විදලු බල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් කෝප් කමිටුව හමුවේ සිදු කළ ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් වීඩියෝ පටය හෙට දිනයේදී කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා විසින් හෙට දිනයේදී මාධ්‍ය වෙත ලබා දීමට නියමිතය.
මාධ්‍ය වාර්තා කොට තිබුණේ එහිදී ෆර්ඩිනැන්ඩු මහතා පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය ඉන්දියාවට ලබා දීම සදහා බල කළ පුද්ගලයන් රැසකගේ නම් ගම් හෙළිදරව් කර තිබූ බවකි.
ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ බලා සිටිනුයේ මෙම වීඩියෝව කිසිදු සංස්කරණයකින් තොරව මාධ්‍ය වෙත ලබා දෙන තෙක්ය.
යම් හෙයකින් එහි යම් යම් කොටස් ඉවත් කර තිබුණහොත් ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් දැක්වීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් මේ වනවිට තීන්දු කොට ඇත.









