පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු විමර්ශන කටයුත්තක් සඳහා යතුරු පැදියකින් රැගෙන යමින් සිටියදී යතුරු පැදිය පෙරලීයාමෙන් සැකකරු මියගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.
මෙම අනතුර වී ඇත්තේ අද උදෑසන කිරිදිවැල පොලිස් බල ප්‍රදේශයේදීය.
පොලීසිය පාර්ශවයෙන් කියැවෙන්නේ මාල කැඩීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 27 හැවරදි සැකකරුවෙක් ඊයේ සවස අත්අඩංගුවට ගත් බවය.
ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවෙක් ගැන ඔහු කරුණු හෙළිකිරිම හේතුවෙන් අපරාධ විමර්ශණ අංශයේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු එක්ව සැකකරුව සිරමැදිරියෙන් පිටතට ගෙන එම සැකකරුව සොයා ගමන්කර ඇත්තේ යතුරු පැදියක නැගීය.










