කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවරදි දැරිවියකට එහි සේවය කරන වෛද්‍යවරයෙක් විසින් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ අංශයේදී මෙම අපරාධය සිදුව ඇත්තේ පෙරේදා (08) ය.
උදරයේ ආබාධයක් හේතුවෙන් මෙම දැරිවිය රෝහල්ගතකර ඇත්තේ පසුගිය 07 වෙනිදාය.
08 වෙනිදා ඇගේ උදරය ස්කෑන් පරීක්ෂාවක් කිරීමට යොමුකර තිබියදී ඇයට එම වෛද්‍යවරයා විසින් බරපතල ලිංගික අපයෝජනයක්කර ඇති බව පොලීසිය කියයි.
එම සිදුවීම අනාවරණය වීමත් සමඟ වෛද්‍යවරයා පළාගොස් සැඟවී සිටියි. ඔහු දෙදෙරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.









