අද වන විට රාජපක්ෂ මඩ ෆැක්ටරි ක්‍රියාත්මක වන බවත් සංස්කෘතික අරමුදල සම්බන්ධව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් මඩ ගසමින් සිටින බවත්, මේ අභූත චෝදනා වලට තමන් කිසිවිටකත් නොසැලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමන් කළ එකම වරද සංස්කෘතික අරමුදලේ පනතට අනුව කටයුතු කිරීම බවත්, එහි මුදලේ අරමුදල් උපයෝගී කරගෙන සිදු කළ සියලු ව්‍යාපෘති විනිවිදභාවයෙන් යුක්ත බවත් පැවසූ විපක්ෂ නායකතුමා අදාළ සියලු ව්‍යාපෘති සහ ඉදිකිරීම් සිදු කළේ රාජ්‍ය ආයතන යොදාගෙන බවද සඳහන් කළේය.
විපක්ෂයේ සිටියදී සජිත් හුස්ම, සක්වල, පාසල් වලට බස් රථ ලබාදීම සිදුකරන්නේ කෙසේදැයි ඇතැම් විරුද්ධවාදී කොටස් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකතුමා විනිවිදභාවයෙන් අවංකව හෘද සාක්ෂියට එකඟව වැඩකරන ඕනෑම පුද්ගලයකුට පරිත්‍යාග කිරීමට හැකි පරිත්‍යාගශීලීන් සිටින බව සිහිපත් කළේය.
ජනාධිපතිවරයා එතර සිට පැමිණි සැනින් අධි ආරක්ෂිත සම්බන්ධ ගැසට්ටුව රිවස් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ ආකාරයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙසද පැවසීය.
සමගි ජන බලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස් මණ්ඩල රැස්වීම අද(02) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි. එය සංවිධානය කොට තිබුණේ හිනිදුම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක පියසේන ගමගේ මහතා විසිනි.
අති විශාල ජනකායක් එම හමුවට එක්ව සිටියහ. යල් පැනගිය ක්‍රමවේද වලින් ඉවත් වී රට ගොඩනැඟීම සිදු කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කළ හැකි තරුණ පරම්පරාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය බවද පැවසීය.










