අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුධයකින් පහර දී පියා මරා මව සහ දියණියක බරපතළ තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි.
නිවසේ සාලයේදී 69 හැවිරිදි පියාගේ ගෙළ කපා කෘර ලෙස ඝාතනය කොට හිස නිල්වලා ගඟට විසි කර ඇතැයි ද ඔහුගේ බිරිය සහ දියණියට තියුණු ආයුදයකින් පහරදී ඇතැයි ද පොලිසිය කියයි.
මෙසේ අමානුෂික ලෙස ඝාතනය කොට ඇත්තේ අකුරැස්ස තිබ්බටුවාව, තලගස්ස, වලකඩවත්ත කළුගමහේන නිවසේ පදිංචි දෙදරු පියකු වූ වෙල්ලාර තන්තිරිගේ සුමනපාල (අවු.69) නැමති ප්‍රදේශයේ කපු මහතා නමින් ගම්වාසීන් හදුන්වනු ලබන ආබාධිතයකු බව පොලීසිය කීය.
කාලයක් තිස්සේ පවතින ආරවුලක් කිදා ඝාතනය කොට ඇතැයි පොලිසිය සැකකරයි. කඩුවකින් කපා හිස නිල්වලා ගඟට විසි කර ඇති බවට ලේ සලකුණු ඔස්සේ දැක ගත හැකි බවත් උසස් පොලිස් නිළධාරියකු කීය.
ප්‍රදේශයෙන් පළාගොස් සිටින බව කියන සැකකාර 29 හැවිරිදි තරුණයකු සොයා පොලිස් විමර්ශන කණ්ඩායම් කීපයක් ප්‍රදේශය පුරා මෙහෙයුමක් ආරම්භ කර ඇත.










