රන්ජන් රාමනායක මහතාට තවමත් ප්‍රජා අයිතිය හෝ දේශපාලනය කිරීමේ අයිතිය හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ලැබී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජන බලවේගයේ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (27) අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රාමනායක මහතාට ලබාදී ඇත්තේ අර්ධ නිදහසක් බවත්, ඒ අනුව සිදුවී ඇත්තේ එතුමාට සිරගතව හිඳින්නට තිබූ ඉතිරි කාලය ඉවත් කිරීම පමණක් බවයි.
කෙසේ වෙතත් තමන් රන්ජන් රාමනායක මහතා තවමත් මන්ත්‍රීවරයකු ලෙස සලකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට කැඳවන බවත්, මන්ත්‍රී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයත් ඒ මහතාට ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවැසීය.






















