චීන නෞකාවේ සංචාරය අත්හිටුවීමට රජය පියවර ගැනීමත් සමග චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රවර්ධන වැඩසටහනක් චීනයේ සියලු සමාජ මාධ්‍ය ජාලාවන්හි ප්‍රචාරය කිරීම අත්හිටුවා ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා බලධාරීන් මෙම ප්‍රචාරණ ව්‍යාපාරය ලබන සිකුරාදා ‘Douyin’ හිදී දියත් කිරීමට සංවිධානය කර තිබිණ.
එහෙත් එය ක්‍රියාත්මක කළ නොහැකි බව මේ වනවිට ශ්‍රී ලංකා දූත මණ්ඩලයට දන්වා ඇත.
ශ්‍රී ලංකා බලධාරීන් විශ්වාස කරන්නේ එය ඉන්දියාවේ විරෝධයෙන් පසු ‘යුවාන් වැන්ග් 5’ පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාව විසින් වරාය ඇමතුම කල්දැමීමට පළිගැනීමක් ලෙස මෙය සිදු කොට ඇති බවකි.
එමෙන්ම චීනයේ බොහෝ සමාජ මාධ්‍ය වෙබ් අඩවි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෘණාත්මක වාර්තා පළ කොට ඇති බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇතැම් චීන සුපිරි වෙළෙඳසැල් ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගැනීම ප්‍රමාද කර ඇති බවද දැනගන්නට ඇත.










