රට තුල හදිසි තත්වයක් නැති බව පවසා හදිසි නීතීය ඉවත්කරගැනීමෙන් පසූව, මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා “ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” සාමාන්‍ය නීතිය ලෙස යොදාගැනීමේ උත්සාහය ලත් තැනම ලොප් කළ යූතු බව ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
රට තුල හදිසි තත්වයක් නැති බව පවසා හදිසි නීතීය ඉවත්කරගැනීමෙන් පසූව, මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත" සාමාන්‍ය නීතිය ලෙස යොදාගැනීමේ උත්සාහය ලත් තැනම ලොප් කළ යූතුය. සිවිල් සමාජයට අහිතකර "රතු එළි" හඳූනා නොගැනීමේ වන්දිය අප ඉතිහාසයේ අවස්ථා ගණනකදී ගෙවා තිබේ.
— Dullas Alahapperuma (@DullasOfficial) August 22, 2022










