• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදුන් වහන්සේගේ ලංකාගමනය ගැන නාසා ආයතනයේ ලංකික විද්‍යාඥයා හෙළිකරන විද්‍යාත්මක රහස්…

June 27, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
බුදුන් වහන්සේගේ ලංකාගමනය ගැන නාසා ආයතනයේ ලංකික විද්‍යාඥයා හෙළිකරන විද්‍යාත්මක රහස්…
Share on WhatsAppShare on Facebook

ආචාර්ය කාවන් රත්නතුංග මහතා සමග අද අපි කතා කරන්නේ. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක්. ඇමෙරිකාවේ පිටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙක්. එක්දහස් නවසිය අසූ ගණන්වල පටන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයෙක් ලෙස කටයුතු කරන ඔහු 2005 වසරෙදි ලංකාවට පැමිණෙනවා. විද්‍යාව පිළිබඳ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආචාර්ය කාවන් රත්නතුංගයන් සතුව බුදු හිමියන් ලංකාවට වැඩමවීම පිළිබඳ ඇත්තේ වෙනස් අදහසක්. Mee Massoo TV යූටියුබ් චැනලය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම කරුණ විද්‍යාත්මකව ඔප්පු කර පෙන්වන්නටත් සමත් වෙනවා. ඒ ගැන අපි ඔහුගේ අදහස් දැනගනිමු. එය අපි කාටත් ඉතා වැදගත් වන සාකච්ඡාව වේවි.

ඔබතුමා කිව්වා බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම පිළිබඳ නව සොයාගැනීමක් තිබෙන බව. අපි එතැනින් පටන් ගමු?

බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කරපු කතාව මහාවංශයෙ කියලා තියෙන විදිය අනුව ඒකට විද්‍යාත්මක පසුබිමක් තියෙනවද කියන එක ගැන මම හොයලා බැලුවා. බුදුන්වහන්සේගේ පළමු සහ දෙවැනි ලංකා ගමන ගැන මහාවංශයෙ කියලා තියෙනවා. පළමු ලංකා ගමන සිදුවුණේ දුරුතු පුරපසළොස්වක දවසක කියලා. දෙවැනි ලංකා ගමන ගැන කියලා තියෙනවා ඒක සිදුවුණේ අප්‍රේල් මාසෙ දවසක කියලා. ඒත් එක්කම ලංකාව සම්පූර්ණයෙන්ම අන්ධකාර කරලා, ඊට පස්සේ දීප්තිමත් කළා කියලා. ඒක සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණයක් හෝ සූර්යග්‍රහණයක් වගේ හින්දා මම බැලුවා නාසා ආයතනයේ තියෙන චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ ගැන අවුරුදු 3000ක විතර තොරතුරු එකතුව. බුදුහාමුදුරුවන්ගෙ පළමු ලංකා ගමන සිදුවෙන්නේ බුද්ධත්වයෙන් මාස 9කට පස්සේ. දෙවැනි ලංකා ගමන සිදුවෙන්නේ වසර 05කට පස්සේ. ඒ කාලවලට අදාළව මම බැලුවා නාසා ආයතනයේ වාර්තා. මට පුදුම හිතුණා ඒ වාර්තා දැක්කාම. ක්‍රි.පූ. 484 එහෙම චන්ද්‍රග්‍රහණයක් සිදුවෙලා තියෙනවා. ක්‍රි.පූ. 484 සූර්යග්‍රහණයකුත් සිදුවෙලා තිබුණා. චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන්ම ලංකාවට පෙනුණා. සූර්යග්‍රහණය නාගදීපයට උඩින් පෙනුණා. ඒ වගේ සූර්යග්‍රහණයක් ඉතා දුර්ලභයි. ලංකාවට අවසන් වරට පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබුණේ 1955. දීපවංශය ලියනකොට ඒගොල්ලො මෙහෙම සිද්ධියක් වුණා කියලා අට්ඨ කතාවෙ ලියන්න ඇති. ඊට පස්සේ ඒගොල්ලො හිතන්න ඇති කාටද මෙහෙම විස්මයජනක දෙයක් කරන්න පුළුවන් කියලා. ඒගොල්ලො කියන්න ඇති බුදුහාමුදුරුවො වගේ ශක්තියක් තියෙන කෙනකුට කියලා.

මගේ මතය තමයි බුදුහාමුදුරුවන්ගෙ කතන්දරයට එකතු කරපු එකක්. ඉන්දියාවෙ කොහෙවත් කියල නෑ ලංකාවට වැඩම කළා කියලා. ඉන්දියාවෙ බුද්ධ චරිතය සම්පූර්ණයෙන්ම ලියැවිලා තියෙනවා. නමුත් ලංකාවට වැඩම කළා කියලා සඳහන් වෙන්නේ නෑ. දීපවංශය ඉංග්‍රීසි පරිවර්තනයෙ සඳහන් කරලා තියෙන්නෙ, The Budda was seen as a stainless moon. කියලා. stainless කියන්නේ කිසිම ඉරියව්වක් නෑ කියන එක. එතැන ඒ සඳහන් වෙලා තියෙන්නේ සම්පූර්ණ සූර්යග්‍රහණයක් විස්තර කරන එකයි. මගේ යෝජනාව මේ සිද්ධි දෙකෙන් කියැවෙන්නේ බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කරපු එකක් නෙවෙයි.

නවීන විද්‍යාත්මක පරීක්ෂණ අනුව උන්වහන්සේගෙ පරිනිර්වාණය දාලා තියෙන්නේ ක්‍රි.පූ. 483ට. ක්‍රි.පූ. 543 ඒක සිදුවෙන්නම බෑ. අපි දන්නවා අශෝක අධිරාජ්‍යයා ක්‍රි.පූ. 265 තමයි රාජ්‍යත්වයට පත්වුණේ කියලා. මොකද ඒ ඉතිහාසය ග්‍රීක ඉතිහාසය එක්ක සම්බන්ධයි. ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට ආවා. ඇවිත් චන්ද්‍රගුප්ත මෞර්ය හමුවුණා. ඒ කියන්නේ අශෝකගෙ මුත්තා. ඒ අනුව බලද්දී බුදුන්වහන්සේගේ ලංකා ගමන සිදුවෙන්න විදියක් නෑ. මම ඒකට චිත්‍රයක් නිර්මාණය කරලා තියෙනවා දෙවැනි ලංකා ගමනයේදී සූර්යග්‍රහණය සිදුවූ හැටි සහ චූලෝදර මහෝදර මැණික් පුටුවට යුද්ධ කරපු එක ගැන.

ඔබතුමා කියන්නේ කාලයත් එක්ක ගත්තම බුදුන්වහන්සේගේ කාලවකවානුවත් සමග මේ අවස්ථා ගැළපෙන්නේ නැද්ද?

නෑ, මම කියන්නේ මහාවංශයෙ විස්තර කරලා තියෙන්නේ සූර්යග්‍රහණයකුයි, චන්ද්‍රගහණයයි බුදුහාමුදුරුවන්ට සම්බන්ධ කරලා. සාමාන්‍යයෙන් ඒ සිද්ධි දෙක ගැන ලියලා තියෙන විදියට බුද්ධත්වය තියෙන කෙනෙක් කවදාකවත් මිනිස්සු බය කරන්නෙ නෑනෙ.

එක්තරා ලිපියක මම දැක්කා දාඨා වංශයෙ සඳහන් කරලා තියෙනවා කියලා බුදුන්වහන්සේ අහසින් බිමට බැස්සේ නැහැ කියලා ලංකාවට වැඩම කළ අවස්ථා දෙකේදි. ඒ අනුව ඔබතුමාගෙ තර්කය බිඳවැටෙනවා නේද?

ඒ වගේ කතාවලට අපි ආසා වුණාට ඒක බුද්ධ චරිතයට පටහැනියි. ඒක කිසිම අවස්ථාවක කරන්නෙ නැති දෙයක්. අංගුලිමාලටවත් ඒ වගේ දේවල් කළේ නෑනෙ උන්වහන්සේ.

සමහර විට බුදුන්වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ චන්ද්‍රග්‍රහණය සහ සූර්යග්‍රහණය කියන මේ සිද්ධි දෙක වුණා වෙන්න බැරිද?

ඒ කියන්නේ උන්වහන්සේ මේවා දැනගෙන මෙහාට ආවා කියන එකද? ඒක පිස්සු කතන්දරයක්නෙ. බුදුන්වහන්සේ පිරිනිවන්පාපු දවසෙ විජය ලංකාවට ගොඩබැස්සා කියන කතාවත් අර කතන්දරයට ගැළපෙන්න වගේ දාලා තියෙනවා. මොකද ලංකාව බෞද්ධ ධර්මය පවතින රට කියන කතාවට ගැළපෙන්න. තුන්වැනි වර ලංකාවට වැඩම කරපු එක ගැන නම් මට කියන්න දෙයක් නෑ. ඒත් පළමු සහ දෙවැනි ලංකා ගමනයන් ගැන නම් මට කියන්න පුළුවන් ඒ දෙක සූර්යග්‍රහණයක් සහ චන්ද්‍රගහණයක් කියලා. ඒක අවුරුදු 500කට පස්සේ ලේඛනගත කරනකොට ලියන්න ඇත්තේ මේක බුදුහාමුදුරුවො කළා කියලා. 2012 ‘බුඩිස්ට් ආකියලොජි’ කියන සාර්ක් කොන්ෆරන්ස් එකට මම ඒක පෝස්ටර් පේපර් එකක් වශයෙන් දැම්මා. ඒ වගේම මම ගොඩක් රටවල ඒ ගැන කතා කරලා තියෙනවා. නමුත් සිංහල භාෂාවෙන් මේ ගැන කතා කරන්න මම කැමැති නෑ. එක අවස්ථාවක මේ ගැන සූම් සාකච්ඡාවක් කරද්දී මට හොඳටම බැන්නා. නමුත් ඉංග්‍රීසියෙන් කියද්දී ගොඩක් උගත් පිරිසක් ඉන්න නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. සෙනරත් පරණවිතාන මහත්තයා කිව්වෙත් බුදුහාමුදුරුවො ලංකාවට වැඩි බවට කිසිම සාක්ෂියක් නෑ, නමුත් මම ඒක කිව්වොත් මිනිස්සු මාත් එක්ක තරහා වෙනවා කියලා. ඔහු ඒ ගැන ලියලා තියෙනවා. මම දේශනවලත් ඒ ගැන සඳහන් කරලා තියෙනවා.

මහාවංශයෙ සඳහන් වෙලා තියෙන්නෙ සූර්යග්‍රහණය සිදුවුණේ උදේ අටහමාරට කියලා. එවැනි සූර්යග්‍රහණයක් ගැන අහන්න ලැබීම පුදුමයි.

ඔබතුමා ජේසුස්වහන්සේ සහ මේ සිදුවීම් අතර තියෙන සම්බන්ධතාව ගැනත් සොයා බැලුවද?

ඔව්. ජේසුස්වහන්සේ කුරුසියෙ තබා ඇණ ගැසූ දවසෙ හඳ රතු පැහැ ගත්තා කියලා කියනවා. ඒකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. ඒත් ජෙරුසලමට ඒක පෙනුණෙ නෑ. කාලය ලෙස සඳහන් වෙන්නේ ක්‍රි.ව. 30 පමණ කියලා. නමුත් නාසා එකෙන් ප්‍රකාශයට පත් කළ චන්ද්‍රග්‍රහණ ලැයිස්තුව බලපුවාම ඒ දිනයෙ චන්ද්‍රග්‍රහණයක් තිබුණා, හැබැයි ජෙරුසලමට ඒක පෙනුණෙ නෑ. ඒ අනුව අපට කියන්න පුළුවන් ඒක වෙන්න බැරි දෙයක් කියලා. ගොඩක් අයට චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ සිදුවෙච්ච දවස් නම් හොයාගන්න ලේසියි. ගණිතයට අනුව ඒවා හොයාගන්න පුළුවන්. නමුත් ඒක කොහෙටද හරියටම පෙනුණෙ කියන එක කියන්න අමාරුයි. ඒක නිසා වෙන්න ඇති ඒ චන්ද්‍රග්‍රහණය ජෙරුසලමෙ සිදුවුණා කියලා කියන්න ඇත්තේ.

බුදුන්වහන්සේගෙ ලංකා ගමන ගැන ඔබතුමාගෙ මේ මතය ඉදිරිපත් කළාම ගල්මුල් ප්‍රහාර එහෙමත් එල්ල වෙන්න ඇති?

ඔව්. මම මේ ගැන 2012 ලියපු ලිපියක් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත පළ කළේ නෑ. ඒ වගේ කතන්දර පත්තරවල පළකරන්න බයයි. ඉංග්‍රීසියෙන් ලිව්වාම කිසිම ප්‍රශ්නයක් නෑ.

ඔබතුමා කියන්නේ සිංහල භාෂාවත් එක්ක ගනුදෙනු කරන මිනිසුන්ව අන්දලා කියලද?

නෑ, ඒගොල්ලො තමයි මේ ගැන කුලප්පු වෙන්නේ. ජාතික රූපවාහිනියෙ ‘යථාරූප’ වැඩසටහනේදී මට මේක කියන්න ඉඩ දුන්නේ නෑ. වෙන වෙන මාතෘකා ගැන දොළොස් පාරක් විතර ගිහින් කතා කළා. නමුත් මේ මාතෘකාව ගැන කතා කරන්න දුන්නෙ නෑ. ඊට පස්සේ ‘චැනල් අයි’ එකෙන් මට ආරාධනා කළා ඉංග්‍රීසියෙන් කතා කරන්න. මම කිව්වා මම ඕනෙ දෙයක් කතා කරන්නම් කියලා. ඉංග්‍රීසියෙන් ඕනෙ දෙයක් කතා කළාට කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් මම අයි චැනල් එකේ ‘රයිස් ඇන්ඩ් ෂයින්’ වැඩසටහනේ මේ ගැන කතා කළා. කිසිම ප්‍රශ්නයක් මතුවුණේ නෑ. නමුත් සිංහලෙන් මේ ගැන කතා කළාම ගොඩක් කරදර තමා. මම එක් අවස්ථාවක සූම් සාකච්ඡාවක් කරද්දී හාමුදුරුනමක් ඒකට ඇවිල්ලා මට හොඳටම බැන්නා. සිංහලවත් හරියට කතා කරන්න බැරි, පාලි, සංස්කෘත දන්නෙ නැති කෙනෙක් මොනවද මේ මහාංවශයෙ ගැන කතා කරන්නේ කියලා බැන්නා. ඒ වැඩසටහන කරන කෙනා මාව දන්න නිසා මාව ෂේප් කරගත්තා.

ඔබතුමා ඒ ප්‍රශ්නෙට දීපු උත්තරය මොකක්ද?

මම කිව්වා විද්‍යාත්මක පදනමකින් මම කියලා තියෙන්නේ කියලා. මේක මගේ අදහසක් නෙවෙයි, මහාවංශයෙ ලියලා තියෙන දේ මම ගළපලා තියෙනවා විතරයි කියලා.

ඔබතුමා බෞද්ධයෙක්ද?

මම නිරාගමිකයි. පොලිසියට ගියාම ඉස්සෙල්ලම අහන්නෙ ජාතිය ආගම මොකක්ද කියලා. එතකොට මම කියන්නේ ලාංකික නිරාගමික කියලා. ඒ අය ඒක ලියන්න කැමැති නෑ. දවසක් මට හොඳටම බැන්නා නිරාගමිකයි කියලා කිව්වාම. මම කිව්වා මම විද්‍යාඥයෙක්, මට ආගමක් නෑ කියලා. ඒක පිළිගන්න කැමැති නෑ. ඇත්තටම දැන් නීතියෙන් මේක පිළිගන්න ඕනෙ. මම උසාවි ගිහිල්ලා මගේ ආගම මොකක්ද කියලා ඇහුවාමත් මම කිව්වේ මට ආගමක් නෑ කියලා. ඒක මගේ අයිතියක්. ඇත්තටම ලංකාවෙ ව්‍යවස්ථාවෙ කියන්නෙ ඕනෑම ආගමක් අදහන්න පුළුවන් කියලා. ඒකෙ කියන්නෙ නෑ නිරාගමික කියලා එකක් ගැන. මේක ලංකාවෙ විතරක් නෙවෙයි, එංගලන්තයෙ, ස්කොට්ලන්තයෙ පවා නිරාගමික අය ගිහින් ඉල්ලුවාම, අපට නිරාගමිකව ඉන්න අයිතියක් දෙන්න කියලා, පිළිගත්තේ නිරාගමික කියන්නේ ආගමක් විදියට. මොකද ව්‍යවස්ථාවෙ නෑ නිරාගමික කියන සංකල්පය. ලංකාවෙ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගෙන් ඇහුවා ආගම මොකක්ද කියලා. මම කිව්වා නිරාගමික කියලා. ඒ අය ඇහුවා එහෙනම් ‘අදර්’ (වෙනත්) කියලා දාන්නද කියලා. මම කිව්වා ඒක දාන්න බෑ, ඒක වැරැදියි කියලා. එහෙම නම් ‘නන්’ (නැත) කියලා යොදන එක තමයි හරි කියලා මම හිතන්නේ.

මම දන්නවා ව්‍යවස්ථාවෙ කියලා තියෙනවා බුදුදහමට ප්‍රමුඛතාව දෙනවා කියලා වගන්තියක්. ඒක බුද්ධාගම කියන එක වැරැදියි. බුද්ධ දර්ශනය කියලා කිව්වා නම් ප්‍රශ්නයක් නෑ. මොකද බුද්ධ දර්ශනය කියන්නේ ආගමක් නෙවෙයි. හොඳට ජීවත් වෙන්න අවශ්‍ය දර්ශනයක්. බුද්ධ දර්ශනය විද්‍යාවත් එක්ක කිසිම ලෙසකින් පටහැනි නෑ. මම පිළිගන්න බුද්ධ දර්ශනයෙ නිර්වාණය නෑ, පුනරුත්පත්තිය නෑ, කර්මය නෑ. ඒ සංකල්ප තුනම ආවෙ හින්දු ආගමෙන්. ‘අනිත්‍ය’ කියන්නේ ආත්මයක් නෑ කියන එකනෙ. ඉතින් අනිත්‍යත් එක්ක පුනරුත්පත්තියක් තියෙන්න පුළුවන්ද? පුනරුත්පත්තිය කියන්නේ අපේ ජීවිතයෙ මොකක් හෝ අනෙක් ආත්මයට යනවා කියන එකනේ. ඒක ක්‍රිස්තියානි ආගමේ එන ආත්මයනේ. බුදුදහමේ මුලින්ම කියැවෙන්නේ ආත්මයක් නෑ, අනාත්මයි කියලනෙ. බුදුහාමුදුරුවො කතා කළේ මේ පෘථිවියෙ කොහොමද හරියට ජීවත් වෙන්නේ කියන එකයි. ආගම් විකුණන්න බෑ බුද්ධ දර්ශනය පිළිගත්තොත්. ඒ නිසා හින්දු ආගමේ තිබුණු නිර්වාණයයි, පුනරුත්පත්තියයි, කර්මයයි ඔක්කොම බුදු දහමට පැටලෙව්වා. පටලවලා බුද්ධාගම කියන එක පටන් ගත්තා. ඊට පස්සේ දැන් බෝධි පූජා තිය තිය නටනවා. මොකද ඒකෙන් සල්ලි හම්බකරන්න පුළුවන්නෙ. බුදුහාමුදුරුවො කාලාම සූත්‍රයෙදි කිව්වනෙ කිසිම දෙයක් කියන පලියට විශ්වාස කරන්න එපා කියලා. වෙන කිසිම ආගමක් එහෙම කියලා නෑනෙ.

මගේ දර්ශනය මොකක්ද කියලා ඇමෙරිකාවෙදි ඇහුවාම බුද්ධ දර්ශනය කියලා කියන්න මම පැකිලෙන්නෙ නෑ. ඒත් ලංකාවෙ කියන්නෙ නෑ. මොකද ලංකාවෙ බෞද්ධයන්ගෙන් 99%ක් ඉන්නෙ බුද්ධාගම්කාරයො. සැබෑ බුදුදහම හොයන පිරිස ඉතා සීමිතයි.

සැකසුම – චානක ලියනගේ

SendShareShare
Previous Post

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරපු දවසේ දිනේෂ් අලුත් ජන්ද ක්‍රමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා! අස්සන් කරලා තියෙන්නේ පොහොට්ටුවයි-දේවානන්දයි විතරයි!

Next Post

AIA ඉන්ෂුවරන්ස් වෙතින් 4වන වසරටත් ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහාය…

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.