කටුනායක, මෝලපාර ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකු 18 කණුව ප්‍රදේශයේදී අතින් පයින් පහර දී පිහියකින් ඇන ඝාතනය කර තිබේ.
මරණකරු වයස අවුරුදු 41ක් වූ යාඉන්න කොටස, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරයේ මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
පොලිසිය සඳහන් කළේ, ඝාතනය සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු ඝාතනය සඳහා යොදා ගත් උල්පිහියක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව ය.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.










