්නේ මැති ඇමැතිවරුන්ගෙ ඔඩොක්කුවෙ. ඒක නිසා ඒගොල්ලන්ව ඉස්කෝලවලට දාමු. මේ ගුරුවරු ටික පන්නලා දාමු. අපි නම් වැඩේට එකඟයි. කරනවා නම් කරන්න ඔන්න වැඩේ. අපි ඉන්නවා එක පයින් ඔයාලත් එක්ක. දඬුවම් කරපු දවසට අපට කියන්න ඔවුන්ට දීපු දඬුවම. අපි ඒ ගැනත් මේ විදියටම ලියනවා. නියමයි සර්. මරු…!



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අම්මා අපිව එපා කිව්වා තාත්තා කිඹුලා අරන් ගියා දැන් අපිට කවුරුත් නෑ…

Next Post

27 ජේ.වී.පී. කොළඹට!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.