ආසියානු කුසලානයේ අවසන් තරගයේදී පාකිස්තානය පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව ශූරයන් බවට පත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 171ක ඉලක්කයක් පාකිස්තානයට ලබා දුන්හ.
නමුත් පන්දුවාර 20 අවසානයේදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 140ක් පමණි.
මේ අතර අද දහවල් පැවැති ආසියානු කුසලාන දැල්පන්දු තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමටද ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.










