• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විමලා මෙහෙ වරෙන්කො… පුංචි උනාට ඔබට ඕන වැඩක් පුළුවනි කියලා තමයි කිව්වේ… රටම දන්න ආච්චි කෙනෙක් ළමා දිනයට ලියූ මේ කතාව කියවන්න…

October 2, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
විමලා මෙහෙ වරෙන්කො… පුංචි උනාට ඔබට ඕන වැඩක් පුළුවනි කියලා තමයි කිව්වේ… රටම දන්න ආච්චි කෙනෙක් ළමා දිනයට ලියූ මේ කතාව කියවන්න…
Share on WhatsAppShare on Facebook

අද ලෝක ළමා දිනයයි. එහි පරමාර්ථය කෙබඳු විය යුතුද?
‘විමලා මෙහෙ වරෙන්කො. පුංචි උනාට ඔබට ඕන වැඩක් පුළුවනි කියලා තමයි කිව්වේ උඹව එක්ක ආපු බ්‍රෝකර්…’
‘ඔව් නෝනා… මට ඕන වැඩක් කරන්න පුළුවන්…’
‘අන්න හොඳයි. එහෙම තමයි ඉන්න ඕනෙ. අනේ විමලො මගෙ කරේ තිබිච්ච පෙන්ඩන්ට් එක මේ ළිඳට වැටුණනෙ බං… ඒක ළිඳ පතුලෙ තියෙනවා පේනවා… ඒක අරන් දියන්කො…’
‘ළිඳට බැහැලා…?’
‘ඔව් මේ ළිඳ එච්චර ගැඹුර නෑ…’
‘ළිද ගැඹුර නැත්නම් නෝනටම බැහැලා ඕක ගන්න බැරුවයැ? ඔන්න ඔය ඉතුරු වෙලා තියෙන චේන් කෑල්ලත් ඔය ළිඳටම දාන්න නෝනා. මං වගේ දුප්පත් කෙල්ලෙක්ව ළිඳට දාලා මරන්නෙ නැතුව. මං මැරුණොත් මගෙ අම්මට කැඳ උගුරක් දෙන්න කවුරුවත් නෑ. වැඩ පුළුවන් කීවා මිසක් මං කිව්වෙ නෑ ගොං වැඩ පුළුවනි කියලා….’

හැම මෙහෙකාර දැරියක් ළඟම විමලා වගේ අතිපණ්ඩිතකමවත් කටකාරකමවත් නැත. තැළෙන යකඩය දුටු ආචාරියා උඩ පැන පැන තළනවා වගේ කීකරු අසරණ ළමයි මරව මරවා වැඩ ගන්න නෝනලා සිටිති. ගෘහ සේවය වහල් මෙහෙවරක් වන්නේ එබඳු අය නිසාය.

ගෘහ සේවය පමණක් නොව ව්‍යාපාරික ස්ථාන, කෘෂිකාර්මික ක්ෂේත්‍ර, වගා භූමි සත්ව ගොවිපළ, කරවල වාඩි, කුරුඳු වාඩි ආදී ස්ථානවල ළමා වියට නොගැළපෙන බර වැඩට ළමයින් යොදවා ඇති බව නොරහසකි. එපමණක් නොව සොරකමට හිඟමනට පුරුදු කළ ළමයින් ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ඕනෑ තරම් සොයාගත හැකිය. වෙනත් රටවලද නැත්තේ නොවේ. වැඩිහිටියන්ගේ මිථ්‍යා සංකල්ප කාර්යවලදී විශේෂයෙන්ම හදි හූනියම් වැනි රහසිගත ක්‍රියාවලදී ළමයින් අපයෝජනය කරනු ලබයි. මිනිරන් පතල්වලට බිලිදීම සඳහා බොරු ප්‍රයෝග මවා පා ළමයින් රැගෙන යති. යක්ෂ භූත බිලිපුද සඳහා සොහොන් බිම්වලට පවා ගෙන යති.

නගරවල පොදු ස්ථානයන්හි අසරණ දරුවෝ අසත්පුරුෂ වැඩිහිටි පුද්ගලයන්ගේ ග්‍රහණය හසුවෙති. මේ ළමයින් නොයෙක් අපරාධවලට යොදවනු ලබති. තුන් කුලුඳුල් බිලිවලට පණ පිටින් බිලි කරන දරුවන් ගැන අප අසා ඇත්තෙමු. මේවා ඉතා අප්‍රසිද්ධව හොර රහසේ කරනු ලැබුවත් මීටත් වඩා දරුණු පාපකාරී කටයුතු එළිපිටමද සිදුකරන අවස්ථා මාධ්‍ය ජාල තුළින් දැනගන්නට ලැබේ. තමන්ගේ දරුවන්ට පණ සේ ආදරය කරන, අනුන්ගේ දරුවන් තුට්ටු දෙකකට මායිම් නොකරන පුරවැසියෝ දුලබ නොවෙති. විදේශාධාර ලබන ඇතැම් ආයතන මගින් කරනු ලබන ළමා සේවා කටයුතුවලදී සිදුකරන අකටයුතු සළුපටු නොවේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට උපක්‍රම මගින් දරුවන් යොදවා යම් විටෙක ඒ දරුවන් අතින් වැරැදීමක් සිදුවුවහොත් සත්‍යය එළිදරව් වීමට පෙර ඔවුන් මරාදැදීමට තරම් කුඩු ජාවාරම්කරුවන් දරුණු වෙයි.

වැඩිහිටියෝ යනු කවුරුද? නැගිටගන්න බැරි තරම් වයස්ගත වූ අය පමණද වැඩිහිටියෝ? ජන සමාජයේ අලංකාර විවිධත්වය තුළ විවිධ ලෙස වැඩිහිටියන් වර්ග කළ හැකිය. මවුපියෝ ස්වභාවික වැඩිහිටියෝය. ඒ දෙපාර්ශ්වයේම ළමා වයස පසුකළ කවුරුත් වැඩිහිටියෝය. ගුරු භවතුන්ද වැඩිහිටියන්ය. භික්ෂුන්වහන්සේලා වැඩිහිටියෝය. වෙනත් ආගමික නායකයෝද වැඩිහිටියන්ය. රාජ්‍ය නායක ප්‍රධානියෝ, නිලධාරියෝද වැඩිහිටියෝය. වැඩිහිටි නාමය දැරුවත් මේ පුද්ගලයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් සමාජ වගකීම පැහැරහරින අය වෙති. විශේෂයෙන්ම පවුල් ඒකකය තුළ සිටින සාමාජිකයන් සමග පැවැතිය යුතු ආදරණීය සහසම්බන්ධතාව අමතක කරති.

ළමයින්ගේ උපන්දින උත්සව පවත්වන්නේ ළමයින් උදෙසාද? වැඩිහිටියෙන් සිතිය යුතුය. ළමයින් ඉදිරියේ තබාගෙන තාත්තලා බාප්පලා මාමලා සහෝදරයෝ එක්ව සුරාපානය කරමින් නිරර්ථක ගී ගායනා කරමින් පවත්වන උපන්දින උත්සව කවුරු සඳහාද? කුමක් සඳහාද?

ළමයින් ඉදිරියේදී මවුපියන් කරන කතා කෙබඳුද? අසල්වාසීන්ට දොස් කීම, පාසලේ ගුරු භවතුන් විවේචනය කිරීම, ස්වාමින්වහන්සේලාගේ ගුණ දොස් කතාව, දේශපාලකයන් පතුරු ගැසීම, තමන්ගේම වයස්ගත මවුපියන්ට නිගුරු බස් කීම, මෙවැනි කතාබහට ළමයින් සවන් නොදී සිටිත්ද?

‘තොපි ඕකුන්ට බයවෙන්න එපා. තොපිට ඔය කොයි එකෙක් හරි බැන්නොත් තොපිත් බැනපියව්. ගැහුවොත් තොපිත් ගහපියව්…’ මේ තාත්තලා ළමයින්ට උගන්වන හැටිය. අම්මලා ඊට නොදෙවැනි වෙත්.

‘පුතේ අන්න අර සිමියොන්කාරයගේ කඩේ ඇති බෝතලයක්. දුවලා ගිහින් ඒක අරගෙන වරෙන්. අද හොඳ දවසෙ ආපු උන්ටත් ඕකක් දෙන්න ඕනැනේ…’ ඒත් තාත්තා කෙනෙකි.

මේවා වෙනස් කරන්නට දහම් පාසල්වලට තනිවම බැරිය. ගුරු භවතුන්ට නොහැකිය. රජයටද සාරධර්ම පිළිබඳ උනන්දුවක් නැතාවක් මෙන්ම අවශ්‍ය ප්‍රතිපාදනද අතිශයින් සීමිතිය. මේ හැම පාර්ශ්වයක්ම එකතු වී පළමුව මවුපියන් දැනුවත් කළ යුතුය. වියදම් රහිත කුඩා ව්‍යාපෘති ආරම්භ කළ යුතුය.

ළමා දිනයට වැඩිහිටි දිනයද එකතුය. එහිදී ළමයින් විසින් වැඩිහිටියන්ට ගරු සත්කාර කළ යුතු යැයි අදහස් කරනවා විය යුතුය. එය උතුම් යුතුකමක් බව පිළිනොගන්නා කෙනෙක් නැත. සෑම ආගමක්ම ඒ ගුණ ධර්මය අගය කරයි. උගන්වයි. එකම දිනයකට මේ කරුණු දෙකම ඒකාබද්ධ කිරීම ගැඹුරු සමාජ සංකල්පයක් පෙරදැරි කරයි.

ක්‍රම ක්‍රමයෙන් මහලු වියට පත්වන වැඩිහිටියන්ට තම දරු මුණුබුරන්ගේ ආදරය සැලකිලි උදව් උපකාර අවශ්‍ය වේ. මහලු වීමට ප්‍රථම ඒ බව දැන සිටියොත් සූදානම් වී සිටියොත් යුක්තිය ඉටුවනු ඇත. කරවල වාඩිවලට අනුන්ගේ දරුවන් විකිණූ අයත් පුරුෂ මහල්ලාට දරු මුණුබුරන්ගේ කරුණා හිමිවේද? කිරි සුවඳ හමන බිලිඳුන් දූෂණය කර ලිංගික ආශ්වාදයක් ලබන්නට සිතූ පුද්ගලයා මහලු වෙද්දී ඔහුට මනුෂ්‍යභාවයේ ආදරය ලැබිය හැකිද? තරුණ ගුරු මෙනෙවියන්ගේ රන් මාල කඩා විකිණූ වැඩිහිටි හොරුන්ට ‘පීතු පාදං නමාමහං’ කියා වන්දනා කරන දරුවෝ වෙද්ද?

ලිංගික අපචාර සඳහා රෝස මල් කැකුළු වැනි ළාබාල දරු සිඟිත්තියන් සල්ලාල ධනවතුන්ට විකුණා බැරි වන විට සමාජ සත්කාර බලාපොරොත්තු වීම හරිද?

ළමා සහ වැඩිහිටියන්ගේ දිනය වන අද, නිරර්ථක දවසක් නොකර වැඩිහිටියෝ සිතත්වා… දරුවෝද වැරැදි කමා කොට මනුෂ්‍යත්වය පෙරදැරි කොට වැඩිහිටියන්ට ගරුසරු කිරීමටත් මහලු අයට උප සත්කාර කිරීමටත් නොපසුබට වෙත්වා…

ධර්මාචාරිනී ප්‍රාචීණ පණ්ඩිත ප්‍රසිද්ධ නොතාරිස්
ඇස්ලින් ධර්මරත්න පත්තුනුපිටිය, නාවලපිටිය.

SendShareShare
Previous Post

අරක්කු බෝතලේ ආයෙමත් රුපියල් 150කින් නග්ගයි!

Next Post

ලංකාව උග්‍ර කුසගින්නක! ජනවාරි වෙනකොට තත්ත්වය භයානකයි! IMF එක ලංකාවත් ඇෆ්ගනිස්තානය-ඉතියෝපියාව-නයිජිරීයාව-දකුණු සුඩානය-සෝමාලියාව-යේමනය ගොඩට දමයි!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.