ත්‍රිරෝද රථ ප්‍රවාහනය ඇතුලු සියලු මගී ප්‍රවාහන සේවා කටයුතු නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ගමනාගමන සේවා කොමිසන් සභාව වෙත පැවරීමට තීරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
අද දිනයේ යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.










