• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රුපියල් 20ට අවුරුදු 22ක් නඩු කියපු චතුර්වේදී…

August 22, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
රුපියල් 20ට අවුරුදු 22ක් නඩු කියපු චතුර්වේදී…
Share on WhatsAppShare on Facebook

පසුගිය 05 වැනිදා ඉන්දියානු උසාවියෙන් අපට අසන්නට ලැබුණේ ඉන්දියානු ජාතිකයකු අසාධාරණයට විරුද්ධව මීට වසර 22කට පෙර ගොනුකළ නඩුවකින් ජයගැනීම ගැන කියැවෙන පුවතකි. එම ජයග්‍රහණය සඳහා ඔහු නොපසුබට වීර්යයෙන් කටයුතු කර තිබීම විශේෂත්වයක්. මේ බව ඉන්දියානු මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණා. මේ සිදුවීම සිදුව තිබුණේ උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මතුරා කැන්ටුන්මන්ට් දුම්රිය ස්ථානයේ. එම නඩුව ගොනුකර තිබුණේ 1999 වර්ෂයේ දෙසැම්බර් 25වැනිදා.

නීතිඥ තුංගනාත් චතුර්වේදි අදාළ දුම්රිය ස්ථානයට පැමිණියේ තමන් උපන් ගම වූ උත්තර ප්‍රදේශයේ මතුරා නගරයේ සිට මොරාදාබාද් දක්වා ගමන් කිරීමට සිතාගෙනයි. එම ප්‍රවේශපත් දෙක සඳහා නියමිත මිලට වඩා රුපියල් 20ක් වැඩියෙන් අයකරගන්නට ප්‍රවේශපත් කවුළුවේ නිලධාරියා කටයුතු කර තිබුණා. ටිකට් පතක නියමිත මිල වී තිබුණේ ඉන්දියානු රුපියල් 35කි. ටිකට් පත් දෙකට රුපියල් 70 වෙනුවට ඔහු අයකර තිබුණේ රුපියල් 90ක මුදලක්. තුංගනාත් චතුර්වේදි රුපියල් 100ක් දුන් විට ඉතිරි මුදල් ලෙස ඔහුට ලබාදී තිබුණේ රුපියල් 10කි. ඔහු තමාගෙන් වැඩිපුර මුදලක් අයකර ඇතැයි නිලධාරියාට පවසා සිටියත් ඔහුට ඉතිරි මුදල් ලබාදෙන්නට කටයුතු කර නැහැ. මෙම සිදුවීමෙන් සිත්තැවුලට පත් ඔහු ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඊසානදිග දුම්රිය දෙපාර්තමේන්තුවට සහ ප්‍රවේශපත් කවුළුවේ නිලධාරියාට විරුද්ධව මතුරාහි පාරිභෝගික අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට තීරණය කළා. ඔහු මේ නඩුව සඳහා අවස්ථා ගණනාවකදී නඩු වාර රාශියකට පෙනී සිටියා. අවසානයේ වසර 22කට පසුව ඔහුට එම නඩුවෙන් ජය ගන්නට හැකිවුණා.

මේ පිළිබඳ චතුර්වේදි ඉන්දීය මාධ්‍ය වෙත අදහස් පළකර තිබුණේ මෙලෙසින්.

‘මම මේ නඩුව සඳහා නඩු වාර 100කට වැඩි ප්‍රමාණයකට සහභාගි වුණා. විටෙක දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගේ නඩුව නිෂ්ප්‍රභ කරන්නටත් හැදුවා. ඒ, දුම්රිය ප්‍රශ්නවලට විරුද්ධව පැමිණිලි කළ යුත්තේ දුම්රිය විනිශ්චය සභාවක මිසක් පාරිභෝගික උසාවියක නොවන බව පවසමින්. ඒත් අපි 2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් භාවිත කරලා පාරිභෝගික අධිකරණයක මෙහෙම නඩුවක් විභාග කරන්න පුළුවන් බව ඔප්පු කළා. විනිසුරුවරු නිවාඩු දින, ශෝක නිවාඩු දින නිසා නඩුව කල් යවමින් තිබුණා. මට මේ නඩුව වෙනුවෙන් මගේ ජීවිතයේ වැයවුණු මහන්සිය සහ කාලයට මිලක් නියම කරන්න බැහැ. මමත් නීතිඥයෙක් නිසා මට නීතිඥයන්ට ගෙවන ගාස්තු ගෙවීමට අවශ්‍ය වුණේ නැහැ. එහෙම ගෙව්වා නම් විශාල වියදමක් දරන්නට මට සිදුවෙනවා. මෙයට ප්‍රධානම හේතුව ඉන්දීය අධිකරණයේ මන්දගාමී බවයි. මට ලැබුණු වන්දිය ඉතා කුඩා මුදලක්. මේ නඩුව නිසා මගේ සිතේ ඇතිවූ කම්පාව ඉවරයක් නැහැ.

අපේ රටේ අධිකරණය මන්දගාමී වන අතර මිනිසුන්ට යුක්තිය ඉටු නොවන්නේ ඔවුන්ට කාලය සහ ඉවසීම නොමැති බැවිනි. නමුත් මම අරගල කළේ නැහැ. මොකද මම නීතිඥයෙක් නිසා මගේ නඩුව ඉවසීමෙන් ඉදිරියට ගෙන ගියා…’

ඔහුගේ නඩුව තේරුමක් නැති බවත් කාලය හා මුදල් නාස්තියක් බවත් ඔහුට ඒත්තු ගැන්වීමට ඔහුගේ පවුලේ අය කිහිප වතාවක් උත්සාහ කළ බවද ඔහු පැවසා තිබුණා.

‘මගේ ළමයි නිතරම ඇහුවේ ඇයි මම රණ්ඩු වෙන්නේ කියලා. නමුත් මට මගේ මුදල් වටිනවා. අපි අන් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමු. අපි අසාධාරණයකට මුහුණ දී ඇත්නම්, අපි අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් නොකරන්නේ ඇයි?’ ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න කළා.

දීර්ඝ සටනකින් පසුව තීන්දුව ලබාදුන් අධිකරණය, ඉන්දියානු රුපියල් 15,000ක මුදලක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 69,000ක්) ගෙවන ලෙසද, 1999 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වසරකට 12%ක පොලියද සහිතව ඉන්දියානු රුපියල් 20ක මුදල චතුර්වේදිට ආපසු ගෙවන ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා. ඒ වගේම මෙම මුදල දින 30ක් තුළ නොගෙව්වොත් පොලී අනුපාතය 15% දක්වා සංශෝධනය කරන බවද වැඩිදුරටත් අධිකරණය දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

චතුර්වේදි දැනගෙන සිටියා කොපමණ කාලයක් ගතවී හෝ මේ නඩුවෙන් තමන් ජය ගන්නා බව. මිනිසුන්ගේ දුක්ගැනවිලි ගැන ඉන්දියානු පාරිභෝගික අධිකරණය කටයුතු කරනවා. ඒත් ඔවුන්ට ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවනවා. ඒ, රටේ පවතින මන්දගාමී පරිපාලනය නිසයි.

චතුර්වේදිගේ ළඟම මිත්‍රයකුද මෙම ජයග්‍රහණය ගැන අදහස් පළ කර තිබුණේ මෙලෙසින්.
‘සර් කාලයක් තිස්සේ ජනතාව වෙනුවෙන් යුක්තිය සහ සත්‍ය පසුපස හඹාගිය කෙනෙක්. ඔහු හැමතිස්සේම සටන් කළේ වෙන කෙනකුගේ යහපත වෙනුවෙන් හරි තමන්ට සිදුවූ අසාධාරණයක් වෙනුවෙන්. සමාජයට කළ මෙහෙවර වෙනුවෙන් ඔහුට ගොඩක් සම්මාන හිමිව තියෙනවා.

1971 දී ඉන්දු – පාකිස්තාන යුද්ධයේදී ඔහු කළ මෙහෙවර වෙනුවෙන් සංග්‍රාම පදක්කමද ලැබී තිබෙනවා. ඔහුට ඒ වන විට අවුරුදු 15ක් විතර ඇති. ඔහු මිනිසුන්ට ජලය සහ ආහාර ලබාදීමට උදව් කළා. එකල පැවැති රජයට සහ පරිපාලනයට සහාය වීමට මිනිසුන් අතර සාමය පවත්වා ගැනීමට සහාය දුන්නා. එයාට අවශ්‍ය වුණේ ඇත්තෙන්ම මුදල් නොවෙයි. මේ රටේ දූෂණයට එරෙහිව නැගී සිටින්නටයි. රටේ දූෂණය තුරන් කරන්නයි…’

අවසානයේ චතුර්වේදි තම රටේ ජනතාවට අවධාරණය කළේ පුද්ගලයකුගේ තානාන්තරය කුමක් වුවත් ඔවුන්ගේ වැරදි සහ දූෂණයට එරෙහිව නැගී සිටිනවා නම් කිසිවකුට වැරදි කර ඉන් ගැළවෙන්න බැරි බවයි. සටන කොයි තරම් අපහසු වුණත් ජීවිතය පවතින තුරු සටන අත්නොහැරිය යුතු බව චතුර්වේදි තමාගේ මෙම නඩුව මගින් සියලු දෙනාට අගනා ආදර්ශයක් ලබාදුන්නා.

අපේ රටේ වුවත් මෙවැනි අසාධාරණකම් දිනපතාම පාහේ සිදුවන බව අප ඕනෑ තරම් දැක තිබෙනවා. උදාහරණයක් ලෙස පොදු ප්‍රවාහන බස් රථවල ඉතිරි මුදල් නොදී මඟහැරීමට කොන්දොස්තරවරුන් බොහෝ විට කටයුතු කරනවා. එහෙත් ඊට එරෙහිව හඬ නගන්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. එලෙස මගීන්ගෙන් වංචනිකව එකතු කරගන්නා මුදල දිනෙකට ඉතා විශාල අගයක් ගන්නවා විය හැකියි. දුක් මහන්සියෙන් උපයාගන්නා මුදල අසාධාරණ ලෙස කොල්ලකන මෙවන් කොන්දොස්තරවරුන්ට එරෙහිව හඬ නැගීම සියලු දෙනාම සතු අයිතියකි. එමගින් මගී ජනතාවට ඉතිරිවන මුදල සුළුපටු නොවනු ඇත.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කංචනගේ තෙල් සංස්ථාව ඉදිරිපිට මළගෙයක් වගේ! සේවකයන් මළ බෙර ගහයි! මල්වඩම් අරන් ඇවිත් තියයි! පුහුල් කපයි! විකුණන කතාවට විරෝධය පළ කරයි! (VIDEO)

Next Post

2022 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආහාර සහ පාන සමාගම නෙස්ලේ ලංකා…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper