මීට පෙර පැවැති ආණ්ඩු පෙරළා දමා නව ආණ්ඩු බලයට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ යම් දායකත්වයක් දක්වා ඇති බැවින් එහි වගකීමෙන් කොටසක් ජවිපෙටද හිමි වන්නෙදැයි යූටියුබ් ප්රවෘත්ති නාලිකාවක මාධ්‍යවේදියකු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.
එහිදී තරමක් ආවේගශීලීව පිළිතුරු ලබාදුන් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ තම පක්ෂයට කිසිසේත් එහි වගකීමක් නොමැති බවත් එවක රට තුළ පැවැති විවිධ ව්‍යසනයන්ට පිළියම් ලෙස ජනතා විමුක්ති පෙරමුණ එකී තීරණයන්ට එළැඹි බවයි.










