ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සමගි ජන බලවේගය අතර තවත් සාකච්ජා වටයක් අද දිනයේ පැවැත්විණ.
එම සාකච්ජාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහභාගී වී සිටියහ.
මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරයා නැවත වතාවක් සමගි ජන බලවේගයට ආණ්ඩුව සමග එක්වී කටයුතු කරන ලෙසට ආරාධනා කර තිබේ.
නමුත් විපක්ෂනායකවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විපක්ෂයේ සිට ආණ්ඩුවේ කටයතු සදහා සහාය දීමට විපක්ෂය සූදානම් බවකි.
මේ වනවිට ඇමැති තනතුරු රටට බරක් වී ඇති බවත්, ජනතාව ඇමැති තනතුරුවලට දැඩි විරෝධයක් පළ කරන බවත් පක්ෂ මහලේකම්වරයා එහිදී පෙන්වා දී ඇත.
අනෙක් අතට ආණ්ඩුවේ තනතරු බාර ගතහොත් ආණ්ඩුව විවේචනය කළ නොහැකි බවත්, සාධනීය කටයුතුවලදී ආණ්ඩුවට විපක්ෂයේ සිට සහාය දිය හැති බවත් මෙහිදී සජබ නායකයන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.










