මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
සැකකරුවන් යතුරුපැදියකින් පැමිණ පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවයි ඔවුන් පැවසුවේ. තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැකකරයි.










