නව සබඳතා සඳහා අවශ්‍ය උපකරණ තොග හිඟවීම හේතුවෙන් නව විදුලි හා ජල සබඳතා ලබා දීම තාවකාලිකව සීමා කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ අදාළ උපකරණ ඇතුළු ද්‍රව්‍ය තොග මෙරටට ගෙන්වා ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි.
ඊට හේතුවී ඇත්තේ ප්‍රමාණවත් ඩොලර් නොමැතිකම හේතුවෙනි.
දැනට පවතින අමුද්‍රව්‍ය තොග හදිසි බිඳ වැටීම් යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් පවත්වාගත යුතු බැවින් නව සබඳතා ලබාදීම තාවකාලිකව සීමා කළ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.









