• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමා පරපුර සමාජ මාධ්‍ය ජාලවලට ඇබ්බැහි වීමේ ප්‍රතිවිපාක…

October 2, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ළමා පරපුර සමාජ මාධ්‍ය ජාලවලට ඇබ්බැහි වීමේ ප්‍රතිවිපාක…
Share on WhatsAppShare on Facebook

ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ ප්‍රතිශතය අද ලෝකේ පුරාම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්. මේ සම්බන්ධයෙන් සිදුකර ඇති මනෝවෛද්‍ය පර්යේෂණවලින් සොයාගත් කරුණක් නම් වැඩි වශයෙන්ම මේ සමාජ මාධ්‍යවල සැරිසරන්නේ නව යොවුන් වියේ සහ යොවුන් පිරිස් බවයි. සමාජ මාධ්‍යවල අධික ලෙස සැරිසැරීම අපේ මනසට කුමන ආකාරයෙන් බලපෑම් ඇති කරනවාද යන්න පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්ය.

සමාජ මාධ්‍ය අනවශ්‍ය ලෙස වැඩිපුර භාවිතයෙන් ඇතිවිය හැකි තත්ත්ව :

■ සුව නින්දට බාධා පමුණුවයි
නින්දට යන්න සුළු වෙලාවකට පෙර සමාජ මාධ්‍යයක් භාවිත කිරීම මගින් ස්මාර්ට් දුරකතනයේ ආලෝකය අපේ ඇහැට ඇතුළු වෙනවා. නින්ද, කෑම රුචිය වගේ දේවල් ජීව විද්‍යාත්මකව බොහොම ක්‍රමානුකූලව පාලනය වෙනවා. ඒවා පැය 24ක චක්‍රයක් අනුව ඉතාමත් සියුම්ව පාලනය වන අතරම ඇසට ආලෝකය ඇතුළු වීමත් සමාජ ජාලවල පෝස්ට් මගිනුත් රෑ නින්දට පෙර හෝ නින්ද අතර මැද බාධා ඇති විය හැකියි.

නින්දට බාධා ඇති වීම ගුණාත්මකව මෙන්ම ප්‍රමාණාත්මකවත් විය හැකියි. ගුණාත්මකව නින්දට ඇති වන වෙනස්කම් මත නින්දේදී මොළයේ තරංග ක්‍රියාකරන ආකාරය වෙනස්වීම නිසා අපේ කාලීන තත්ත්වය වෙනස් විය හැකියි. එසේ නින්දට බාධා ඇතිවීමෙන් සිරුරට විඩාබර ගතියක් දවස තිස්සේ නිදිමත කම්මැළි ස්වභාවයක් ඇති විය හැකියි. ඒ වගේම හිසේ කැක්කුම, මහන්සිය විතරක් නෙවෙයි දිගුකාලීනව නින්ද අඩුවීම නිසා මතක හිටීමේ හැකියාව අඩු වීමත් යම්කිසි දෙයකට සිහිය පවත්වා ගැනීම දුර්වල වීමත් ඇති විය හැකියි.

■ මිනිසුන් අතරේ පවතින සමාජයීය සම්බන්ධතා වෙනස් වෙයි
සමහර විට අපි හිතමිතුරකුට නෑයකුට ඍජුව මුහුණට නොකියන බොහොම දරුණු දෙයක් වුණත් පෝස්ටුවක්, කමෙන්ටුවක් මගින් එළිදැක්වෙන්න පුළුවන්. එතකොට මේ අපේ සමාජයීය සම්බන්ධතා බිඳවැටීම මගින් අපි ඉතා දක්ෂ ලෙස සමාජයේ කටයුතු කිරීම වෙනස් වෙන්න එවැනි දේ හේතු විය හැකියි. එතකොට අපිට නෑදෑ හිතමිතුරන් අහිමි වෙන්නත්, ඉදිරියේදී අපි සමාජ සම්බන්ධතා භාවිත කොට කරන රැකියාවක නිරත වෙනවා නම් එයට සමාජයීය කුසලතා නැතිවීමත් සිද්ධ වෙන්න පුළුවන්.

■ අවධානය තබාගැනීමේ කාලසීමාව අඩු වෙයි
සමාජ මාධ්‍ය ජාලවල මිනිත්තු කිහිපයකදී අපට පෝස්ට් සිය ගණනක් නැත්නම් ඡායාරූප සිය ගණනක් නැරඹිය හැකියි. මෙහිදී ඉතාමත් සුළු කාලයකදී ඉතාම ඉහළ ප්‍රමාණයකින් අපේ මොළයට තොරතුරු ඇතුළත් කිරීම සිදුවෙනවා. මේ විදියට ඉතා සුළු කාලයකදී අපි තොරතුරු රාශියක් අපිට අවශ්‍ය විදියට ලබාගන්නකොට අපේ අවධානය තබාගැනීමේ කාලසීමාව අඩුවිය හැකියි. අපි පාසලේ/විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා නම් මේ හේතු මත මතක හැකියාව අවධානය පවත්වාගැනීමේ හැකියාව අඩුවෙලා අපේ අධ්‍යාපන කටයුතු අසාර්ථක විය හැකියි.

■ අදාළ අවස්ථාව පිළිබඳ විනදනයක් නොමැති වෙයි
විනෝද චාරිකාවක් යද්දී එහෙමත් නැත්නම් වෙනත් වැදගත් අවස්ථාවකට සහභාගි වෙද්දී බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල පළකරන්න ඡායාරූප ගන්න පෙලඹෙනවා. සෑම අවස්ථාවකදීම මෙවැනි තත්ත්වයක් උදාවීම නිසා අපි සිටින වැදගත් අවස්ථාව අපෙන් ගිලිහෙන්න පුළුවන්. මොකද අපේ වැඩි අවධානය තියෙන්නේ ඡායාරූප ගැනීම සහ පළකිරීම වෙනුවෙන් නිසා. ඒ වැදගත් අවස්ථාවේ තියන රූපේ අපේ ස්මාර්ට් දුරකතනයේ රැඳවීමක් සිදුවුණාට ඒ වැදගත් අවස්ථාවේ තිබෙන වෙනත් සමාජයීය අවස්ථාව, නෑදෑ හිතමිතුරන් සමග කතා කිරීම, යහළුවන් හමුවීම වැනි වැදගත් සමාජයීය අවස්ථා පිළිබඳ මතක අපට අහිමි වෙන්න පුළුවන් වගේම ඒ මතක නැවත ලබාගන්න බැරිවෙන්නත් ඉඩ තියනවා.

■ ආත්ම විශ්වාසය හීන වෙයි
බොහෝ දෙනා තමන්ගේ ජීවිතේ ජයග්‍රහණ වැදගත් අවස්ථා සමාජ මාධ්‍යවල පළ කරනවා. අපි මේකට හයිලයිට් රීල් (Highlight Reel) කියා කියනවා. අනෙක් අයගේ ජීවිතවල ජයග්‍රහණ සහ එයාලගේ ලස්සන දේ නිතර ඇස ගැටීම ඇතැම් විට තවත් අයකුගේ ආත්ම විශ්වාසය, විශ්වාසය අඩුවෙන්න පුළුවන්. ආත්ම විශ්වාසය හීනවීම කියන්නේ අන්න ඒ තත්ත්වයටයි. ඒක වෙන්නේ ඉරිසියාව හින්දම නෙවෙයි අනෙක් අයගේ මෙන්න මේ කුසලතා තියනකොට අපට බෑ කියන එක යොවුන් වියේ කෙනකුගේ හිතට රිංගගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා නිසා සමාජ මාධ්‍ය මගින් අපේ මනසට විවිධ බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

■ ජීවිතේ ගැන වැදගත් තොරතුරක් අහිමි වේය යන බිය (Fear of missing out)
සමහර වෙලාවට සමහර අය නිතරම සමාජ මාධ්‍ය මගින් තොරතුරු ලබාගන්න හින්දා ඒගොල්ලන්ගේ හිතට ඇතුළු වෙන දෙයක් තමයි ‘අපි සමාජ මාධ්‍යවල තොරතුරු කමෙන්ට්ස්, ලයික්ස්, නොටිෆිකේෂන්ස් චෙක් කළේ නැත්නම් අපට ලෝකේ/අපේ යාළුවන් සම්බන්ධ වැදගත් කරුණක් මඟහැරෙයි’ කියන එක. ඒ කියන්නේ සමාජ මාධ්‍යවලටම සුළු වෙලාවක් හරි යෙදිලා ඉන්නේ නැත්නම් අපට අපේ ජීවිතේ ගැන වැදගත් තොරතුරක් අහිමිවෙයි කියන එක තමයි මේ ‘ෆියර් ඔෆ් මිසින් අවුට්’ කියලා කියන්නේ.

■ කාංසාව සහ විෂාදය සම්බන්ධ රෝග ලක්ෂණ
සමාජ මාධ්‍යවල ඉතා දිගු කාලයක් උග්‍ර ලෙස රැඳී ඉන්නකොට ඒ හරහා සමහර අයගේ බිය/කාංසාව විෂාදය/ශක්තිය අඩුවීම/නින්ද අඩුවීම/ කෑම අරුචිය/හිතට දිගු කාලයක් සතුට නැතිවීම වගේ කාංසාව සහ විෂාදය සම්බන්ධ රෝග ලක්ෂණ ඇති විය හැකියි.

■ මනෝමීය සංකූලතා
මනෝවෛද්‍ය පරීක්ෂණ අනුව නව යොවුන් වියේ සහ යොවුන් වියේ පිරිස් සමාජ මාධ්‍ය වැඩිපුර භාවිත කිරීමෙන් මනෝමීය සංකූලතා ඇති වන බව කියවෙනවා. ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට දිනපතා වගේ සමාජ මාධ්‍ය වැඩිපුර භාවිත කිරීම නිසා අවධානය අඩුවීම/අධ්‍යාපනය දුර්වල වීම/අධ්‍යාපන කුසලතා අහිමි වීම යන තත්ත්වයන්ට මුහුණදී සිටින නව යොවුන් වියේ සහ යොවුන් වියේ දරුවන් බොහොම දෙනෙක් අපේ පරීක්ෂාවට ලක් වෙනවා. කලින් පාසලේ දක්ෂ ලෙස ඉගෙනීම කළ දරුවන් සමාජ මාධ්‍යවලට කාලය ගතකිරීම නිසා එයාලගේ අධ්‍යාපන ජයග්‍රහණ බිඳවැටෙන අවස්ථා ඕනෑ තරම්.

මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවිට කිව හැකි වැදගත්ම දෙයක් වන්නේ ඔබේ දරුවා පාසල් යන අයෙක් නම් අඩු තරමේ උසස් පෙළ අවසන් වන තුරුවත් ඔබේත් ගුරුවරුන්ගේ අනුදැනුම සහ අවවාදය මත සමාජ මාධ්‍යවලින් පුළුවන් තරම් ඈත් කළ හැකි නම් එය ඉතා හොඳ තීරණයක් බවයි.

එසේම ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන හෝ රැකියාවක නියුතු තරුණයෙක් හෝ තරුණියක් නම් සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමෙන් ඔබේ මානසික සෞඛ්‍ය නිසි තත්ත්වයේ පවත්වා ගත හැකියි.

මේ සඳහා,
■ සමාජ මාධ්‍ය සයිට්ස් ගණන සීමා කරන්න. එනම් සමාජ මාධ්‍ය කිහිපයක් යොදා නොගෙන එක් සමාජ මාධ්‍යයක් පමණක් භාවිත කරන්න.
■ ඔබට ලැබෙන නෝටිෆිකේෂන් සංඛ්‍යාව සීමා කරන්න. එවිට ඔබේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ඒවා නොපෙනී තිබීම මෙයට උදව්වක්.
■ සමාජ මාධ්‍ය හා බැඳුණු වෙනත් වෙබ් ඇප්ලිකේෂන් හැකිතාක් සීමා කරන්න.
■ ඔබට පුළුවන් හැම විටම දවස් කිහිපයක් හෝ සතියක් දෙකක් සමාජ මාධ්‍යවලින් වැළකී සිටින්න. ඔබ ඔබේ මිතුරන් සමග ලස්සන චාරිකාවක් ගියොත් ඔබට සමාජ මාධ්‍යවලින් තනිකරම ඉවත්වෙලා එම චාරිකාව වින්දනය කරන්න පුළුවන්.
■ සමාජ මාධ්‍ය භාවිත කරද්දී යහළුවන්ට හිතමිතුරන්ට දමන පෝස්ට් කමෙන්ට්ස් පිළිබඳ සැලකිලිමත් විය යුතු අතරම ඒ මගින් තව කෙනකුගේ ගෞරවයට අභිමානයට හිරිහැරයක් නොවිය යුතුයි. ඔබ සාමාන්‍යයෙන් යහළුවෙක් මුණගැසුණු විට කියන දේ සහ ඔබේ පෝස්ට් අතර තියෙන සංසන්දනය අනුවත් ඔබ මනුෂ්‍යයෙක් හැටියට වෙන මනුෂ්‍යයකුට දැක්විය යුතු ගෞරවය සහ ඔබේ පරිණතභාවය ඔබේ සමාජ මාධ්‍ය පෝස්ට් මගිනුත් දිස්විය යුතුයි.

මෙන්න මේ වැදගත් කරුණු ගැන සැලකිලිමත් වෙමින් ඔබ පාසල් දරුවෙක් නම් හැකිතාක් සමාජ මාධ්‍ය වෙතින් වැළකී සිටීමටත් ඔබ යොවුන් වියේ අයෙක් නම් සමාජ මාධ්‍ය නිවැරැදි භාවිත කිරීමටත් අදිටන් කරගන්න.

ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා

SendShareShare
Previous Post

කැබිනට් ඇමැති අමරවීරට බඩු මිල වැඩියි කියලා දැනිලා! එයාටත් ජීවත් වෙන්න හරි අමාරුයි කියන්නේ!

Next Post

රනිල් කුරුණෑගල රදගුරු හිමි හමුවන්න ගිහින්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.