• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුකම නොහඳුනන අම්මලා සහ තාත්තලාගේ කතාව… වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත…

October 3, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
දරුකම නොහඳුනන අම්මලා සහ තාත්තලාගේ කතාව… වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත…
Share on WhatsAppShare on Facebook

ලෝක ළමා දිනයේ උණුසුම යන්නටත් මත්තෙන් මෙවැනි සිදුවීමක් ලියන්න වීම ගැන මගේ හදවතේ ඇත්තේ මහත් වූ කම්පාවක්. රුසියානු ජාතික ලේඛක මැක්සිම් ගොර්කි වරෙක කීවේ ‘ලෝකය තැනී තිබෙන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලින්’ බවයි. දරුවන් නොමැතිව දුක් විඳින මිනිසුන් ලෝකයේ ඕනෑ තරම් සිටිනවා. ඔවුන් දරුඵල පතා බාරහාර වෙනවා. දරුවන් ලබාගන්න ලක්ෂ ගණන් මුදල් වියදම් කරනවා. නළ දරුවන් ලබාගැනීමට පවා යොමුවෙනවා. ඒ, කොහොම හරි දරුවෙක් හදාගැනීමේ චේතනාවෙන්.

අම්මා කෙනෙක් දස මාසයක් කුසේ දරලා ලේ කිරි කරලයි දරුවන්ව පෝෂණය කරන්නේ. තමන්ගෙ ලෙයින් උපන් දරුවෙක්ව පොහොර උරයක දාලා කට ගැටගහන්න අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට පුළුවන්ද? අපි දන්නේ අම්මාගේ ආදරය නිර්මලයි අව්‍යාජයි කියලයි. ඒත් මේ සිදුවීම ඊට හාත්පසින්ම වෙනස් කතාවක්.

පසුගිය සැප්තැම්බර් 25 වැනිදා අලුත උපන් බිලිඳකු පඬුවස්නුවර බණ්ඩාර කොස්වත්ත උගුරැස්සගම ප්‍රදේශයේ පාළු වන රොදක් වූ වැව් පිටියක දමාගොස් තිබියදී ගම්මුන්ට හමුවී තිබුණා. එම ගමේ කාන්තාවක උදෑසන තමන්ගේ ගවයන් බඳින්නට ගිය අවස්ථාවේ බිලිඳකු අඬන හඬ ඇයට ඇසෙන්නට වුණා. ඒ පිළිබඳ සොයා බැලූ ඇය දුටු දෙයින් ඇයට ඇස් අදහාගත නොහැකි වුණා. සුදු පැහැති පොහොර උරයක් තුළින් බිලිඳකු හඬන බවයි එහිදී ඇයට දැකගන්නට ලැබුණේ. ඒ අනුව ඇය වහාම අසල්වාසීන් දැනුවත් කර පොහොර උරය විවෘත කරන්නට වුණා. එහිදී දැකගන්නට ලැබුණේ අඟ පසඟ හොඳින් වැඩුණු කිරිකැටි පිරිමි දරුවකු ඒ තුළ සිටින බවයි.

ඒ අනුව 1990 සුවසැරියට දුරකතන ඇමතුමක් දී ගිලන් රථයක් ගෙන්වාගෙන දරුවා නිකවැරටිය රෝහල වෙත යැවීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

මේ දරුවා මෙලොව එළිය දැකලා පැය කිහිපයයි. ඔහුගේ පෙකණි වැලද කපා නැති බවයි ගම්මුන් කියා සිටියේ. පොහොර උරයේ තිබූ රුධිරය සහ මැස්සන්ද දරුවාගේ ඇඟේ වසන්නට වුණා. මේ කිරිසප්පයා වෙනුවෙන් ගමේ ජාති ආගම් භේදයකින් තොරව පිරිස එකතු වුණා. ඒ ස්ථානයේ මුස්ලිම් දෙමළ සිංහල යන සෑම ජාතියකම අය සිටියා. මෙවැනි කිරිසප්පයකුගේ ජීවිතය බේරාගැනීමට එකමුතු වී කටයුතු කිරීම අගය කළ යුතුයි. ඔවුන්ට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. දැනගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව මේ දරුවා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවනවා. වාරියපොල පොලිසිය දරුවාගේ මවුපියන් ගැන විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 31 වැනිදාද මෙවැනිම සිදුවීමක් සිදුව තිබුණා. ඒ, දින 51ක් පමණ වයසැති බිලිඳෙක් ළමා නිවාසයක් අසල ඇඳුම් බෑගයක් සමග දමාගොස් තිබියදීයි. මේ බිලිඳා සිටි තැනට ඉංග්‍රිසි භාෂාවෙන් ලියූ ලියුමක්ද දමාගොස් තිබුණා. එහි සඳහන්ව තිබුණේ බිලිඳා ඉපදුණු දවස, ඔහුගේ නමයි. එසේම බිලිඳා පිරිමි දරුවකු බවත්, ඔහු ආරක්ෂා කර තබාගන්නා ලෙසත්, තමන් බොහෝ ප්‍රශ්නවලට මුහුණපා සිටින බවත් වැඩිදුරටත් එහි සඳහ්ව තිබුණා.

සිරිසඟබෝ ළමා නිවාසය ලෙස හඳුන්වන මේ ළමා නිවාසය පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල අඹේගොඩයි ප්‍රදේශයේ. ළමා නිවාසයේ ගරාජය තුළ මෙම දරුවා දමාගොස් ඇති බව පොලිසිය පවසා තිබුණා. දරුවාට පොලිසිය තුළදී මව්කිරි ලබාදීමටද පොලිස් නිලධාරිනියක පියවර ගෙන තිබුණා.
අම්මා කියන අකුරුවල උතුම් බව පසක් කළ ඒ පොලිස් නිලධාරිනියට අනේක වාරයක් පින් සිදුවෙනවා. පසුව මේ බිලිඳාව දියතලාව රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

ළමා නිවාසය අසල සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී පිරිමි පුද්ගලයෙක් රාත්‍රියේ පැමිණ ගමන් මල්ලක් තබා යන අයුරු එහි සටහන්ව තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ළමා නිවාසයේ පාලිකාව පවසා සිටියේ, ‘මාසයකට දරුවන් හදාගන්න ඉල්ලලා දහයක් පහළවක් විතර මෙහාට එනවා. නමුත් මේ දරුවා වැස්සේ සීතලේ ගැහෙනවා දැක්කාම හිතට දරාගන්න බැරි වේදනාවක් දැනුණේ. මෙහෙම දරුවන්ට කරන්න එපා…’ යනුවෙනි.

මෙවැනිම තවත් සිදුවීමක් පසුගිය 25 වැනිදා සිදුව තිබුණා. ඒ දින 7ක් වයසැති බිලිඳෙක් රුපියල් 50,000ක මුදලකට විකුණීමේ සිදුවීමක්. දරුවාව මිලට ගත් කාන්තාව සහ අතරමැදියකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙක්ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා. දරුවා මිලට ගත් කාන්තාව කැබිතිගොල්ලෑව වාහල්කඩ ප්‍රදේශයේ තැනැත්තියක් වන අතර අතරමැදියා ලෙස කටයුතු කර තිබුණේ අනුරාධපුර ත්‍රිරෝද රථ රියැදුරකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබුණේ දරුවාගේ මව විසිනුයි. ඒ පැමිණිල්ලට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ. රුපියල් 50,000කට දරුවා අලෙවි කළ පියා මේ ගනුදෙනුවෙන් පසුව ගමද අතහැර පලාගොස් තිබෙනවා. මෙම යුවල නීත්‍යනුකූලව විවාහ නොවී අනුරාධපුර නගරයේ විවිධ ස්ථානවල අඹුසැමියන් ලෙස නවාතැන් ගෙන සිටි පුද්ගලයන් බවද වාර්තා වී තිබෙනවා.

සැකකාර පියා මාතලේ ප්‍රදේශයේ පුද්ගලයකු බවත් මව කොළඹ ප්‍රදේශයේ කාන්තාවක් බවත් පොලිසිය සඳහන් කර තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරු සහ අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පසුගිය 26 වැනිදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අනුරාධපුර ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත ළමා හා කාත්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි යමුනා කාන්ති මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදුවුණා.

අපේ රට බුදුන්ගේ දේශය කියලා එදා හැඳින්වුවත් මේ වගේ සිදුවීම් අහන්න දකින්න ලැබෙද්දී තිබෙන්නේ එදා තිබුණු සාරධර්ම අපේ රටෙන් වියැකී ගොස් ඇති බවයි. දරුවෙක් කුසට ආ දා පටන්ම ඒ දරුවාට අම්මා කෙනෙක් කොයිතරම් ආදරය කරනවද? දරුවාට විෂවෙයි කියලා ආහාර ගන්නේ හරි පරස්සමෙන්. අගුණ ආහාර කන්නේ නැහැ. පෝෂණීය ආහාර හොය හොයා කන්නේ. දරුවා නිරෝගිමත් දරුවෙක් විදියට මේ ලෝකේ එළිය දකින්ටයි දවසින් දවස තත්පරයෙන් තත්පරය ගෙවන හැම මොහොතක්ම සිතන්නේ. කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවෙයි මවුපියන් කටයුතු කරන්නේ. ජීවිතය තියෙන තුරුම අම්මාගේ ශ්‍රමය යොදවන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. තත්පරෙන් තත්පරය හිතන්නේ දරුවන්ගේ ලෝකය කොහොමද ලස්සන කරන්නේ කියලා. කොහොමද දරුවන්ව සතුටෙන් තියන්නේ කියලා. ඒත් කිසිදු අඩුවක් නැතිව හොඳින් බිහිවුණු දරුවෙක් රැකගන්න අකැමැති මවුපියනුත් මේ රටේ ඉන්නවා දැකීම කනගාටුවට කරුණක්.

අම්මා කෙනෙක්ට මෙහෙම කරන්න බැහැ. කවදාවත් දරුවෙක් ආදරයෙන් වැදුවා නම් ප්‍රශ්නවලට දරුවෝ පලි නාහැ. මේ ලෝකේ දරුවන් නැතිව දුක් විඳින, පන්සල් ගානේ දේවාල ගානේ ගිහින් බාර හාර වෙන අම්මලා තාත්තලා කොයි තරම් නම් ඉන්නව?

මේ රටේ ඕනෙ තරම් ළමා නිවාස තියෙනවා. තමන්ගෙ දරුවන් තමන්ට බරක් නම් ඒ දරුවාව එවැනි ස්ථානයකට භාරදෙන්න තිබුණා.

මේ වගේ සිදුවීම් නැවතත් දකින්න අහන්න නොලැබෙන්න කටයුතු කරන එක බලධාරීන් ඇතුළු සියලු දෙනාගේම වගකීමක්.

අතීතයේ ගම්වල එක පවුලකට ළමයි අටක් දහයක් සිටියා. නමුත් අද වන විට රටේ ආර්ථිකයත් එක්ක පවුලක් දරුවෙක් හදාගන්නේ හරිම අමාරුවෙන්. රටේ වියදම් මිනිස්සුන්ට දරාගන්න බැහැ.

අන්ධ ආදරය හමුවේ තරුණියෝ බොහෝ විට අසරණභාවයට පත්වෙනවා. විටෙක මෙය අසම්මත ප්‍රේමයක ප්‍රතිඵලයක් වන්නට පුළුවන්. කොහොම වුණත් දරුවා නිරුපද්‍රිතව සිටීම ගැන සතුටට පත්වන්න පුළුවන්. මේ බිලිඳුන් බිහිකළ මවුවරුන්ට මේ ලෝකෙට කියාගන්නට බැරි ප්‍රශ්නයක ඉන්න ඇත්තේ. ඒත් එය කවදාකවත් සාධාරණීකරණය කර සමාවක් දෙන්නට නම් බැහැ. අම්මා කියන කෙනාට මේ තරම් පහළට වැටෙන්නට පුළුවන්ද? තිරිසන් සතුන් පවා තමන්ගේ පැටවුන්ට ආදරය කරනවා. මේ මවුපියෝ තිරිසන් සතුන්ටත් වඩා අන්තයි. මෙවැනි සිදුවීම්වලට දෙපාර්ශ්වයම වැරදිකරුවන්ය. අවස්ථාවාදී පිරිමියකුත් මේවාට සම්බන්ධ බව අමතක නොකළ යුතුයි. තමන්ගේම දුවව ගේ තුළදීම දූෂණය කරන ඇතැම් තාත්තලා ඉන්නවා. දරුවන්ගේ කනකර උකස් කරලා කසිප්පු බොනවා මත්ද්‍රව්‍ය භාවිත කරනවා. ඒ අතර සමහර තරුණියන් ප්‍රේම සම්බන්ධතා දුරදිග ගොස් දරුවන් බිහිකර, ඒ දරුවා මරලා ගඟේ මුහුදේ දානවා. එහෙම නැත්නම් කැලෑවක අතහැරලා යනවා. නමුත් මේ අම්මාට ලෝකයේ ගැරහුම්වලින් බේරුණත් තමන්ගේ හෘද සාක්ෂියෙන් නම් කිසි දිනෙක ගැලවීමක් ලැබෙන්නේ නැහැ. දරුවන් ජීවත් කරවන්න බැරි නම් මේ ලොකේට බිහිකරලා දරුවන්ව අනාථ කරන්න එපා කියලයි ඔවුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ.

මේ රටේ කොතැනක හෝ ළමා අපයෝජනයක් සිදුවනවා නම් ඕනෑම අවස්ථාවක 1929 දුරකතන අංකයෙන් පැය 24 පුරාම ඔබට පැමිණිලි කළ හැකි බව මතක තබාගන්න. දරුවෙකු මේ ලෝකෙට බිහිකළා නම් ඔහුගේ අනාගතය සුවදායි කරන එක සෑම මවුපියකුගේම වගකීමක්. ඒ බව බුදුරදුන් පවා සිඟාලෝවාද සූත්‍රයේ දේශනා කොට තිබෙනවා.

මෙහෙම කැලෑවල පාරවල්වල දරුවන්ව දාලා යන්නේ නැතුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට ගිහින් වගකිව යුතු නිලධාරියෙක්ට භාරදුන්නා නම් අද මෙවැනි විපතක් සිදු නොවන්නට තිබුණා. දරුවෝ නැතිව ඉල්ලන අය මේ ලෝකේ ඕනෑ තරම් ඉන්නවා. ඒ අය දරුවා භාරගෙන ආදරෙන් හදාගනීවි. ළමා නිවාසවල දරුවන් භාරගන්න බොහෝ අය බලන් ඉන්නවා. ඔවුන් ඒ දරුවන්ගේ ජීවිත ලස්සන කරාවි.

බුදු සරණයි රත්තරන් පුතේ… කවදාවත් ඔයා අම්මාට වෛර කරන එකක් නැහැ. ඔයාගේ අම්මාගේ පිටුපස මොන විදියේ සැඟවුණු කතාවක් ලියවී තිබුණත් මවු පදවිය තරම් උතුම් පදවියක් තවත් මේ ලෝකේ නැහැ. අම්මා කියන වචනෙටවත් නුඹේ අම්මා සැලකුවේ නැහැ. ඔයාගේ අම්මාට ඔයාව ළඟ තියාගන්න වාසනාව නැහැ පුතේ. අම්මා කෙනෙක් දරුවෙක්ට මෙහෙම කරන්නේ ඇයි කියලා හිතුවේ නැහැ මමත් ආවේ මවු කෙනෙක්ගේ කුසින් කියලා. ආදරයක් වේදනාවක් නොතේරෙන ඔයා කළ පිනකට ඔයාගේ හුස්ම ටික බේරුණා. සියලු දෙවියන්ගේ ආශීර්වාදය පතනවා. මගේ රත්තරන් පුතුට හෙට දිනේ මුළු ලොවක් එළිය කරන්නට, ලොවක් ගරුකරන මිනිසකු වන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ABCSW අකුරු අස්සෙ හිරවෙලා දරුවන්ගේ හීන ගොඩක් නොපෙනෙන්නටම සැඟවිලා…

Next Post

මෙවැනි ශ්‍රේෂ්ඨ නීතීඥවරුන් නීතීඥවරියන් තවතවත් බිහිවේවා! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.