• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එපා හඬන්නට පුංචි පුතේ නුඹ නොලැබෙන මව් සෙනෙහස ඉල්ලා…

June 26, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
එපා හඬන්නට පුංචි පුතේ නුඹ නොලැබෙන මව් සෙනෙහස ඉල්ලා…
Share on WhatsAppShare on Facebook

මවු පදවිය කියන්නේ කාන්තාවකට සිය ජීවිතයේ ලැබිය හැකි උත්තරීතර පදවියක්. දරුවෙක් කුසෙහි පිළිසිඳ ගත්දා පටන් මෙලොවට බිහිකරන අම්මා කෙනකුගෙ මෛත්‍රිසහගත සිතුවිලි දෙවැනි වන්නේ බුදු කෙනකුගේ මෛත්‍රි සිතුවිලිවලට පමණක් බවයි අපි අසා තිබෙන්නේ. එදා අතීත සමාජයේ අම්මා වැරහැලි අඳිමින් දෑතේ කරගැට එනකල් වැඩ කරමින් දරුවන්ට කන්න අඳින්න දී දරුවන් පෝෂණය කළා. මේ මිහිපිට මවුපියන් ළඟ තරම් ආදරය, කරුණාව, සෙනෙහස ආරක්ෂාව තිබෙන්නේ වෙන කොතැනකද? දරුවෙක් මෙලොව එළිය දකින්නටත් පෙර සිටයි මේ දේවල් ඔහුට උරුම වෙන්නේ. මහ මුහුද කිසි දිනෙක නොසිඳෙනා‌ සේ අම්මාගේ ආදරයත් කිසිම දාක නිමාවන්නේ නැහැ.

දරුවන්ට බොහෝ ආශාවෙන් සිටියත්, දරු සම්පත් නොමැති පවුල් ඕනෑ තරම් සිටිනවා. ඒ වගේම දරුවන් බල්ලන් බළලුන් මෙන් වීසි කර දමන මවුපියන්ද අපේ රටේ ජීවත් වෙනවා. දරුවෙක්ට අම්මා තාත්තා තරම් ආදරය කරන විශ්වසනීය කෙනකු මේ මිහිපිට නැහැ. දරුවෙක් පොඩි කාලේ අම්මාගේ අතේ එල්ලිලා පස්සෙන් යන්නේ ඒ දරුවා දන්නවා ආදරය සෙනෙහස තියෙන්නේ තමන්ගේ අම්මා ළඟ විතරයි කියලා. දස මසක් කුසේ දරා මෙලොවට බිහි කළ තම දරුවාගේ ජීවිතය විනාශ කරන්න අම්මා කෙනකුට පුළුවන් බව අපි අහලා නැහැ. ඒත් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් පසුගිය 15 වැනිදා අපට අසන්නට ලැබුණා. ඒ, වත්තල ප්‍රදේශයෙන්.

පස් හැවිරිදි සස්මික ප්‍රභාෂ්වර ඉගෙනුම ලැබුවේ වත්තල හේකිත්ත ක්‍රිස්තුරාජ විදුහලේ පළමු ශ්‍රේණියේ. පුංචි සස්මිත එදා ගෙදරින් පිටවුණේ අම්මාගේ අතේ එල්ලිලා පුදුම සතුටකින්. තමන්ට ඉල්ලන ඉල්ලන දේ අම්මා අරන් දෙතැයි විශ්වාසයෙන්. ඒත් ඔහු මොහොතකටවත් හිතන්න නැතිව ඇති අම්මා තමන්ව එක්කරගෙන යන්නේ ගඟට දාන්න කියලා. ඒත් මහපොළොව නුහුලන ඒ ඛේදවාචකය සිදුවුණා. ඒ අම්මා පුංචි සස්මිකව කැලණි ගඟට අතහැර තිබුණා.

මෙලෙස එම කාන්තාව තම දරුවා කැලණි ගඟට දමා තිබුණේ වත්තල සහ හැඳල අතර පිහිටි කදිරාන පාලමෙන්. එම ස්ථානයට ඇය දරුවාද සමග අත්වාරුවකින් පැමිණ තිබුණේ පසුගිය 15 වැනි බදාදා රාත්‍රී 7.20ට පමණ බව මූලික විමර්ශනවලදී හෙළිව තිබුණා. තම දරුවා ගඟට අතහැර දැමූ කාන්තාවද පාලමෙන් පැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ පුද්ගලයකු එය දැක ඇයව බේරාගෙන මට්ටක්කුලිය මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට භාරදී තිබුණා. අනතුරව මේ බව දැනගත් ප්‍රදේශවාසීන් ඇයට පහර දීමට පවා උත්සාහ කළ අතර, හමුදා නිලධාරීන් එය වළක්වා ඇයව වත්තල පොලිසියට රැගෙන ගොස් භාරදීමටයි කටයුතු කර තිබුණේ.
පොලිස් ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම මව, හැඳල වත්තල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් බවත්, සිය දෙවැනි විවාහයේ දරුවකු ඇය මෙලෙස කැලණි ගඟට දමා ඇති බවයි. කෙසේ වෙතත් සිදුවීම වාර්තා වූ සැණින් යුද හමුදාව ඩිංගි බෝට්ටු යොදාගනිමින් දරුවා සෙවීමේ කටයුතු ආරම්භ කළද ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වී තිබුණා. ඊට දින දෙකකට පසු (17වැනිදා) දරුවාගේ සිරුර වෙන්නප්පුව වයික්කාල වෙරළ තීරයෙන් හමුවූ අතර, දරුවාගේ මිත්තණිය විසින් සිරුර හඳුනාගනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවගේ පෙර විවාහයේ දරුවකු මෙලෙස අදහස් දක්වා සිටියා.
‘අම්මයි මල්ලියි එළියට ගියා. මම ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට මට ඔරවලා එහෙමම ගියා. මුකුත් කිව්වේ නැහැ. අපි කුලියට ඉන්න ගෙදර අයිතිකාරයන්ට කෝල් කරලා කවුද කෙනෙක් මේ සිදුවීම ගැන කියලා තිබුණා. ඊට පස්සේ තමයි අපි විස්තරේ දන්නේ. අම්මා යනකොට අරන් ගියේ අම්මාගේ ස්ටික් එකයි සුදු රෙදි කෑල්ලයි මල්ලිවයි. උදේ කණ්ණාඩි හදන්න යද්දි මටත් අඬගැහුවා. ඊට පස්සේ මමත් ලෑස්ති වෙලා ආවා. ගිය සෙනසුරාදා අපේ පවුලේ රණ්ඩුවක් වුණා. ඊට පස්සේ දවස් දෙකකදි රණ්ඩු වුණේ නැහැ. අම්මා මට වඩා මල්ලිට තමයි ගොඩක් ආදරේ. පුංචි කාලේ මට පැනඩෝල් දීලා මාවත් මරන්න හැදුවා මුහුද ගාවට ගෙනිහින්. මාව පොඩි කාලේ ඉඳලා බලාගත්තේ පුංචිලා තමයි…’

අදාළ කාන්තාවගේ පළමු විවාහයේ ස්වාමිපුරුෂයාගේ සහෝදරිය පැවැසුවේ මෙවන් අදහසක්.
‘ඉස්සර ඉඳලම එයා තරහින් තමයි හිටියේ. සාමාන්‍ය විදියට ඉඳලා නැහැ. එයාට ෆිට් එක විතරයි තිබුණෙ, වෙන කිසිම රෝගයක් නැහැ. ඔක්කොම බලාගත්තේ අපේ අයියා තමයි. කන්න බොන්න කිසිම අඩුවක් කළේ නැහැ. එයාගේ මහත්තයා මැරුණට පස්සේ එයා ටිකක් වෙනස් වුණා. ඇයි මෙහෙම කරගත්තේ කියලා අපිටත් හිතාගන්න බැරුව ඉන්නෙ….’

කෙසේ වෙතත් මෙම කාන්තාව තම දරුවා ඝාතනය කරන්නට හේතුව ඔවුන් මුහුණදී සිටි දැඩි ආර්ථික අපහසුතා බව ඇය පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබුණා.

වත්තල පොලිසිය ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර, ඇයව මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා.

මෙවැනි පුංචි දරුවෙක්ට තමන්ගේම අම්මා මෙවැනි අපරාධයක් කළේ ඇයිද යන්න හැම කෙනකුගේම හිතට නැඟෙන ප්‍රශ්නයක්. එක් අතකින් මේ කාන්තාවගේ මානසිකත්වයේ පැවැති වියවුල් ස්වභාවයත්, ජීවන බර උසුලාගත නොහැකි වීමත් මේ ඛේදවාචකයට හේතුව වන්නට පුළුවන්. එසේම ඊට බලපෑ සමාජ ප්‍රශ්න රාශියක් ඇය පිටුපස සැඟවී ඇතිවාටද සැකයක් නැහැ.
මෙරට දරුවන්ගෙන් 17%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව නවතම අනාවරණ වී ඇතැයි කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගියදා අනාවරණය කර තිබුණා. අද වන විට බොහෝ දෙනකුට ආහාර වේල් තුනම ගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයක් රටේ නිර්මාණය වෙලා. බඩු මිල අහස උසට නැඟ ඇති තත්ත්වයක ගැබිනි මවුවරුන්, කිරි දෙන මවුවරුන්, කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම දැඩි අර්බුදකාරී තත්ත්වයකයි තිබෙන්නේ.

ජීවත් වීමේ අරගලයේදී අහිංසක නොදරුවන් කුමක් කරන්නද? ඔවුන් ඒ කිසිවක් ගැන දන්නේ නැහැ. එවැනි අහිංසකයන් මේ ආකාරයට ඝාතනය කිරීම අලුත් සමාජ ප්‍රශ්නයක ආරම්භයක් දැයි විටෙක සිතෙනවා. ජීවන බර දරාගත නොහැකිව දරුවන් ඝාතනය කිරීම් සහ ආර්ථික ප්‍රශ්න දරාගත නොහැකිව දිවි නසාගැනීම් රාශියක් පසුගිය කාලය පුරාම වාර්තා වුණා. මේ තත්ත්වය පිළිබඳ වහාම සොයා බලා පියවරක් ගැනීම බලධාරීන්ගේ වගකීමක්. කිරිකැටි දරුවන්ගේ පටන් මහල්ලා දක්වාම ජීවත් වීමට දක්වන්නේ එක හා සමාන ආශාවක්. ඒත් ආර්ථික ප්‍රශ්න හමුවේ ඔවුන් ඝාතනය කරනවා නම්, දිවි තොරකර ගන්නවා නම් එය අප රටේ සමාජයීය ඛේදවාචකයක් බව නොහැකියාම බැහැ. එයට විසඳුම් දීම බලධාරීන්ගේ වගකීමක්.

මවු සෙනෙහසට නිගා දෙන මෙවැනි සිදුවීම් තවදුරටත් සිදුවීම වැළැක්වීමට නම් සමාජය අදට වඩා යහපත් කළ යුතුයි. ඒ සඳහා යහපත් ආර්ථික පසුබිමක් සහ දේශපාලන ස්ථාවරභාවයක්ද රටේ තිබිය යුතුමයි. මේ මොහොතේ ඒ කිසිවක් නොමැති අපේ රට මේ ඇදී යන්නේ කවර නම් තැනකටද යන්න තීරණය කිරීම ඔබට භාරයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සංචාරක ක්ෂේත්‍රය බිමටම හාන්සි වන අවසන් දිනය ජුනි 30…! කියපු සහනෙ නැත්නම් දෙයියන්ගේම පිහිටයි!

Next Post

Thank You දස්සා…

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.