ජපානයේ තරුණ ප්‍රජාව මත්පැන් පානය කිරීම අඩුකිරීම හේතුවෙන් ඔවුන්ගේ අදහස් වෙනස් කර තරුණයන් අතර මත්පැන් ජනප්‍රිය කරවීමට එරට බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. ජපාන තරුණයන් ඔවුන්ගේ දෙමව්පියන්ට වඩා මත්පැන් පානය අඩුකර ඇති බැවින් එය එරට බදු ආදායම කෙරෙහි විශාල බලපෑමක් ඇති කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
ජපානයේ තරුණ ප්‍රජාව අතර මත්පැන් පානය සඳහා වන ඉල්ලුම වැඩි කර ගැනීම සඳහා සුදුසු ප්‍රචාරක ව්‍යාපෘතියක් සඳහා අදහස් ලබා ගැනීමට එරට බදු ආදායම් නියෝජිත ආයතනය පියවර ගෙන තිබෙනවා. විස්කි, වයින්, සෝජු සහ බීර වැනි බීම වර්ග සඳහා තරුණයන්ගේ ඇති කැමැත්ත වර්ධනය වන ආකාරයේ ප්‍රචාරක අදහස් ලබා දෙන ලෙසද ඒ අතරින් හොඳම ප්‍රචාරක අදහස් සඳහා ජයග්‍රාහකයන් තෝරාගන්නා බවද ඔවුන් සඳහන් කර සිටිනවා.
වයස අවුරුදු 20 සිට 39 දක්වා වූ පුද්ගලයන්ට මෙම තරඟය විවෘත වන අතර ඔවුන්ගේ සම වයස් යහළුවන් මත්පැන් පානය සඳහා ආකර්ෂණය කරගත හැකි ව්‍යාපාරික අදහස් තරඟය සඳහා යොමු කරන ලෙස ඔවුන් ජපන් වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ජපානයේ වයස්ගත ජනගහනය වැඩිවීම හි කොවිඩ් වසංගතය සමඟ ආකල්ප වෙනස් වීම එරට මත්පැන් අලවිය සීඝ ලෙස පහත වැටීමට හේතුවී ඇති බවයි සඳහන් වෙන්නේ.
ජපානයේ උපත් අනුපාතය අඩුවීමද එරට මත්පැන් වෙලඳපොල හැකිලීම කෙරෙහි සෘජුව බලපා ඇති අතර 1995 වසරේදී ලීටර් 100 සිට 2020 වසර වන විට ලීටර් 75 දක්වා 25% මත්පැන් පානය අඩුවී ඇත. ජපන් ටයිම්ස් පුවත්පතට අනුව 1980 දී මුලු බදු ආදායමෙන් 5% වු මත්පැන් මතවූ ආදායම 2020 දී 1.8% දක්වා පහත වැටී ඇත.
තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට.










