හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වැනි බදාදා දින ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද මේ වනවිට එම අදහස අතහැර දමා ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර සේනාධීර මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන නමුත් 24 වැනි දින ඔහු නොපැමිණෙන බවකි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ලංකාවට පැමිණෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත.
මීට පෙර රාජපක්ෂ පවුලේ ඥාතියකු වූ උදයංග වීරතුංග මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 24 වන දින ලංකාවට පැමිණෙන බවකි.










